121. සිතා ශෝකවීම
1201. සිතුවත් නොකඩවා - මහත් සැපතකි සතුටකි
නිරත වන කාමය - මිහිර රා බීමටත් වැඩියෙන්.
1202. ඇලුමැති අය සිතන - දතරත් සිඳේ නම් දුක
මිහිර දෙන කාමය - කවර අයුරින් බැලුව මිහිරිය.
1203. පිවිසී සිතන්නට - සමහර විටක නො සිතයි
කිවිසෙන්ට අවුදින් - නැවැත්වෙන්නේ එයයි හේතුව.
1204. මගේ සිත නිතරම - නවාතැන වෙයි ඔහුටම
එලෙසම ඔහු සිතෙහි - මට ත් ඉඩ සැලසුනා වත්දෝ.
1205. ඔහු සිත මුරකරයි - ම සිත එහි යාමක් නැත
මසිතට නිතර එන - මුරකාර ඔහු, ඔහුට නොපෙනෙද ?
1206. ඔහු සමග පළමුව - එක්වීම සිහිවීමෙන්
ජීවත් වුනා මිස - නැතොත් ජීවත් වන්නේ කෙලෙස ද?
1207. අමතක කළා නම් - මට කුමක් සිදුවේවි ද ?
නො දත් අමතක බව - සිතන මගෙ සිත දවා ගෙන යයි.
1208. මෙනෙහිවත් අපමණ - ඔහු සිත බිඳත් නො කිපේ
පෙම්වතුගෙ කරුණා - ගුණය එපමණමත් විසාල ද ?
1209. වෙනසක් නැතැයි බිණු - පෙම්වත ඇල්ම නැතිකම
වැඩිදුරටත් සිතා - වටින මගෙ පණ කෙන්ද වැනසෙයි.
1210. අතහැර ගිය මගේ - පෙම්වතු නො දැක නිදි නෑ
හදේ ෟ ඔබ යනු මැන - සිහිනයෙන් මට ඔහු දකිත හැක.
122. සිහින කීම
1211. පෙම්වතා සැපයුව - දූතිය සමග පැමිණි
සිහිනයට කෙලෙසක - කවර සත්කාරයක් කරමි ද ?
1212. මසුන් වැනි පිය නෙතෟ - පිළිගෙන යැදුම නිදතොත්
ඉවසා සිටින බව - කියන්නෙමි මම මපෙම්වතුනට.
1213. අවදියෙහි සුවසැප - නොමදෙන පෙම්වතාණන්
සිහිනයෙන් දක්නා - නිසා රැකුණා මගේ පණ නල.
1214. සිහිනය රස කැවුණ - කම්සැප උදාකර දෙයි
සොයා දීමෙන් මට - අවදියෙහි සැප නොදෙන ඇත්තා.
1215. මා පෙම්වතාණන් - සැබවින් දුටුව පරිදී
සිහිනෙන් දුටු විටත් - රසය කාමය සැපය ගෙන දේ.
1216. අවදි බවයැයි යන - එකක් කිසිවිට නැත්නම්
සිහිනෙන් ලබන ලද - පෙම්වතා කිසිලෙසක නොහරිමි.
1217. අවදියෙහි අවුදින් - කම්සැප නොදෙන නපුරා
සිහිනයෙහි අවුදින් - ඇයි ද ? මා තව තව පෙළන්නේ.
1218. පුබුදින විට සිතට - හමුවන රස වතාණේ
නිදන විට උරමත - පිවිස අභිරමණය කරත්මැ යි.
1219. පෙම්වතා සිහිනෙන් - නො දකින්නියක් වෙයි නම්
අවදියේ සුවරස - නො දෙන්නැයි දොස් පරොස් පවසයි.
1220. සිහිනෙන් පැමිණියහු - දුටුවේ නැද්ද ගම්මු
සැබවින්ම මේ මා - අතැර දැමුණේ ය යි කියන්නේ.
123. සන්ධ්යාගමනය දැක විරහ බස් කීම
1221 එම්බා, සවස ඔබ ෟ - වේලා යුදය සරි වේ
විවාවූ වියොවුන් - පණ නසනුවස් එනු ද? ඔබ දැන්.
1222. සිහි විකල් කරවන - සැන්දෑ සමය ෟ ඔබහට
ආසිරි පතන්නම් - ඔබත් පෙම්වතු තරම් නපුරු ද?
