91. බිරියට යටත්වීම
901. උසස් පල නො ලබති - බිරිඳට යටත් වන්නෝ
කිරියට කැමති දන - කැමති නොමවන වනත් එය වෙයි.
902. දම් අරුත් යන දෙක - නො රකින දනන් බිරිඳට
ලැදිව ලත් යසිසුරු - ගෙනෙයි ලජ්ජාව දිවිහිමි කොට.
903. බිරිඳට යටත්වුන - නො සැබියාවෙන් හැම විට
ලැජ්ජාව ගෙන දෙයි - ලෙව්හි සුදනන් අතර සැම දා.
904. බිය වදින බිරිඳට - පසු අත් බැව පහත්වන
දදුනගෙ පාලනය - උසස් නො මවේ කවර කලෙකත්.
905. බිරිඳට බිය වදින - පුඟූලා සැම විටකම
සුදන වැඩ සඳහා - යමක් කරනට බියෙන් පසුවෙයි.
906. රාගික ඇලුම් ඇති - බිරිඳට බිය වදින්නෝ
දෙවියන් මෙන් විසුව - නමුත් නො ලබති උසස් බවකූදු.
907. බිරිඳගේ මෙහෙවර - කිරියයන් කර හැසිරෙන
ගැහැනු බව උත්තම - පිරිමි බවටත් වඩා විලි ඇති.
908. බිරිඳට කැමති ලෙස - හැසිරෙන දනෝ සැමවිට
මිතූරු අඩු ලුහුඩුව - නො සපුරති හොඳ කිරිය නො කරති.
909. දහමත් කාමයත් - යස ඉසුරු ඈ නොලබති
මෙහෙවර කළවුනට - බිරිඳ අනුගමනය කිරීමෙන්.
910. විමසංන බුද්දිය - පුලුල් ලෙස ඇති දනහට
දදකම් නො මැතිවේ - බිරිඳ හා එක්ව ඇතිවන ලද.
92. පොදු ස්ත්රිය
911. යස ඉසුරට කැමති - ආදරය නො කැමති වූ
පොදු ලඳුන් තෙපලන - මිහිරි වදනත් පහත් බව දෙයි.
912. පලයම බලාගෙන - පියකරු වදන් තෙපලන
යහ ගූණ නැණ නො මැති - ලඳුන් හා එක්විම නො කරන්.
913. දනයට වහල්වූ - පොදු ලඳුන් හා සසගය
අඳුරු කාමරයෙක - මළ කඳක් වැළඳ ගැනුමට සම.
914. කූළුණ ම දනය ලෙස - සලකන නුවණ ඇත්තෝ
දනය ම හිත කැමති - ලඳගෙ සුළු සැපය නො ගනිත් මැයි.
915. විමසංන බුද්දිය - පුළුල් වූ නැණවත් දන
දනයට හිත කැමති - ලඳුන් ගේ සුළු සැපය නො ගනිති.
916. ගූණ නුවණ ඇත්තෝ - යහ ගති පතූරුවන සුලු
සැරසී අබිසරුවන් - වැළඳ ගැනුමක් නොම කෙරෙත්මය.
917. නැණ මඳ දද දනෝ - පිරුණු පැහැදිලි සිත් නැති
සසඟය රුති කරත් - ලඳගෙ යසිසුරු හිත කැමතිවූ.
918. දුර දිග දැකූම් නැති - විමසිලි රහිත දදුනට
මායමික අබිසරු - ලියන් සසගය මලවියා වෙයි.
919. සසඟ රස හිතවත් - සැරසුන අබිසරුන් නම්
නීච නුනුවණ දන - එරෙන මඩවලවල් සමානයි.
920. සුරාවත් සුදුව - දෙ සිතැති ලඳුන් මේ ඇම
සබැඳිව කල් ගෙවුම - ඉසුරු නැති විමට හේතූ වේ.
93. සුරා පානය නො කිරීම
920. හැමවිට සුරායෙහි - ඇල්මෙන් බැඳුන ඇත්තෝ
නො සැලකෙත් සැමදා - සුදන පැසසුම් පවා නො ලබත්.
922. වැරදීවත් සුරා - පානය නො කළ යුත්තකි
පානය කළේ නම් - ලද නො හැකිවේ සාදු සැලකිලි.
923. බිහි කළ මව පවා - පිළිකූල් කළෝ නම් ඇයි ?
සාදුන් ඉදිරියේ - සුරා මතයෙන් ලබනු නින්දා.
924. සුරාවෙන් මත්වූ - ඒ සා මහත් වරදට
සිරිකත විලි වැදි - පලා යෙයි පිටු පෑම නියත යි.
925. තම දනය වැය කර - සිහි නැති බව ලබත් නම්
එ මඟින් වන පලය - කිම ද ? විමසිලි වන්න මුලදී.
