1 නම්කර
1. ෆසැම අකූරටම මුල - ,අ,
කාරය වන සේ මැ යි
නැණවතූන් තර ලොව - අති උසස් වේ ආදි භගවත්.
2. උගත්කම් ඇති මුත් - ඇති පල කිම ද
? දැනුමෙන්
දිය නා පා පියුම් - බැතින් නො වඳින් නම් කෙනෙක් යම්.
3. පියුම් පෙති මත්තෙහි - සැරි සැරු උතූමන් ගේ
පා සෙවන ලද්දහු - ලෙව්හි දිගූකල් යෙහෙන් වැජඹෙන්.
4. රා වරා නැත්තහු - සිරිපා සරණ සෙව්වෝ
කිසිවිටෙක කවදා - කෙබඳු දුකකට පත් නො වෙත් මැයි.
5. මුනිඳු මුනි ගූණ දම් - දැන උසස් වූවන් වෙත
මෝහය සහ බැඳුන - කූසල අකූසල දෙකම නොම වේ.
6. පසිඳුරන් දමනය - කළ උතූමන්ගෙ නිබොරු
දහමෙහි පිහිටියෝ - ලොවේ දිගූකල් දිනෙන් යහතින්.
7. අනුපමානහගේ - සිරි පා පත්වුනට මිස
අන් අයට සිත දුක - නැසුම අපහසු වේය සැමදා.
8. දම් සයුරු මුනිඳුන් - පා පත්නටම පහසු ය
බව සයුරු පිහිනුම - සෙස්සනට අපහසු ය සැමදා.
9. නො වැඳි හිස සිරි පා - අට ගූණැති මුණිසඳුගේ
පල නැත හැඟූම් නැති - පසිඳුරන් සේ සිරුරෙ තිබෙනා.
10. මුනි පා මුලට වන් - දන බව සයුරු පීනා
එතර වනු නිසැකයි - එහෙත් සෙස්සනට නොම හැකි වේ.
|
2. වැසි මහිම
11. නො සිඳවෙන වැස්සෙන් - ලොව පවතින නිසාවෙන්
අමාවක් පරිදී - ගැනේ වැසි පල ලොවට සෙත දෙන.
12. වැළඳිමට හිතැති - අහරත් වවා සුලබව
තෙමේමත් අහරක් - වුනා වතූරට හැරී වරුසා.
13. අහස වැසි නොමදෙන - මහ දිවයිනෙහි වැස්සන්
සාගිනි නමැති රජ - තෙමේ නතරව කරයි පීඩා.
14. ගොවිතැන් බත් කරන - ගොවියෝ සදා වෙහෙසෙන
වැසි පල නොවී නම් - නිරත සී සෑම වුව නොකරත්.
15. බව බෝව නැසුමත් - නසමින් නැවත වැයුමන්
සරු කර වැවීමත් - මේ තූන් කරුණම මෙයින් ඇතිවේ.
16. වැසි වැටුන පෙදෙස් - තණ නිල පවා ඇති වේ
එ නමුත් වැසි නො වැසි - පෙදෙස් ගැන පැවසී ම කූමට ද
?.
17. වැසි නමින් ජල කඳ - සයුරට නො ලද කල්හී
ඒ මහා සයුරෙහි - පවා සුන්දර සිරිය අඩු වේ.
18. අහස වියලීමෙන් - වැසි පල නො ලද තන්හී
ඒ මහා මයුරෙහි - පවා සුන්දර සිරිය අඩු වේ.
19. වැසි පල නොදේ නම් - මේ මහ පොළෝ තලයට
නො නැවත පලා යෙයි - දානයත් සීලයත් මේ දෙක.
20. නො පවතී ලෝකය - ජලයෙන් හීන වූ කල
සුසිරිත මේ සියල් - වැස්ස නැති ලෝ කූසින් පිරිහේ.
|
3.
චීතරාගීන්ගේ අගය
21. තපස සඳහා නම් - රාගික හැඟූම් වැනසුම
උතූමැසි මහත්මෝ - දහම් සතරෙහි කළහ නිගමන.
22. රහතූන්ගේ අගය - කියතොත් පමණ මෙතෙකැ යි
දියත තූළ මළවන් - ගණන් ගැනුමට දෙවැනි නොම වේ.
23. සසර සහ මොක් පුර - අඳුනන දන්න මෙහි දී
දහම් දැරුවනගේ - අගය ලොව අති උතූම් වේමැයි.