1223. පින්න මතු වන විට - සිසිලෙන් ගත වෙවුලු වන
සැන්දෑ සමයෙන්දි - නැගෙන දුක තව තවත් වැඩි වේ.
1224. රසවතා නැති නම් - රසවත් කරන සවසක
රණ බිමට සතුරන් - පරිදි සටනට ඒවි කාමය.
1225. දහවලට මා කළ - සේවය කිමැයි නොදනිමි
මට දුක් දෙන රැයට - කවර වරදක් කළෙම් දෝ මම.
1226. මගෙ රසවතාණන් - ළඟ සිටින විට නො දනිමි
සැඳාෑ කල මනහර - විරහ දුක් වේදනා දෙන බව.
1227. අලුයම මොට්ටු වී - දහවල් කැකුල වීමෙන්
විකසිත වී සවස - නැගී යයි මේ කාම වේගය.
1228. ගොපලු බව දඩුවේ - රාවය මරණ අවියයි
ගිනි දෙන සැඳෑ කල - කැඳවනුයෙ එය දූතයාවී.
1229. පොළඹවන හදවත් - එනවිට සවස එළ ඹී
කැළ ඹී ගම් දනෝ - රාග ගින්නෙන් දුකට පත්වෙත්.
1230. යස ඉසුරු සපයන - සැමියා මෙනෙහි කරමින
අඳුරු සැන්දෑවේ - මගේ පණ නල පවා මැලවේ.
124. ශරීර ශොභාව අඩුවීම
1231. මා දුක් සිඳ දමන - අටියෙන් බැහැර යන ලද
සැමියා ගැන සිතා - දෙනෙත පැරදුනී සුවඳ කුසුමට.
1232. මැලවී කඳුලු ලන - අසරණ මගේ දෙ නුවන්
රසවතා කම් සුව - කියනු වැනිම ය නො දීමක් ගැන.
1233. වියෝවග අඩ ගා - දන්වනු වැනිය හැකිළී
මගුල් දවසේ දී - පිපී සපිරුණු මගේ උර තල.
1234. රසවතු ගෙ වියොවින් - සුසිනිඳු වටොර මැලවුනි
මහත් බව අඩු වී - දෙ අත මිණි බැඳි වළලු වැටුණා.
1235. නපුරාගේ නපුරු - ගතිය මේ යැ යි පවසයි
ලිස්සා ගෙන වැටුණ - වළලු සහ සිරි මැලවි වටොරත්.
1236. වළලු ලිස්සා යයි - උරතල යුවල හැකිළෙයි
සෝකය පළ කෙරෙමි - නපුරුයැ.යි කියනුවට දුකිනී.
1237. හැකුළුනු උරය ගැන - නපුරාට සිත මුමුණා
ආ ෟ සිතේ ෟ ඔබහට - උසස් බව ලැබෙනුයේ කෙලෙස ද?
1238. මරා මිණි වළලු - සුපැළඳි රුවැති කත ගේ
නළල සුදුමැලි විය - සසඟයෙහි අත් ඈත් කළවිට.
1239. සසඟය අතර රැඳි - සිසිලෙක් ඇතුල් වීමෙන්
අහිංසක ඇය ගේ - කුළුණුබර වූ නුවන් මැලවුණි.
1240. බැබලුණු නළල් තල - මැලවුන ගතිය රඳවා
කළ කිරියක් බලා - නුවන් සුදුමැලි බවින් කැළඹුණි.
125. හිතට ඔවා දීම
1241. විමසා ලා කිසි ම - නො කියන්නෙහි ද? බෙහෙතක්
සිතේ ෟ මේ නැග එන - නපුරු රෝගය සුව කරත හැකි.
1242. ඇලුම් නො කරන විට - රසවතා ඔබ වෙතෙහී
අ නුවණ කම් නො කර - ම සිතෟ ඔබ දුක් නො වනු මැනවි.
1243. දයාවක් නො මැතිව - දුක් දෙන්නහුගෙ හමු වේ
ජීවත්වීම් වස් - සිතා ඇයි? දුක් වන්නේ සොවගින්.
1244. සිතෟ ඔබ යන විට දී - දෙ නුවනුත් ගෙන යනු මැන
නැතහොත් මා නසයි - රසවතාණන් දකිනු රිසියෙන්.
