අර්ථ කාණ්ඩය
රාජ්‍ය පාලනය
39. රාජ මහිමය
381. හමුදාව බලකොටු - මැති මිතූරු රට වැසියන්
අහර ඇති නිරිඳු - සිහ රදුට සමවේය බලයෙන්.
382. නුවණ සහ දිරියද - දානය නිබය තාවය
රට කරන නිරිඳුට - මෙ සිව් කරුණුත් සිරිය වේමැයි.
383. දැනුම සහ අනලස - ඉමහත් දිරිය යන ගූණ
නිතැතින් රජුන් වෙත - තිබිය යුතූවූ උසස් ගූණයෝ.
384. තමා දැහැමිව හිඳ - රට වැසියන්ද අදමින්
වළකන වීර ගති - සදා ඇති විය යුතූය රජුනට.
385. අය මග සැදීමත් - රැස්කර දන රැකීමත්
රැකි දැය බෙදීමත් - හැකිය බලවත් රජුට නිසිලෙස.
386. බැහැ දක්නට පහසු - සිත නො රිදවන රළු බස්
නොමැති නරනිඳු තෙම - ලබති පැසසුම් ලෝ දනන්ගෙන්.
387. සුමිහිරි බසින් දී - ඇරනු රකිනු ලබනා
බලවත් නිරිඳුනට - සතූටු වී ලොව නැමේ බැතියෙන්
388. රද නීති අනුවම - නිති රට රකින සුරැකිව
නිරිඳෝ වැසියනගෙ - හිතැති නායක ලෙසට සැලකෙත්.
389. කනට අමිහිරි වූ - රළු බස් සදා ඉවසන
ගූණය ඇති රජුගේ - සෙවන ගැනුමට ලොව කැමති වේ
390. දීමත් දයාවත් - උදු පාලනය සමඟින්
දන රැකූම සිව්ගූණ - පිරුණු නරනිඳු ලොවට පහනකි.
40. උගත්කම
391. උගත යුතූවූ දැය - සැක හැර උගත යුතූම ය
උගෙන ගත් දැයට ම - අනුව හැසිරෙන් පසුව දිරි ගෙන.
392. උච්ඡාරණය සහ - අක්ෂරත් යන මේ දෙක
දෙ නයනට සම වේ - මෙ ලොව ජීවත්වන දනන්හට.
393. සැලකෙත් උගත් අය - නුවනැත්තන් ලෙසින් ලොව
නූගතූන් මුහුණෙහි - දෙනෙත් නොව දෙවණෙකි පිහිටියේ.
394. සතොස්වන එක්වි - වෙන්වන අතර නැවතත්
එක්වීමේ රුතිය - වඩවමින් යෙති උගත් ගතියෙන්.
395. උගතූන් ඉදිරියේ - නූගතූනගෙ බැගෑබව
දනවතූන් අබියස - නිදනයන්ගේ බැගෑවට මෙනි.
396. වැලි සහිත පොළොවෙක - කණින පමණට දිය එයි
උගත්කම පමණට - දැනුම එයි මිනිසුනට එලෙසින්.
397. උගතාට කොතැනත් - සියරට ගමට සම වෙයි
නූගන්නේ ඇයි ද? - එසේ නම් මරණ පැමිණෙන තූරු.
398. එක් ජන්මයකදි - උගත් සැම සිප් සතරම
කෙනෙකූට පිහිට වෙයි - තමා සත් ජන්මයෙක උපනත්.
399. උගෙනුමෙන් උගතා - මෙන් ලෝ දන ද තූටුවෙත්
උගත්තූද ඒ දැන - තූටුව තව තව දුරට උගනිත්.
400. උගත්කම කෙනෙකූට - නො නැසෙන උතූම් දනවෙයි
සැනසීම ගෙන දෙන - සෙස්ස දනයක් පරිදි නො ගැනේ.
