71.
සලකූණෙන්
දැන
ගැනීම
701. වදනක් පිට නො කර - සලකූණු බැලු පමණින්
පිටත මෙන් ඇතූළත - හැඳින ගන්නා ලොවට අබරණ.
702. සිතූව දැය සැක හැර - දැන හැඳින ගත හැකි වූ
වියතූන් නැණවතූන් - සමව දෙවියන් සදා සලකන්.
703. වත නමැති කැඩපත - දුටු පමණකින් සිත්හි
ඇති අයුරු දත හැකි - අයට තනතූරක් දී ගනු මැන.
704. අදහස් දකින්නෝ - සලකූණු අනුව වත ගත
සිරුරෙන් සමානයි - එහෙත් දැනුමෙන් අසමාන වෙත්.
705. සලකූණින් අදහස් - ගන්නට නො දත් දෙනු වන්
මුහුණෙහි තිබෙනු මිස - කූමන පලයක් දුනිද ? කෙනෙකූට.
706. ලඟ හෙබෙන දැය මේ - පෙන්වන පලිඟූවක් සේ
සිතෙහි ඇති දැඩි වන - ගූණය පෙන්වයි මුහුණ හැමවිට.
707. සතූට හෝ අසතූට - මේයැ යි හැඳින්වීමට
මුහුණටම මිස වෙන - කවර අඟෙකට දැනුම ඇද්දෝ.
708. සිතූ දෙය මුහුණින් - ගත හැකි ඇමතියන් ලද
රජු උන් ඉදිරියේ - මුහුණදීම ම පමණවනු ඇත.
709. සතූරු සුමිතූරු බව - දෙනුවන කියයි නිතරම
දෙනුවනින් අදහස් - ගැනුම දතූවන් ලදොත් පමණක්.
710. තමන් නැණවත් යැ යි - කියා ගන්නා මැතිවරු
අනුන් මනිනා මිමි - ලෙසට ගන්නේ තමා නෙතූ යුග.
72.
සභාව
දැන
ගැනීම
711. සු පිරිසිදු පැහැදිලි - වදන් මාලාවෙන් හෙබි
සබා තතූ දතූවන් - හොඳින් විමසා කතා කළයුතූ.
712. කතා කරනා විට
- එන වැරදි විමසා දැන
නිවැරදිව කිවයුතූ - බස් වහර දත් උගත් පඩුවන්.
713. නො දැන සබයෙහි තතූ - කතනය කරන්නන්හට
හැකියාව සමගින් - උපන් බලයත් නැතිව යාවි.
714. අබිමුව නැණැතියන් - හැසිරිය යුතූය නුවණින්
විමතියන් හමුවෙහි - තැනට ගැලපෙන අයුරු හැසිරෙන්.
715. නුවණැතියන් අතර - පළමුව කතා නො කරන
ගතියම උසස් වේ - සැම හොඳකම් වලට වැඩියෙන්.
716. දැන උගත් නැණවත් - උසස් උතූමන් හමුවේ
වැරදි ඇති වීම ත් - තත්වයෙන් පහතට වැටීමකි.
717. නිවැරදි දැනුම් ඇති - බලවත් උගත් උතූමන්
අතර උගතූන්ගේ - උගත්කම තව තවත් බබලයි.
718. විමසන නැණැතියන් - ඉදිරියෙ කරන කතනය
පැල වැඩෙන කොටුවට - සිසිල් දියවත් කිරීමත් මෙනි.
719. එඩිතරව කතනය - කරනුන් උසස් සබයෙහි
පහත් සබයෙහි කිසි - විටෙක කතනය නො කළ යුතූ වේ.
720. තම ගණයට නො මැති - වුන් මැද කරන කතනය
අපිරිසිදු මිදුලෙක - විසීකරනා අමාවක් මෙනි.
73.
සබා
භය
නැති
බව
721. පැහැදිලි වදනැති - පරම අදහස් ඇත්තෝ
වියතූන් සබා මැද - වැරදි ලෙස නො කෙරෙති කතාවක්.
722. අබිමුවෙහි උගතූන් - ඔවුන් අනුමත වන ලෙස
කතනය කෙරෙන්නෝ - උගතූනැ යි යෙති උගතූන.තරෙහි.
723. සටනෙහි දී නො බියව - මිය යන අය බොහෝ වෙත්
සබයට බිය නොමැති - ගතිය ඇත්තෝ අල්ප වෙත් මැයි.
724. වියතූන් ඉදිරියෙහි - එකඟව කතා කරමින්
තමනට වැඩි උසස් - අයගෙ අදහස් ගැනුම යුතූ වේ.
725. බිය නොවී සබයට - පිළිතූරු දෙන්ට නිසිලෙස
තකූ සතර ඈ දෙස - උගත යුතූවේ පිළිවෙලින් දැන.