1245. එක් වී පළමු කොට - දැන් එක් නොවන ඇත්තා
පෙම්වත් නො වේයැයි - සිතේ ෟ අත්හැර දැමිය හැකි වෙද ?
1246. අදුනත රසවතා - නො කැමතී නොවේ නම් දැක
එම්බා සිතේ ෟ ඔබ - ඇයිද? බොරුවට කිපෙනු සේ මේ.
1247. මට ඉවසිය නො හැක - කාමය හිරිය මේ දෙක
දයාබර හොඳ හිත ෟ - මින් එකක් අත් හරිනු මැනවි.
1248. සතුටින් රස නො දෙන - අය ගැන සුසුම් හෙළමින්
ලුහු බැඳන් පසු පස - යාම අනුවණ කමයි ම සිතේ ෟ
1249. රසවතා සිත තුළ - වාසය කරන කල්හිදු
කවරකු කරා ඔබ - සිතේ ෟ ලුහු බැඳ තවත් යනව ද?
1250. එක් නූන ඇත්තා - වෙනු වෙන් සිත තැවෙන්නෙත්
තවමත් ටිකින් ටික - ගතෙහි පැහැපත් ගතිය නැතිවෙයි.
126. සීමාව ඉක්මවා යාම.
1251. සීමාව නම් වූ - විළියෙන් වැසී පවතින
නැණ නමැති දොරපලු - කාම පොරොවෙන් හෙලයි සිඳ බිඳ.
1252. මැදියම් රෑ පවා - ම සිතට නො මැත නිදහස
කාමයට නැග එන - දයාවක් කිසිවිටකවත් නැත.
1253. ඉඟියක් නැතිව එන - කිවිසීමක් පරිද්දෙන්
සැඟවුවද කාමය - නැඟෙයි, නැගුණා වගෙම මතුවේ.
1254. සිත නිපන් කාමය - නො සඟවා පැතිරෙද් දී
සීමා කෙළෙමි යැයි - මම ම සිතුවෙමි, සිතා තැවුනෙමි.
1255. හැර ගිය රසවතා - ලුහු නො බැඳීම නැවතත්
උසස් ගූණයක් බව - පෙළෙන්නෝ කාමයෙන් නො දනිත්.
1256. හැර ගිය රසවතා - වෙත ගොස් එකතු වීමට
කැමැති ව සිතීමෙන් - ලැබූ දුක කොහොමද ? හොඳයි නේ.
1257. හිත කැමති තාවය - අබියස රසවතා ගේ
නැගෙන කාමුක කම - නිසා ලැජ්ජාව යැ යි නොදනිමි.
1258. සුවච වචනය ම ය - මායාකාර සොරු ගේ
උතුම් වතිතත්වය - සිඳින බිඳලන අවියවු යේ.
1259. සිප වැළඳ නො ගනිමි - යනුවෙන් සිතා පිවිසී
සිත ඇලුණු බව දැක - නැවත මායා දැලෙහි බැඳුණෙමි.
1260. හිතවතුනට හැකි ද ? - වෙන්වන්ට එක් වී සිට
වෙන්වන්ට සිතුමත් - වෙඩරු ගින්නට ළංව තැබුමකි.
127. ඔහුගේ ඊමට කැමති වීම.
1261. ගෙවන ලද්දා වූ - දිනයන් ගණන් කරමින්
ඇතැ,ගිලි ගෙවී යයි - දෙනෙත මැලවුනි අඳුරු පැහැවී.
1262. දයාබර යෙහෙළිය - අමතක කළොත් අද මා
මුදු වටොර මැලවී - පැළඳි අබරණ පවා ගිළි හේ.
1263. එය ලබන දවසෙත් - එඩිතර සිතින් ගිය ඔහු
පැමිණෙනු බලා මම - තව ම ජීවත් වීම් යන්තම්.
1264. හුරු පුරුදු රස පද - විදිමින් වෙන් වුනා වූ
රසවතා එන මග - බලා පිපුනා මගේ නෙත හිත.
1265. බලනු මැන සිත් සේ - බැලුමෙන් සුව සැන සී
මා මුදු උර තලෙහි - පැතිර ගිය සුදු මැලිය හැර යයි.
1266. සුදු මැලිය පැතිරෙන - පහවන පිණිස හැම දොස්
සැප සුව රස විදිමි - පැමිණි දවසක රසවතාණන්.