41. නූගත්කම
401. සපිරුණු දැනීමක් - නැතිවම දෙන කතාවක්
කොටු නැති ලෑල්ලේ - කවඩි දැමුමට දෙවැනි නොමවේ.
402. උගතූන් සබා මැද - නුගතූ දෙඩුම රිසිවුම
පියයුරු නැති එකක - ගැහැණු බව ගැන උඩඟූවනුමෙනි.
403. උගතූන් ඉදිරියේ - නිසලව කතා නො කරම
කරබා සිටියහොත් - නූගතූන්ගෙන්
රැකෙයි හොඳබව.
404. නූගතූන්ගේ ඇති - දැනුම කෙතරම් හොඳමුත්
වැඩ පිණිස නොගනිති - ලෙව්හි නැණවත් උගත් පඩුවෝ.
405. මැත දොඩන මානය - නූගතා තූළ ඇති වූ
උගතා හමුවෙදී - මලානිකවෙයි නිරායාසෙන්.
406. පල නැති නිසරුබිම - සරි වේ නූගතූන් හැම
යම්තම් පණක් මිස - සපිරි ජීවිත ලෙසට නොගැනෙති.
407. නො සියුම් දැනුම් ඇති - නූගත් දනගෙ රූපය
බෝනික්කකූ වැනිය - අඹා මැටියෙන් මට සිලුටු කළ.
408. උගතාගේ දිළිඳු - ගතියට වඩා නපුරුයි
නූගතකූ දනවත් - බව වැඩී නැණ හීන වූ කල.
409. ජනිතව උසස් කූල - සිටිමුත් නුගතා හා
පහත් කූල ඉපදුන - උගත් ඇත්තා නො සම වේමැයි.
410. උගත් සහ නූගත් - දෙ පසෙහි වෙසෙස බැලුවොත්
මිනිස් සහ තිරිසන් - දෙ පස වෙසෙසට සරි කළ හැකියි.
42. බහුශ්රුත
බව
411. සවනින් එන දැනුම - උසස් දනයක් සමවෙයි
එය හැම දනයට ම - වඩා උත්තම දනය වේ මැයි.
412. සවනට අහර ලෙස - කිසිවක් නොමැති මොහොතක
සාගිනි නිවුම් වස් - කූසට සුළු ලෙස දිම සෑහෙයි.
413. සවනට අහර ලෙස - සවනින් සැනසූ ඇත්තෝ
පොළෙවෙහි සිටි නමුත් - රස උරන අමරුනට සමවෙති.
414. නූගතකූගෙන් වුව - අසා දැනගත යුතූ වෙයි
එය යම් වෙලාවෙක - විපතකට පිහිටව සිටිනු ඇත.
415. ගූණවතූනගෙ වචන - විපතෙදි පිහිට වන්නේ
ලිස්සන වැටෙන තැන - පිහිටවන සැරයටිය විලසින්.
416. හැකි සියලු අයුරින් - යහපත් මහඟූ අදහස්
සවනට ගත යුතූය - එයින් එයි එතරම් උසස් බව.
417. විමසන ගූණය සහ - පිරිපුන් දැනුම් ඇති අය
නො පැහැදිලි අදහස් - වුවද නැණවත් පරිදි තෙපලත්.
418. ඇසුමෙන් පලනොගෙන - නෑසුන පරිදි සිටිනා
දුහුනන් සතූ සවන් - ඇසෙන මුත් බිහිරිවුවා වැනි.
419 කමණීය පිවිතූරු - කන්කලු හිතැඟි තෙපලුම
සියුම් දැනුමක් ඇති - අයට මිස අනිකකූට නොහැකිය.
420. දිවෙන් මිස සවනින් - රසයක් විඳ නො දත්තෝ
තෙපලන බහ අනුව - මළත් ජීවත්වූවත් පල කිම ?
43. නැණැති බව
421. එන විපත වළකා - ලිය හැක නුවණ අවියෙන්
සතූරන්ට වුව බිඳ - නො හළ හැකි බලකොටුව එය ම යි.