726. බිය සුලු අයට කග - කූමටද ? සටන් බිම වන්
උගත්කම කූමටද ? - උගත් සබයට බිය වදී නම්.
727. සතූ වූ උගත්කම - සබයට බිය වදින්නකූ
නපුංසකයා අතට - ලෙලෙන කඩුවට දෙවැනි නොම වේ.
728. සබාවට බිය වන - උගත්කම් ඇති සමහරු
නුගතූනට වඩා - අදම වෙත් මැ යි නැණින් බැලුවිට.
729. උගතූන් සබා මැද - එකඟව කතා නො කළොත්
සිප් සතර නොයෙකූත් - උගත්මුත් ඉන් පලක් නොම දේ.
730. සබයට බිය වැදී - දැන උගත් දෑ නො කියන
සමවෙති මළවුනට - සදා ජීවත් වුවත් සමහරු.
74.
රට
731. සරු සාර කෙත් වත් - දනයත් උගත් උතූමන්
මේ සියල්ල එක්වන - තැනය නිතැතින් රටක් වන්නේ.
732. අපමණ යස ඉසුරු - ඇමදෙන කැමති වන මෙන්
වනසක් නැති පෙදෙස - රටය අටුකොටු වියෙන් පිරිපුන්.
733. කොතරම් බරක් වුව - උසුලා රජුට අයබදු
පහසුවෙන් ගෙවනට - හැකි ය රටකට නියම පරිදි.
734. සතූරු බිය සා ගිනි - නො නවතින ලද රෝ දුක්
එක් නොවී පවතින - තැනත් රට යනුවෙන් හැඳින් වේ.
735. වියවුල් ඇති කරන - සාමාජික කොටස් නැති
මැරවරයන් නොමැති - රජුන්වන් තැන කියති රටයයි.
736. වන පාඩු නො දැනෙන - පරිදි නිතරම වැඩිවන
ඉසුරුත් සහ උසස් - පැවතූමක් ඇති වනුයෙ රටකයි.
737. ළිං පොකූණු වැව් දිය - නො සිඳෙන පිරෙන වැසි ඇති
ගලන ගඟ කඳු හෙල් - පිහිටි බලකොටු රටක අංගයි.
738. වී සහල් යසිසුරු - සම්පත රෝග නැතිබව
රැකවරණ යන පස - රටක අබරණ නමින් හැඳිනේ.
739. වෙහෙසක් නැතිව දැන - උපයනු ලැබුනෙ රට නම්
රට නොවෙයි වෙහෙසව - ඉසුරු සම්පත් උපයවන රට.
740. සැනසුම් සුව පහසු - නො ලැබේ නම් රජුන්ගෙන්
ලැබුණත් පල නොමැත - වෙනත් සැනසුම් නිරායාසෙන්.
75.
බළ
කොටුව
741. ඉතාමත් ඇවැසිය - බලවතූනටත් කොටුවක්
තම රුපුනට බියව - රැකෙන වුවටත් එය ඇවැසි වෙයි.
742. පාලු බිම කන්දත් - වනයත් නිමල ජලයත්
සෙවන යන මේ ගූණ - රැඳුන තැන බලකොටුව විය යුතූ.
743. උස මෙන් පළල ඇති - බලමුළුව රැඳියැකි වූ
ළං වීමට නොහැකි - කොටුව කොටුවැයි නිගමනය වේ.
744. රැක්මෙන් කූඩා වූ - එහෙත් ඉඩකඩ ඇතිවූ
එන සතූරු බල බිඳ - දමන්නට හැකි මෙබඳු කොටුවෙන්.
745. අල්ලා ගත නොහෙන - ඇතූළත සෙබළ මුළුවට
අහරත් ඉඩත් ඇති - කොටුව සැමවිට දිනුම ගෙන දේ.
746. යස ඉසුරු සම්පත් - සහ බල බිඳ වැටෙන විට
තිර ලෙස උදව් දෙන - වීරයන් කොටුව තූළ විය යුතූ.
747. වට කර හෝ නොකර - කපමින් උමං දෝනා
මේ කොයි ලෙසින් වුව - ගැනුම් උගහට විය යුතූයි කොටු.
748. තමා සහ කොටුවත් - පිරිසත් රැකවරණය වී
වටලන සතූරු බල - මුළුව කොටුවෙන් පැරද විය යුතූ.
749. අරඹන විට සටන් - සතූරන් පැරද වීමට
හැකි හැම උපා දත් - වීරයන් විය යුතූය කොටුවේ.
750. සටනෙහි හුරු පුරුදු - සෙබළ හමුදා නැත්නම්
කෙතරම් හොඳ නමුත් - කොටුව පල දෙන බවක් නොපෙනේ.