1267. නෙත සදිසි සැමියා - පැමිණෙයි ද? කෙ දිනක හෝ
එ දින නො කැමතිවෙමි - වැළඳ ගනිමි ද? දෙකම කරමිද ?
1268. සටනින් අපේ රජ - ජය ගනීවා ෟ පතමි
නිවසට පැමිණි සැමි - සමග එක් වී කෑම කන්නෙමි.
1269. ගෙවන ලද දිනයක් - දින හතක් මෙන් ගතවෙයි
ඇත ගිය සැමි එන - දිනය සිතමින් සිටින්නියකට.
1270. ලද හැකි වුවත් කීම - ලැබුණත් වන පලය කිම ?
සසග රස වින්දත් - කිම ද? ඇති පල කැඩුණු සිතකට.
128. සලකුණින් ඇඟවුම
1271 සැඟවුව නො සැඟවි - පිටවන ඉබේ නෙත.ගින්
කියන කරුණක් ඇත - ඔබේ දෙ නුවන් ඔබට රහසින්.
1272. සු සිනිඳු වටොර සහ - සිරිමත් ගතිය පියකරු
පිරිපුන් පිනැ.ත්තිය - ලැබු වනිතා ගතිය මහඟුයි.
1273. ඔප වැටුණ මැණිකෙහි - දිදුලන නූල පරිදි
මියුලැසිගෙ ලස්සන - අතර නොපෙනී පෙනුන දුක ඇත.
1274. විකසිත වන අලුත - කැකුලෙහි ඇති සුවඳ මෙන්
අහිංසක ඇයගේ - සිනාවෙහි ඇත යමක් දක්නට.
1275. පත් දුක නිමා ලන - ඔසුවක ලෙසට ගත හැක
අබරණ පැළඳි ලඳ - ඈත් වීමේ රහස සිතු කල.
1276. සිඳ බිඳ දමා දුක - සනසා කැමති කම් උඩ
සසඟ රස දෙන විට - බිඳුන කරුණා ගුණය සිහි වේ.
1277. වරා නායක ගේ - අත් හැර යාම මෙ පරිදි
මට පළමු දත්තේ - මගේ අත පැළඳුන වළලු වේ.
1278. රසවතා ඊයේ - මා හැර ගියත් නො රඳා
සිරුර සුදුමැලි විය - අහෝ ෟ දින හතකට පෙර පටන්.
1279. වළලු දෙස බැලුවා - මුදු උර තලය බැලුවා
පාද දෙස බැලුවා - ඒ තමයි එහි දී ඇය කළේ.
1280. රාගික වේදනා - පෙන්වා යැදුම නෙත.ගින්
වනිතාව සතු වූ - උතුම් වතිතත්වයැ යි කියැවේ.
129. අභිරමණය පිණිස යුහුසුලු වීම.
1281. සිතන විටෙකම මත - හා දකින විට සතුටත්
කාමයෙහි මිස වෙන - සුරායෙහි වත් පිහිටියේ නැත.
1282. නැගී එන කාමය - තල් ගස උසට වේ නම්
අමු ඇටයක තරම - නො දැක්විය යුතුය නො සතුටු බව.
1283. මා ගැන නො සලකා - කැමති ලෙස රස වින්දත්
සැමියාණන් නො දැක - නො සැනසෙන් මැ යි මගේ දෙනුවන්.
1284. රස එපා කීමට - ගිය මුත් යෙහෙළියේ මා
එ පවත් අමතකව - ගියෙමි සහ වාසයට ඔහු හා.
1285. බැම මත ලතු උලන - පින්සල නුදුටු නෙත මෙන්
සැමියා දුටු අතර - වුනා අමතක නිගා නින්දා.
1286. නො දැකින විට හිමී - නො දකිමි කවර නිවරද
වරද වුව නො දකිමි - දකින කල නිවසෙහි සිටිද්දී.
1287. කිඳෙන බව දැන දැන - දියකට පනින්නකු මෙන්
විරුදුව තම සිතට - කලකිරෙණු ඇයි ? මුසාවක් නේ ෟ
1288. රහ මෙරෙන් මත් වූ - කෙනෙකුට සුරාවක් මෙනි.
කළත් අමිහිරි දෑ - පපුව සැප සුව ගෙනෙයි ඔබගේ.