926. නින්දෙහි වැද සිටින - අය මළවුනට සම වෙත්
එ පරිදි ම රා බොන - දන ද වස බොන්න නට සම වෙත්.
927. සුරාවෙන් නිරතූරු - මත්වන්නන් ගෙ ගති දත්
ගම් වැසියෝ ඔවුන් - සිනාවට ලක් කරත් ඇමදා.
928. රා බී මත්වීම - නො දනිමි කීම අත්හරු
සිතෙහි සැඟවුනු දැය - මුවෙන් පිටවෙත් නො දැනුවත්වම.
929. දිය තූළ වන් කෙනකූ - ගින්නෙන් පුළුස්සන මෙනි
මත්වූ දද දනට - ඔවා අනුසාසනා දීමත්.
930. මත්වූවකූ බලා - සිහි ඇති අතර සිතූවොත්
බිමෙහි ඇති වරද - නො පෙනේද රා බොන දනන්හට.
94. සූදුව
931. නො කැමති විය යුතූය - සුදුව දිනිය හැකි වුව
දිනුව දැය සම වේ - බිලිය සමගින් ගිලූ ඇමකට.
932. සියයක් නැති කරන - දිනුමක් පිණිස සිතමින්
දිවි ගෙවුමක් ඇද්ද ? - සුදු කරුවන් ලබන යහපත්.
933. දනය ගොස් අනුනට - එක් වෙයි නිරායාසෙන්
නො කඩවා සොලවා - කවඩි දැමුමෙන් හිත කැමති වී.
934. දිළිඳු බව ගෙන දෙන - යස ඉසුරු ඇම සුන් වී
දුක දෙවන සුදුව - විනා අනිකක් ලොවේ වෙන නැත.
935. සූදුව සූදු පළ - සහ කවඩින්ට ඇලුමැති
දද දනෝ දිවිහිමි - දිළිඳු බව පහ නොකර දුක්වෙති.
936. සූදුව නමැති වූ - මූ දේවියට එක්වූ
දද දනෝ දුක මිස - සැපක් නො ලබති ගියත් පණනල.
937. රෑ දවල් නැතිව - යෙදුනෝ සූදු කෙළියෙහි
හිත පුරුදු දනයත් - ගූණය මේ දෙක සදා වනසත්.
938. කරුණාව සැබි බව - සම්පත දනය වනසා
ගැහැට දුක් කරදර - දෙවන්නේ සුදුවයි නිතැතින්.
939. ආහාරය යසස - ඉගෙනුම දනය ඇඟලුම්
නො ලබත් දද දනෝ - සදා දූ කෙළියට ඇලුම් ඇති.
940. එන දුකක් පාසා - දිවිය සැප පතනා මෙන්
පැරදුමක් පාසා - සුදුවට වඩ වඩා ලැදිවෙත්.
95. පිළියම
941. වා පිත් සෙම් කියන - තූන වැඩිවුවත් අඩුවුව
රෝග වැළඳීමට - හේතූවේ යනු ඇදුරු මතයයි.
942. කෑ අහර දිරවු - පසු පමණ දැන කෑවොත්
එය සැපය පිණිසයි - කයට ඔසු උවමනා නො කෙරෙයි.
943. දිරවූ පසු අහර - පමණ දැන වැළඳීමෙන්
ආයු සැප ගෙන දේ - සතූට සම්පත එයින් පැමිණේ.
944. සාගිනි දැනුන පසු - පිළිමල් නො වන ආහර
වැළඳිම යුතූ වෙයි - කලින් ගත් අහර දිරවුම දැන.
945. පමණ දැන කෑමෙන් - එකිනෙකට ගැළපෙන සේ
සදාකල් දිවියේ - රෝග බිය සහමුලින් වැනසෙයි.
946. බොහෝ කොට කෑමට - ලැදිවූවන්ට රෝ දුක්
පැමිණෙන පරිදි වෙයි - පමණ දැන වළඳන අයට සැප.
947. සා ගිනි තරම දැන - විමසා විනා වැඩි පුර
වැළඳීම ආහර - රෝගයන් වැළඳෙන්ට හේතූයි.
948. රෝගයත් එහි මුල - විමසා නිවාරණ මග
නිවැරදි ලෙස කරන - පිළියමෙන් ගූණ වහා පැමිණේ.
949. රෝගියා රෝගය - කාලය ලකූණු මේවා
ගැන හොඳින් විමසා - වෙදැදුරා කළයුතූය පිළියම.
950. වෙදා සහ ඔසුවත් - හෙදකම් කරන ඇත්තා
ලෙඩා යන සිව් දැ - පිළියමෙක විය යුතූ කොටස් වෙත්.