24. පසිඳුරන් දමනය - නුවණින්ම කළ උතූමෝ
මාහැඟි අනගි තම - දෙව් බවට බිජුවටෙක් වෙත්මැයි.
25. පසිඳුරන් දමනය - කළ උමන්ගෙ ගූණ බල
නිදසුන් පිණිස වේ - දෙව් රදුන් වූ ඉන්දිරන් තෙම.
26. කිරීමට අපහසු - කිරියෙහි යෙදුනු උතූමෝ
උසස් වන අතරම - සෙසුහු නිතරම පහන් පැවිදියි.
27. රස රු පහස සද - ගඳ දෑ පහේ වගතූග
සොබා දත් ඇත්තා - නැණින් මුළු ලෝකයම අඳුනයි.
28. සපිරි ගූණ වදනැති - පැහැදිලි දැනුම ඇති වූ
උතූමන්ගේ අගය - සාදු වදනින් ලොවට දිස් වේ.
29. ෆගූණ නැමති මෙර ගිර - මුදුනට පත් තැනැත්තෝ
ඒ ගූණය ඔස්සේ - මොහොතකූදු කෝප නොගතින් මැයි.
30. සව් සත වෙත පතළ - මෙත් බර හදැති උතූමෝ
පැවිදිවි නො සිටියද - සාදු ගූණයෙන් මුනිවරුම වෙන්.
|
4.
දහම්හි බලය
31. යස ඉසුරු සම්පත් - කෙළවර අමා සුව දෙන
දහමට සදිසි වන - වෙනත් කිසිවක් ඇද්ද
? ලෙව්හී.
32. ලාබයක් වෙන නැත - දහමෙහි යෙදීමට සම
දහමෙහි පමාදය - පමණ අනිකූදු පාඩුවෙක් නැත.
33. හැකි සෑම තන්හි ම - හැකි විදියකින් සැමවිට
නො කඩවම දහමෙහි - හැසිරිම වේ පරම උත්තම.
34. සින කිළිටි නැති බව - පිරිසිදු බවම දහම ය
අනිකූත් හැම දැයක් - යෙදුනි බාහිර ඔපය සඳහා.
35. පරුෂ බව කෝපය - ඉසිබව සහිත රාගය
මුළුමනින් මෙ සතර - සිඳින සිතෙහිත් දහම් පවති.
36. දහමෙහි නො පමාව - යෙදුනි නම් කල් නොදමා
මරණ මොහොතෙහිදි - එය ම පිහිටයි අමරණීයව.
37. දැහැමි නොදැහැමි පල - මේ යැයි දැන ගැනුම් වස්
දෝලාව උසුලනු - වාඩි වි යනු දැක්ම සෑහෙයි.
38. දහමෙහි පිහිටියෝ - නම් යම් කෙනෙක් නිරතව
සසර මග වැසුමට - එයත් මහ කලු ගලක් බඳු වේ.
39. දහමින් සැපත හා - යසසත් දේ යන නො මදා
අනික් හැම දුක් දේ - නිගාවක් මිස නො වේ යසසක්.
40. හළ යුත්තේ කෙනෙකූ - හැකි නොහැකි තැන අදහම
දිවි පවතින තූරා - දහම නිතරම රැකිය යුතූමැ යි.
|
5.
ගිහි ජීවිතය
41. යහ මඟ ගමන් ගත් - තිදෙනාට නිරතූරුව ම
එම යහ මඟෙහි දි - උදව් දෙන්නේ නියම ගිහියා.
42. තවසුන් අ අසරණ - අය සහ මැරුණ වුන් හට
ගහ පතියා නිතර -
පිහිට වේ ගිහි දිවිය රක්නා
43. පියසුන් ද දෙවියන්
- නෑයන් අමුත්තන් සහ
තමා යන පස් දෙන -
රැකූම ගිහියගෙ අතූම් ගතිය යි.
44. දැහැමි මඟ ගනිමින් - සරිකර දනය හැමවිට
බෙදා දි කන්නහු - රැකි පරපුරත් සේ යහනින්.
45. ආදරය යහ ගූණ - ඇතොත් යම් කෙනෙකූන් වෙත
ගිහි දිවියෙහි නියම - ගූණය හා පලය එය වේ මැයි.