1289. කුසුම් අබිබවමින් - මුදු බව ගනී කාමය
එහි මිහිර ඇති සේ - ලබනුයේ ටික දෙනෙකි ලෙව්හි.
1290. නෙත.ගින් කලකිරී - කැළඹුණි සිතා මනැ.සින්
රස සසග සැපයට - මට වඩා ඕ තොමෝ කැමතියි.
130. සිත සමග කලකිරීම
1291. ඔහු සිත ඔහුගෙ ලඟ - පවතින නිසා නියතින්
සිත ෟ කිමද ෟ ඔබ ඇයි ? - දුකට මගෙ ලඟ නො සිට යන්නේ.
1292. එක් නොවන ඇත්තා - දුටු විට පවා පිය යැයි
සිතා එක් වීමට - අනේ ෟ යන්නේ කිම ද ?
මා හැර.
1293. මිතුරන් නැති පරිදි - අ සරණ දිළිඳු අයහට
සිත ෟ ඔබ කැමති ලෙස - යන්නෙ ඇයි ?
ඔහුගේම පස්සේ.
1294. එම්බා ෟ සිත සමග - සිතනට හැකිද ? නො හැකිය.
නිතරම කලකිරුණු - සිතට රස සුව විඳුම උගහට.
1295. නො ලැබුම ගැන බියයි - ලැබුණොත් වියොව බිය දෙයි
එහෙයින් මේ දෙකම - නො කඩවා දුක් දෙවයි ම සිතට.
1296. සැමියා ගෙන් වෙන්ව - තනිවම සිටින කල්හි
සිතුවිලි නැගීමෙන් - ම සිත මා කන්ට මෙන් සැරසුනි.
1297. ඔහු අමතක නො කළ - හැකි මගේ මෝඩ සිතට ම
එක්වුන මා කෙරෙන් - ලැජ්ජාව අමතක වීය දැන්.
1298. නින්දා අපහාස - නීවැ. යි සිතා ඔහු ගුණ
සමරයි හිත ඇතිව - කැමති සිත මා පණට පමණක්.
1299. තම සිත තමාට ම - පිහිටක් නො වූයේ නම්
කවරෙක් පිළිසරණ - වෙයි ද? විපතක් පැමිණි කල්හි.
1300. තම සිත තමාට ම - නෑ දෑ කමක් නැති විට
නෑ දෑ නොවන්නෝ - කෙලෙස හිතවත් වෙත් ද ? තමහට.
131. ව්යාජ කලකිරුම
1301. ඇතිවන දුක ඔහුට - බිඳකුත් දැකුම් සඳහා
කලකිරවම් සිතා - වැළඳනොගෙනම් බලමු නෙතඟින්.
1302. කලකිරුණු රාගික - ලුණු සෑහීම සම වේ
එය දික්වීම නම් - ටිකක් ලුණු වැඩි වීම් වාගෙයි.
1303. වැළඳ නො ගැනීමත් - තමා ගැන කලකිරුණිය
දුකට පත් කෙනකුට - තවත් දුක් දීමට දෙවැනි නැත.
1304. මුල සිඳ දැමුම මෙනි - මැලවුණු කොසොල් වැල් හී
මඳක් කලකිරුණකු - නො සැනසීමෙන් වනස ගෙන දේ.
1305. සැප රස සුව පහස - දෙන සැමියන්ට ලස්සන
සිත්හි කල කිරුමයි - මල් සදිසි නෙත් ඇත්තියන්ගේ.
1306. කලකිරුම අඩු වැඩි - වීමත් කාමයෙහි දී
බෙරි ගෙඩිත් අමු ගෙඩි - කෑම මෙන් රස නී රස ඇති වේ.
1307. සහවාසය කැමති - දික් වේ දෝ නො වේ දෝ
කලකිරුම ඔස්සේ - සිතට ඉමහත් දුකක් පැමිණේ.
1308. බිරිය දුක්වන බව - දැනගත් රසවතාණන්
ඇය නො සනසා නම් - කිමද ? සිත දුක්වීමේ ඇති පල.
1309. සිහිල් සෙවනෙහි දිය - සිසිලක් ගෙනෙන පරිදී
පෙම්වතුන් කෙරෙහි ම - මිහිරි ම ය බොරු කලකිරීමත්.