සෙසු කරුණු
96. උසස් කූලයෙහි ඉපදීම
951. උදු බවත් හිරියත් - සැබවින් පහළ වීමක්
කූලවතූන් වෙත මිස - නො මැත කූලහීනයන් කෙරෙහි.
952. හික්මීම සබවස - හා හිරිය යන මේ ගූණ
පතිත වෙත් ඇම විට - කූලවතූන් ළඟ සදා කල්හි.
953. සිනා මුසු මුහුණත් - පිය වදන දානය හා
නිගා නො කරන බව - සුදන සතූ ගූණ සතර අයුරුයි.
954. එක පිට ගොඩ ගසා - කෝටි ගණනින් සම්පත්
ලැබුණ ද සත් දනෝ - නොම කෙරෙති නීච වැඩ කිසි කල.
955. අඩු වුව යස ඉසුරු - වැදගත් පරපුරින් එන
කූලවත්තූ කිසිකල - යහ ගූණින් හීන මොන වෙත් මැයි.
956. හිත කැමති විසුමට - කූලවත් දනට එක් වී
කූලවතා වංචා - සහිත වරදින් සදා වෙන් වෙයි.
957. කූලවතූන් වෙත ඇති - වරදක් විනම් සුළු වුව
අහසෙහි සඳ ලපය - වගේ හොඳ හැටි පෙනෙයි හැමටම.
958. නො සිතයි නම් දියුණ - පරපුරැ ජනිත පවුලේ
ඔහු ගැන සැක කෙරේ - කෙබඳු පවුලෙක බිහිවුනේ දැ යි.
959. බිම සිටවූ ඇටය - හඳුනන පරිදි පැලයෙන්
කූලවත් බව දැනේ - මුවින් ගිලිහෙන වචන ඇසුරෙන්.
960. හොඳකම රැකෙන්නට - විලිය රැක ගත යුතූ සේ
කූල රැක්ම සඳහා - විනීතව හැසිරීම විය යුතූ.
97. ආත්ම ගෞරවය
961. අති උසස් උත්තම - ගරු සරු ලබනු සඳහා
තම පවුල කෙලෙසන - පහත් කිරියක් නො කළ යුතූ වේ.
962. උසස්බව ගරු බව - ලබනට පවා අවැඩක්
දිවි ගියත් නො කරති - යසස වීරත්වය කැමැත්තෝ.
963. දනය අඩුවන විට - උසස් ලෙස හැසිරිය යුතූ
දාන්තය දනවත් - කමෙහිදී රැක ගැනුම් සෑහේ.
964. පහත වන් විට දී - ගරු බව නැතිව මිනිසුන්
පිළිකූල් කෙරෙනුයේ - හිසෙන් ගිලිහුණ කෙස් රොදක් මෙනි.
965. ගරුව අඩුකරවන - සුළු දෙයක් මුත් කළහොත්
හෙල මෙන් උස් වුවත් - උස් තැනින් පහතට වැටෙත් මැයි.
966. නින්දා කරනවුන් - පස්සෙහි යන්නෙ කූමටද ?
මෙ ලොව යසසක් හෝ - පසුව සහ සැප වුව නො දේ නම්.
967. නිගා නින්දා දෙන - අනුවණ දනන් සමගින්
විසුමට වඩා හොඳ - තනිව වැනසීම ගූණ ගෙන දෙයි.
968. ගරු සරු බව නැසී - යන විට සිරුර රැකූමත්
පණ නල නවත්වන - බෙහෙතක් ද ? මරණය වළක්වා.
969. ලොම් වැටුන සෙමරුන් - ජීවත් නොවන පරිදි
නැසුන තැන ගරු බව - දිවිය තොරකර ගැනේ මහරු.
970. නැතිව අවමානය - දිවි ඔරුව පදවන ලද
ගරුව ඇතිවුන්ගේ - වඳිති යසසට සුදන ලෙව්හි.
98. උතූම් බව
971. සිතෙහි ම නිමල බව - කෙනෙකූට නිපන් යසසයි
පහත් බව වනුයේ - එලෙස නැතිවම දිවි ගෙවීමයි.
972. ලොවේ හැම සත්නට - ඉපැදීම සම අයිතිය
කිරියෙහි වෙනස් කම් - අනුව උනු.නුන් තතූ වෙනස්වේ.
973. උසස් තැන සිටිය ද - දුදනෝ නොවෙති උතූමෝ
පහත් තැන සිටියද - ගූණැති දන අදමයෝ නො වෙති.
974. උත්තම බව රකින - හිත නිසල කූලඟන මෙන්
තැන්පත් සිතැත්තේ - තමා රැක හැසිරීම ඇතිවේ.
975. කළ නොහැකි දුස්කර - ඇම කිරියක්ම පාසා
නියම පිළිවෙල දැන - උගත් උතූමෝ කරත් යහතින්.