422. නපුරෙන් සිත මුදා - යහගූණ දහම් සපුරා
තම සිතැඟි කම් මත - හිත යැවීමත් නුවණ නම් වේ.
423. කවරක් ගැන වුවද - කවුරුන් කෙසේ තෙපලුව
ඒ ඒ දෙයෙහි ඇති - නියම තතූ දැනුම ගැනුම නැණවෙයි.
424. තම සිතට එකඟව - පැහැදිලි වදන් බෙණෙමින්
අනිකකූ කතාවේ - සියුම් අදහස් ගැනුම නුවණයි.
425. ගූණ නුවණින් වැඩුන - ලෝදන පිය කළෝ නම්
ඒ පිරිය නොවෙනස් - ලෙස පවත්වන ගතිය නුවණයි.
426. කෙලෙසද ? නැණවතූන් - ලෝ සොබා ලෙස පවතිනු
එලෙස පවතිනුයේ - කෙනෙකූගේ ඇති නැණැති බැවිනුයි.
427. නැණැත්තෝ නුවණැස - මෙහෙයා බලති එන දෙය
නැණ හීන දනහට - එලෙස කළ නො හැකි වේ සැබවින්.
428. බිය වියයුතූ තන්හි - බියවෙත් නුවණ ඇත්තෝ
බිය නොවනු දදකම - එසේ බිය වියයුතූ තැනෙකදී.
428. එන්නට පෙර විපත් - වළකන නැණවතූන් හට
තමා නැති ගන්වන - ලෙසට එනදුක් ලං නොවනු ඇත.
429. එන්නට පෙර විපත් - වළකන නැණවතූන් හට
තමා තැති ගත්වන - ලෙසට එනදුක් ලං නොවනු ඇත.
430. සතර දත් නැණවත් - දනහට හැම දෙයම ඇති
විමතියනට ලොවේ - කොතෙක් තිබුණත් ඇති දෙයක් නැත.
44. දොස් නැති
කිරිම
431. මදයද කිපුම සහ - නීච ගති නැතිවුන් සතූ
යස ඉසුරු සම්පත් - උසස් ලෙස වැඩි දියුණු වේවි.
432. ලෝබය සහ අනුන් - හෙලා දක්නා උඩඟූව
නොහොබින විනෝදය - නරන් සතූ නොවිය යුතූ වැරදී.
433. අමුවක පමණ සුළු - දොස ඇති වුවත් නිතරම
තල් පමණ වන ලෙස - ගනිති නින්දාවට බියැත්තෝ.
434. වැළකීම වරදින් - දනය ලෙස ගෙන රකිනුව
වැනසුම ගෙන දෙවන - තද සතූරුකම වරද හෙයිනී.
435. පෙර මඟෙහි එන දොස - නො වැළකූවන ගෙ ජීවය
ගිනි ලඟ පිදුරු මෙන් - වහා වැනසෙත් නිරායාසෙන්.
436. තම දොස වලක්වා - අන් දෙස වහා විමසන
රට කරවන නරන් - නිසා ඇතිවුන කවර වරද ද ?
437. කළ යුතූ දැ නොකළ - මසුරු අයගේ වස්තූව
හිනව දිනෙන් දින - පල නොදීමෙන් මහා වැනසේ.
438. දළ ලොබැ.යි කියැවෙන - තද මසුරුකම නපුරුයි
සියලුම දොස් වලින් - මහා දෝසය එයම වේ මැයි.
439. පුරා සාරම් තමා - ගැන නො දොඩන්න ඇම දා
එමෙන් යහපත් දෑ - විනා අනිකක් නොකළ මැනවි.
440. හිත කැමති දේවල් - රහසින් රස වින්දහොත්
සතූරනට එ නයින් - උපායෙන් වනසන්ට නොහැකිය.