1310. පෙන් වූ නො කැමැත්ත - සැප දී නොසනසන්නා
සමඟ එක්වීමට - ම සිත අ පමණ කැමති වේ මැ යි.
132. ව්යාජ කලකිරුමෙහි සියුම් බව.
1311. පොදුවේ සතුටු වෙත් - සැමි දුටු සැම දිගැසක්
එ නිසා ඔබ පපුව - වැළඳ නො ගනිමි ඔබයි, පොදුවා ෟ
1312. සිත ඇදගනු පිණිස - කිවිසීමි ආ වඩනට
වන් කලකිරීමෙන් - ඈ මුදනුවස් ගෙන කතාවට.
1313. මල්දම පැළඳුවත් - කිපේ ෟ ඒ ගැන සරොසව
පෙම් කළ එකියකට - පෙනෙන්නට පැළඳුවා කියමින්.
1314. කවුරුනටත් වඩා - පෙම් කරමි යි කියන කල
තව තව කල කිරුණි - කවුරු කවුරුන්ට ද ? කියාලා.
1315. මේ අත් බැව්හි දී - වෙන් නො වෙමි යී කියන විට
නෙත කඳුලින් පිරුණි - සිතා එන අත් බැවෙහි කොහොමද ?
1316. සිතුවෙමි කියන විට - අමතක කළා දැ යි මා
කල කිරෙයි නොවැළඳ - නිපන් සැප සුව නො මග හරවා.
1317. කොහේ කවුරුන් දැ යි - සිහිකරවනු ලබන්නේ
කිවිසුම් නිසා යලි - ආ වඩයි මේ හඩයි වැළපෙයි.
1318. ඔබ යෙහෙළියන්ගේ - සිතුම් මට සඟවන්ට ද ?
යට කළේ කිවිසුම් - කියා ඕ තව තවත් හැඩුවා.
1319. තමා සනසන විට - වුව මියුලැසිය කිපුනේ
ඔබ අනිකුත් ලඳුන් - මෙසේ සනසනු ඇත කියාලා.
1320. නොයෙකුත් යෙහෙළියන් - මට සම වෙතැ.යි සිතමින්
මා දෙස බලනවා - නො වෙද කියමින් කෝප වෙනවා.
133. ව්යාජ කල කිරීමෙන් පසු ඇතිවන ප්රීතිය.
1321. ඔහුගෙ අත වරදක් - නැතිවත් බොරු වැරදි ගෙන
පසුවනු ඇයි ?
බිරිය - ඔහුගෙ රස සුව ලබනු සඳහා.
1322. නො කැමති බවෙහි දී - දිසිවන තරහ සුළු දොස
රස පහස නුදුනත් - පසුව වැඩි වැඩි රසය ගෙන දේ.
1323. සිත ඇත්තවුන් හට - ගොඩ දිය එක් වීම වැනි
බොරු නො කැමැත්ත සම - ඇද්ද වෙන දෙව් ලොවක් කොතැනක.
1324. වැළඳ ගැන්මෙන් පසු - බොරු කලකිරුම් පෙන්වා
වෙන් වීම මා සිත - කඩන අවියක් වැන්න සැඟවුනු.
1325. වරදක් නැතත් තම - මියුලැසගෙ මුදු උරයෙන්
වෙන්වීම සැපවත් - නැවත එක් විය හැකි නිසාවේ.
1326. කෑමෙන් පසු කෑම - දිරවීම සතුටක් බඳු
සසඟයෙහි බොරුවට - කලකිරීමත් සතුට ගෙන දේ.
1327. කලකිරිමෙහි දී - පැරදුන හිත කැමැත්තා
දිනුව අය නම් වෙති - දිසේ කම් රස විඳින කල්හි.
1328. නළල දහඩිය ලා - ගෙන දුන් රසය නැවතත්
කලකිරීමෙන් පසු - කෙසේ කව දා ලබන්නෙම් දෝ.
1329. ඕ කලකිරේවා ෟ - තව තව රස විඳිත හැකි
දික් වේවා යි රෑ - යදිමි යැද යැද රස විඳින්නෙමි.
1330. කාමුක රසය දෙන - බොරු කලකිරුම සැපදෙයි
එයට වැඩි සැපතකි - දෙදෙන හිතැතිව කරන රමණය.
No comments:
Post a Comment