976. උපකාර ගැනුමෙහි - උතූමන් පා පියුම් වැඳ
හැඟීමක් නො මැතිය - පහත් ගති ඇති දද දනන්හට.
977. නුසුදුසු අය අතර - රැඳි යන ඉසුරු වේ නම්
මළවුන් වෙත තිබුණ - ඉසුරු සම වේ පලක් නො මැතියි.
978. නිහතමානී බව - හැමවිට උතූම් ගතියයි
පහත් බව සැරසෙයි - තමා පුරසාරමින් බෙහෙවින්.
979. නිරහංකාර කම - පිළිපන් උතූම් ගතියයි
පහත්බව නිතැතින් - අහංකාරත්වයෙන් පැද වේ.
980. අන් වරද සඟවන - ගතියම උතූම් වූ මෙන්
අනුන් දොස දුටු තැන - කියා පෑමත් පහත් ගතියයි.
99. සාධුත්වය
981. යුතූ අයුතූකම් දත් - සාදු ගූණ ඇතිවුන් හට
සියල්ලම හොඳකම් - තමන් යුතූකම් වේවි හැම විට.
982. සුගූණවත් බාවය - සු දනන් උරුම වූවකි
වෙන අනික් හොඳකම් - සදා හොඳකම් නොවේ ඔවුනට.
983. සමබව කූළුණු බව - සබවස ආදරය හා
හිරිය යන මේ පස - කූලුණු වේ සාදු ගූණ උසුලන.
984. නො මරණ යහ ගූණය - රැක හැසිරීම සිලය
නො කියන අන් වරද - ගතිය සත් ගූණ නමින් හැඳිනෙති.
985. බලවතූනගෙ බලය - දැමුන බව ඇතිවීමයි
සුදනනට සතූරන් - නසන අවියත් දැමුණු බව වේ.
986. පහතූන් වෙතින් වුව - පැරදීම පිළිගනී නම්
උරගල එය තමා - සුදන සතූ ගූණ බලන උරගා.
987. කළවුනටත් අවැඩ - යහපත් වැඩක් නො කළොත්
කිමද ?
ඇතිවන පල - සු ගූණ වත්කම රඳා තිබුණෙන්.
988. නැතිවත් යස ඉසුරු - යහ ගූණ ගති හෙබේනම්
නිගාවක් නොම වේ - සුදන සතූ යස ඉසුරු ගූණයයි.
989. යුග අග සැම දෙයම - වෙනස් වන මුත් නියතින්
සාදු හු සත් ගූණ - වෙනස් නො කරත් කවර විටකත්.
990. සාදුන් සු ගූණින් - පිරිහුණි නම් කෙසේ හෝ
මේ මහ පොළවවත් - නුසුලයි බර එබඳු වූන්ගේ.
100. ශිලාචාර බව
991. හැම දෙනට ලෙව්හි - දක්නට හැකි පහසු වූ
සීලාචාර බව - ලැබුම හැම දෙනෙකුටම පහසුය.
992. අදරැති බව ලැබුම - උසස් පවුලක ඉපදුම
යහ ගුණයෙන් හෙබුම - සදා ගුණවත්කමේ ලකුණුයි.
993. සිරුරින් සම බවම - සම බව නො වේ මිනිසුන්
සාදු ගුණ සම බව - නියම සමතාවයයි සැලැකේ.
994. නීතියත් දහමත් - දැන හැඳිනගෙන නුවණින්
පල නෙලුව දනගේ - ගුණයනට ලොව පවා පසසති.
995. සතුරුකමෙහිදි වුව - ගුණවතුන් ගුණවත් නම්
කෙළි සෙල්ලම් පිණිස - පවා අපහාසයන් නරකයි.
996. මෙලොව පවතින්නේ - ගුණවතුනගෙ ගුණින් වේ
ඒ ගුණ නොමැති කල - පසට යට වී මැරෙනු පමණයි.
997. යහපත් ගති නො මැතී - දනෝ කොපමණ සිටියද
පීරක් මෙන් තියුණු - වූවත් ගස් මෙනි ඇගීමක් නැතී.
998. නො කිරීම හොඳකම් - පහත් ගතියකි සැම දා
යහලු නොව නිතරම - නරක වැඩ කරනවුන්හට වුව.
999. තුටුවන හැකියාව - නැණ මඳ දනට නො මැතිය
අඳුරු නැතිවිට වුව - වෙලෙන අඳුරක් ඔවුන්හට ඇති.
1000. අගුණවත් දද දැන - ලද යස ඉසුරු හැමෙකක්
නරක මැටි කළයක - දැමූ හොඳ කිරිවලට සම වේ.
No comments:
Post a Comment