76. ධන ඉපයීම
751. ගරුබව නොමැත්තන් - ගරුබව ඇතියවුන් ලෙස
කෙරෙනුයේ හැමවිට - දනය මිස අනිකක් නොවේ මැයි.
752. පහත් කර දිළිඳුන් - හැම දෙනම හැම තන්හී
දන වතූනටම ලොව - ගරු කෙරේ හැම තැනම හැමදා.
753. දනය නම් නොනිමෙන - පහන දැල්වෙන කල්හි
සිතූ හැම රටකම - පැතිර ගොස් රුපු අඳුර බිඳලයි.
754. දැහැමින් ලත් දනය - කම් පල අනුව ඉපයූ
දහම දෙයි සැප දෙයි - නිවැරදිව ඉපයූ නිසාවෙන්.
755. ආදරය කරුණා - මේ දෙක සමග නො පැමිණි
යස ඉසුරු සම්පත් - ලැබුන තැන පලවා හරිනු මැන.
756. වග කියයුතූ අයෙක් - නැති දනය සහ අයබදු
සතූරන් පරදවා - ලබන දනයත් රජුන් සතූ වේ.
757. ආදර නමැති මව - කරුණාව නම් දරුවා
බිහි කළත් දන නම් - සේවිකාවන් විසින් වැඩුනේ.
758. අනතූරක් නොමැතිව - අපහසු කිසිත් නො ලබන
හෙලට නැග ඇත් පොර - බලන මෙන් දන ඉපයුනා වේ.
759. සපයනු මැන දනය - අපමණ නමුත් වෙහෙසී
සතූරනගෙ එඩි බිඳ - දමන අවියත් එයම විය හැක
760. දැහැමින් සෙමෙන් දන - සපයන වුනට කවදත්
දහමත් සැපත් දෙක - ලැබෙනු නියතයි නිති පහසුවෙන්.
77. යුද හමුදා මහිම
761. ඇත් අස් රිය සමඟ - පාබල පබල හමුදා
රජුන් සතූ සයිසුරු - සෑම දැයකට වඩා අනගී.
762. පරදින විට පවා - සටන් පහරට නො බියව
ඉදිරියට යන ගති - පරපුරින් එනවුනට මිස නැත.
763. සතූරු මීයන් රැළ - සයුර මෙන් හඩ නැගූවත්
නයා පෙන උස්සා - වරක් පිම්බොත් එයින් වැනසෙත්.
764. නො පැරදී නිද්රොභි - පරපුරින් වන් බිය නැති
පුගූලෝම විකූමැති - පබලවූ හමුදාව වේවි.
765. යමයා එරෙහි වී - ආවත් පෙරට පැනගෙන
විය යුතූය බලයක් - එක්ව පෙරමුණෙහි සිටිනට හැකි.
766. විස්වාසවත් බව - මානය වීරතාවය
නිපුණකම මේවා - රැකවරණ වෙයි පිණිස හමුදා.
767. සටන් බිම ඉවසා - පෙරමුණ ගන්න හමුදා
එන ගැටළු වළකා - ඉදිරියට යති වීර හමුදා.
768. වීරබව ඉවසුම - රහිතව වුවත් හමුදා
තිබීම ම රටකට - අනගි ලස්සණ ලෙස පෙනේ වී.
769. සුළුබව දිළිඳුකම - කටයුත්තෙ අකැමැති බව
නැත්නම් හැමවිටම - දිනති සේනාව බලවත් සේ.
770. තිර විකූමැති වීර - අපමණ වුවත් සෙබලුන්
නායකයන් නොමැති - හමුදාව පසු බසිත් පැරදී.
78. හමුදා වීරත්වය
771. සතූරුව ඉදිරියේ - සිටි අය ගලෙහි ලියැවුණි
මගෙ නායකතූමන් - හමුවෙ නො සිටිය යුතූයි සතූරනි.
772. ඇතූට ඇන වැරදුන - වේලායුදය ගැනුමත්
කැලෑ හාවට විදි - ඊය ගැනුමට වඩා වීරයි.
773. සටන් බිම එඩිතර - බවම සටනට දිරියයි
එම දිරියට අවිය - වැටුණ වුන්හට කූළුණු වැඩුම යි.
774. අතෙහි රැඳි වේල වි - ඇතූ සහ යවා ආපසු
එන මඟ සිරුරෙ ඇති - වේල ගලවා බලා හිනැනේ.
775. හැරුණු නෙත ලක්කොට - එවන වේල.වි දකිමින්
තම නෙත පියවිම - පාඩුවයි විර වරයන්හට.
776. කැපුන තැන් සිරුරේ - වැඩියෙන් නො ලත් දිනයන්
සිස්ලෙසට සලකයි - වීර විකූමැති යෝද සෙබළා.