45. මහතූන්ගෙන් උදව්
ගැනීම
441. දැහැමිව දිවි ගෙවන - උත්තම නැනැතියන්ගේ
මිතූරු බව හැමවිට - විමසමින් තෝරා ගැනුම යුතූ.
442. පැමිණි දුක් වළකා - යලි දුක් නොවන පරිදි
රක්නා උතූමනුත් - සතූටු කරවා ගැනුම සැහෙයි.
443. අපහසු කම් වලින් - බොහොම අපහසු කිරියයි
උතූමන් සතූටු කර - ගැනුම සිය නැසියන් අයුරින්.
444. තමනට වඩා වැඩි - උතූමන් සියන් අයුරින්
ගැනුම බලවත් වේ - සෑම බලවත්කම් අබිබවා.
445. මැතිවරු නෙත විලස - පවතින නිසා නිරිඳුට
ඔවුන් ගැනුමෙහි දී - හොඳින් විමසා ගැනුම සැහෙයි.
446. සමතූන් සියන් ලෙස - ගෙන ඇති බලවතා හට
සතූරනට කළ හැකි - කිසිම උවදුරක් නැති වනු ඇත.
447. බලයෙන් උදව් දෙන - බලවතූන් ඇති නිරිඳුන්
වැනසිය හැකි බලය - ඇත්තේ කවුරුන්හට ද ? ලෙව්හි.
448. බලයෙන් ඔවා දෙන - උතූමන් නො ලද රජවරු
වනසනවුත් නැතිව - පවා වැනසෙති නිරායාසෙන්.
449. මුදල් නැත්තහු හට - නො ලැබෙන ලාභයක් සේ
විපතෙහි උදව් නැති - නරන්ගේ රජකමත් වැනසේ.
450. බොහෝ දෙන සමඟින් - සතූරුවීමත් නරකයි
එමෙන් දස ගූණයක් - කැඩුම උතූමන් ඇසුර නරකයි.
46. පාප මිත්රයන් සෙවනය
නො කිරීම
451. පවිටුනට පවිටෝ - එක්වනු විනා උතූමෝ
පහත් ගූණ මකූ දන - සමඟ එක්වන්ට බිය වෙත් මැ යි.
452. ගූණ අනුව පොළවේ - ජලගූණ වෙනස් වන මෙන්
ඇසුර මිනිසුන්ගේ - අනුව නැණ ගූණ පරස් පර වේ.
453. දනහට දැනුම නිති - ගෙන දේ සිතෙහි අයුරින්
ඔවුනොවුන් කවුරුද ? - යන්න මැනුනා ඇසුර අනුවම.
454. කෙනෙකූගේ සිත තූළ - දැනුම ඇති ලෙස පෙනුනත්
දැනුම ඇති වන්නේ - බොහෝවිට ඇසුරන් අනුව වේ.
455. සිතෙහි හා කිරියෙහි - නිමල තාවය එන්නේ
පරම පිවිතූරුවූ - උසස් උතූමන් ඇසුර අනුවයි.
456. සිත ඉතා පිරිසිදු - අයට සේසය හොඳ වෙයි
පිරිසිදු ඇසුර ලත් - අයට හොඳ නැතිවන කිරිය නැත.
457. පරම පිවිතූරු සිත - සතහට දනය වේවි
යහපත් ඇසුරකින් - සැම සම්පත් යසස් ගෙන දේ.
458. කොතෙක් සිත හොඳවුව - සුදනනට සැම කල්හිම
රැකවරණ ලෙසටම - පවතින්නේ හොඳ සේවනය ම යි.
459. පරම පිවිතූරු හිත - හොඳ අත් බැවක් ගෙන දෙයි
යහපත් ඇසුර එයි - සදා රැකවරණයට පවතී.
460. හොඳ සෙවනය යම් - කෙනෙකූට උසස් වහලෙක
එලෙසම විපත් දෙයි - නරක ඇසුරින් සෑම කල්හිම.