777. පැතිරෙන යසස දැක - පණනල පවා නොතකන
සෙබළා ගෙ පය බැඳි - වීර සලඹක ලකූණ විය යුතූ.
778. සටන් බිම බය නැති - විකූමැති වීර සෙබළෝ
රජු කිපුනත් තරේ - තමා සතූ හොඳ ගතිය නො හරිත්.
779. දිවුරුම් කඩ නො කර - රණ බිම වැදි මිය ගිය
වීර සෙබලුන්හට - කවුරු කරති ද ? නිගා නින්දා.
780. නායක නෙත කඳුලු - පුරවා මළොත් සෙබළෙක්
එබඳු වූ මරණය - ගැනුම අනගියි. වටියි. නම්බුයි.
79.
ස්නෙහය
781. පහසු නැත සෙනෙහස - ඇති කර ගැනුම මුලදී
ඇම කිරියම රැකෙන - වෙනත් රැකවරණයක් ඇති වේද ?
782. ගෙවෙන හඳ වැනි වෙයි - නුනුවණයන්ගෙ සෙනෙහස
උගතූනගෙ සෙනෙහස - වැඩෙන සොමිසඳ පරිද්දෙන් වෙයි.
783. ඉගෙණුමක් පාසා - සතර නැණ පල දෙන මෙන්
පුරුද්දක් පාසා - ගූණවතූන් සෙනෙහස වැඩේවි.
784. වරද දුටු තැනදී - ඉදිරිව ඔවා දීමට
විනා සිනැහීමට - නොවේ සෙනෙහස ජනිත වූයේ.
785. සෙනෙහස නැඟීමට - ඇඟීම ම බලවත් වේ
එක්ව හැසිරීමත් - පුරුදුකම් උවමනාවෙක් නැත.
786. සිත සතූටුව යහලු - වීමයි සෙනෙහෙවත්කම
මුහුණෙහි සිනාවම - සෙනෙහ බැඳුමට ලකූණු නොම වේ.
787. වන් විපතින් මුදා - සැපතට යවා නැවතත්
විපතෙහි දී එක්ව - දුක් විඳින්නේ නිසා සෙනෙහස.
788. ඇඳුම ලිස්සා ලා - වැටෙන විට යන අත් මෙන්
විපත් පැමිණෙන විට - ජනිත සෙනෙහස දිවෙයි එතැනට.
789. සැමවිටම නිසැකව - විපතෙහි උදව් කළ ගති
සෙනෙහස උසස් තැන - තිබෙන බව පෙන්වන නිදසුනකි.
790. මට මොහු මෙබඳුය යි - මම මෙබඳුය යි මොහුටත්
කියන පැසසීමෙන් - සැලේ මැලවේ උපන් සෙනෙහස.
80.
ස්නෙහය
පිරික්සීම
791. යහලු වීමෙන් පසු - යලි අත්හළ නො හැක්කෙන්
අන් වරදක් නොමැත - නො විමසා යහළු වීමට සම.
792. සැමලෙස නො විමසා - බැඳි සෙනෙහසින් කෙළවර
කරදර ගැහැට මැද - ගෙනා පණ නල පවා නැතිවෙයි.
793. පවුලත් නෑ සියන් - ඇති වරද ගූණයන් හැම
දැන හැඳින විමසා - බැඳිය යුතූම ය බඳින සෙනෙහස.
794. නිගාවට බිය ඇති - උසස් පවුලක ඉපදුන
බලවතූගෙ සෙනෙහස - යමක් දීමෙන් ගැනුම සෑහෙයි.
795. වරදක් දුටුව තැන - ඇඩවීමෙන් ඔවා දෙන
නීති දත් බලවත් - අය සොයා සෙනෙහස බදිනු යුතූ.
796. තමහට හිඟවීම - එක් අයුරකින් හොඳ වේ
යහලුවන්ගේ ගති - මනින මිම්මත් එවිට ගත හැකි.
797. හැර දැමුව සෙනෙහස - නුනුවණ නුගතූන්ගේ
මහා ගූණයක් මෙන් - කෙනෙක් ලාබය ලබත් එනයින්.
798. නො සිතන්න සැමවිට - සැපතක් නො දෙන කටයුතූ
විපතෙහි අත් හරින - අයගෙ සෙනෙහස හැරිය යුතූවෙයි.
799. විපත දැක පැමිණි - සෙනෙහස අත් හරින්නා
පණ යන විට පවා - මතක් වීමෙන් සිත දවනු ඇත.
800. නිවැරදි නිදොස් ඇම - යුතූ සෙනෙහසින් බැඳුම ම
යස ඉසුරු දී හෝ - නො සමයන් සැම පිටු දකිත්වා.
No comments:
Post a Comment