47. විමසා ක්රියා කිරීම
461. වැය අය පිරික්සා - එ නයින් ලබන ලාබය
නුවණැසින් විමසා - කළයුතූය නිවැරදිව කටයුතූ.
462. හොඳින් විමසා ලා - ගත් ඇමතියන් සමගින්
කටයුතූ කරන විට - නො කළ හැකි කිසි කාරියක් නැත.
463. ලාබය පතාලා - තම මුදල් නැති වන සේ
කිරියයන් නො කරති - ලෙව්හි නැණවත් රජුන් කිසිවිට.
464. නො මැති අවබෝදය - පැහැදිලි සැලැස්මක් නැති
කටයුතූ නො අරඹති - නිගා එනුවට බියැති රජවරු.
465. මුළුමනින් නො සිතා - සටනට යාම කොටුවේ
සතූරන් න මැති බිජු - වැපිරීමකට දෙවැනි නො මවේ.
466. නො කටයුතූ දැය කළ - නිතරම පාඩු ගෙන දෙයි
එ ලෙසම පාඩුවයි - කටයුත්ත නො කිරිම නිසිසේ.
467. ඇරඹිමෙන් පසුව - විමසුම නිගා ගෙන දෙයි
හොඳින් විමසිමෙන් - පසුව අරඹන්න හැම කිරියක්.
468. නි වැරදිව නො කරන - සැම කටයුත්තෙහි දි
රැක වරණ කොතෙකූත් - දෙනා කළමුත් වනස ගෙනදේ.
469. ඔවුනොවුන් ගති දැන - නො කළොත් ගූණැති වැඩ වුව
බොහෝ කොට වැරදි - පැමිණ වැනසේ නිරායායෙන්.
470. නින්දා නො දෙන දැ - විමසිලි සිතින් කළයුතූ
උතූමන් නො කටයුතූ - දැයට එක්විමක් නො වේ ම ය.
48. බලය දැන
ගැනීම
471. කිරියයෙහි බලයත් - සිය බල සතූරු බල හා
සතූරනට ලබතැකි - උපකාර දැන කරන් කටයුතූ.
472. කළ හැකි ඇම කිරිය - දැන උගෙන විමසිල්ලෙන්
ඒ අනුව කටයුතූ - කරනවුන්හට බැරි දෙයක් නැත.
473. තම බලය නොමදැන - දිරිගෙන පමණ නො කළැකි
අතර මග වැනසෙන - සිටිති අපමණ දනෝ කවදත්.
474. සාමය හිත නො මැති - තම සතූ බලය නො ම දත්
පුරසාරම් දොඩන - නිරිඳු කවදත් වහා වැනසේ.
475. මොණර පිල් වුව ගැල - කොතෙකූත් පැටෙව් පමණට
ඉසිලිය නොහැකි බර - නිසා අලවංගූව කැඩීයයි.
476. තූරු මුදුනට නැගී - වෙර දැරුව අතූ අගටත්
සමහරු හදිසියේ - වැටී වැනසෙත් නො දත් පමණින්.
477. දෙතොත් යම් කෙනෙකූට - පමණ දැන ගෙන දියයුතූ
එ පිළිවෙල සැම විට - තමන් දන රැකෙන හොඳමග වේ.
478. අය මඟ කූඩා වුව - ඉන් වන පාඩුවක් නැත
හැම විටම වැය මග - විසාලව සැදුවේ නැත්නම්.
479. අය නොදැන වැය කළ - පෙනුනත් කෙනෙක් ලොකූවට
ඇතිවනු මෙන් පෙනී - නැතිව නො පෙනී යාවි වැනසි.
480. තමහට ඇති පමණ - ම නැසින් නුදුටු නරනිඳු
පමණ ඉක්මීමෙන් - උපකාර කොට වහා වැනසේ.
49. කාලය දැන
ගැනීම
481. බකූසු පැරදීමට - කපුටකූට දහවල මෙන්
සතූරු කම දිනනට - සුදුසු කාලය රජුට ඇවැසියි.
482. සුදුසු කල නිසි ලෙස - කටයුතූ බලා සැලසුම්
නො වැනසෙන ලෙස තම - දනය කඹයෙන් බැඳීමක් මෙනි.
483. සවි ඇති අවි ඇතිව - දැනැ.ඳින සුදුසු කාලය
සටනට පිවිසුනොත් - වෙද්ද ? කටයුතූ පසු බැසීමෙක්.
484. තැන නො තැන කාලය - දැනැ.ඳින වැටුණ සටනින්
ලෝකය ලබන්නට - පවා සිතූවොත් ලැබේ එනයින්.
485. ලොව ගැනුමට සිතන - වීරෝදාර නරනිඳු
සුදුසු කල් එනතූරු - සෙමෙන් නො කැළඹ වෙසෙත් නිසලව.
486. වෙර දරනවුන්ගේ - සංවරය එලුවා ගේ
වෙර ගැනුම් උදෙසා - හෙමිහිටම පස්සට යාම මෙනි.
487. දුර දිග පෙනෙන සුලු - දැනුමැති වියත් මී පා
සුදුසු කල දැනගෙන - විනා කෝපය නො අඟවන් මැ යි.
488. සතූරනට ගරුකර - මුදුනින් තබා පිළිගෙන
නියම නිසි තැනදි - හිස පහත් කර හෙලා බිමලත්.
489. නො ලැබිය හැකි අරුම - අවසරය ලත් කෙනෙහිම
කිරිමට අපහසු - කිරියයන් කළ යුතූය නිසිසේ.
490. නුසුදුසු වෙලාවට - කොකා ලෙස නිසලව හිඳ
අනිනුව නියම ලෙස - සුදුසු කල ගොදුරට පනින මෙන්.
50. ස්ථානය දැන
ගැනීම
491. වටලන තැන නොදැන - පියවර ගැනුම නරකයි
පහසුයි පහත් ලෙස - වහසි නො සිතනු මැනවි කිසිවිට.
492. බලවත් වුව රජුන් - බලකොටුවකින්
පිරිපුන්
නො ලැබිය හැකි අරුම - ලැබිය හැකි ජය කෙහෙලි ඔස්සේ.
493. සතූරන්ගෙන් තමා - රැකෙමින් සටන් ඇරඹූ
තැන දත් දුබලයෝ - පවා ජය නිතැතින් ලබත් මැයි.
494. සුදුසු තැන දැනැඳින - එක්සත් ව කළ කිරියෙන්
සතූරන ගෙ බලවත් - වහා වැනසිය හැකිය අදහස්.
495. ගැඹුරැති දියෙහි දි - හැම විට දිනන කිඹුලා
දියෙන් ගොඩ වන් සඳ - අනුන්ගෙන් මරණයට පත් වේ.
496. සවි බලැති වාහන - නුදුවත් උදක් සයුරේ
එමෙන් එහි දුවවන - නැවත් ගොඩබිම ගමන් නොකෙරේ.
497. විමසා තැන හැඳින - විමසිලිව කළ සටනෙහි
බිය නො වීමක් මිස - උදව් ඕනෑ කමක් නො ම වේ.
498. කාලය සුදුසු තැන - රැකූනොත් දුබල සෙනඟට
පබල මහ සේනා - පවා වැනසිය හැකිය එඩි බිඳ.
499. සතූරන් සතූ බලය - බල කොටුව නො තිබුණ මුත්
ඔවුන් සතූ තන්හි - සටන් මෙහෙයා දිනුම අපහසු.
500. බිය නැති යුද පුහුණු - ගිජිඳකූ නිතැතින්
මඩ වලෙකැ එරුණොත් - කපටි නරියා මරයි එහිදී.
No comments:
Post a Comment