46. දැහැමිව ගිහි දිවිය - ගෙන යන්ට හැකි වේ නම්
එය උසස් ගතිය යි - අන් මඟෙක යනු කූමක් පිණිස ද ?
47. දැහැමි ව දිවි ගෙවන - ගිහියා උසස් වනුයේ
තවුස් දම් රක්නට - තැත් කරනවත් සැමට වැඩියෙනි.
48. තම දැහැමිව සිට - අනුන් දහමෙහි යොදවන
ගිහි දිවිය සැමවිට - පැවිදි දිවියට වඩා බලවති.
49. අනුන්ගෙන් නින්දා - නිඟා නො ලබා සැමවිට
දැහැමිව ගත කරන - ගිහි දිවිය වෙයි ඉතා උත්තම.
50. දැහැමි ව දිවි ගෙවන - ගිහියා මෙ ලොව සිටිය ද
දෙවියන්ගෙන් කෙනෙකූ - ලෙසට සැලකේ ලෙවන් විසිනුදු.
|
6.
සහකාරියගේ ගූණ
51. ගිහිගෙට සුදුසු වන - සපිරුණු ගූණින් දිවියෙදි
හිමි අයට සරිලන - විලස සිටිනිය සහකාරියයි.
52. අපමණ උසස් වුව - බිරිඳකට සරිලන ගූණ
නැත්නම් කිසි ලෙසක - ජිවිතය පල නොමැති වේවි.
53. නැත්තේ කූමක් දෝ - බිරිඳ ගූණවත් වූ නම්
ඇත්තේ කූමක්දෝ - බිරිඳ තූළ හොඳ ගූණ හීන නම්.
54. පතිවතෙහි තිරවම - බලය ඇත්නම් කතකට
ඇයට වැඩි උත්තම - දෙයක් ලොව තූළ ඇද්ද ? සැමවිට.
55. දෙවියන් නොවැන්දත් - තම සැමි නැමද පුබුදින
බැතිමත් එබඳු කත - වසින්නට යැදියොත් වසියි වැසි.
56. තමා හා තම සැමි - රකින අතරම පැසසුම්
ලැබෙන කටයුත්තෙහි - අලස නැත්තී බිරිඳ වේ මැයි.
57. සිරකර තබා ගෙන - රකිනු කූමට ද
? ඉතිරිය
පතිදම් රැකීම ම - උතූම් කොට ගත යුතූය ඕ තොම.
58. නායක ලෙසට ගෙන - සෑම කල්හිම තම සැමි
ගරු කරන යුවතිය - සදා සගසුව සැප ලබා වී.
59. කිතූ කදඹ ඇති වූ - බිරියන් නැත්තවුන් හට
සතූරන් ඉදිරියෙහි - කෙසරගූණැතිව සරනුනො හැකිය.
60. බිරිය සතූ හොඳ ගූණ - මඟූල් ලකූණුයි සැමවිට
එයට අබරණ වේ - ලැබුම දරුවන් ගූණ නැණැති වූ.
|
7.
දරු සම්පත
61. ලබන දැ අතූරින් - යහපත් නැණැති දරුවන්
ලබනට වඩා අන් - කවර සැපතක් ඇද්ද
? නො දනිමි.
62. නිගාවන් නොමදෙන - ගූණවත් සුතන් ලදහොත්
දුකෙක් නොම ළංවේ - ජන්ම සතකදී පවා ඔවුනට.
63. දෙ ගූරුනට දන නම් - තම දරුවෝය සැම විට
දරුවනට දන වේ - කිරියයෙන් එන සෑම දෙයමත්.
64. තම දරුවන් අනා - මිරිකූණු සිඟිති අත්ලෙන්
කෑම දෙගූරුන්හට - අමාවට වැඩි මිහිර ගෙන දේ.
65. දරුවන් කය පහස - දෙගූරුන් කයට සැපයකි
බොළඳ බස් සවනට - ඉතා මිහිරිය බණන කල්හි.
66. නලා වීණා හඩ - ඉතා මිහිරි යි කියති
තම දරුවන් බොළඳ - වදන් සවනට නො වැකි දෙගූරු.
67. පිය තෙමේ පුතූනට - නො අඩුව දෙන දනය නම්
වියතූන් සබා මැද - අති උසස් තැන හිමි කිරීමයි.
68. දැනුම තේරුම ඇති - ගූණ නැණ සපිරි දරුවන්
දෙගූරුන්ටත් වඩා - ලොවැසි සුදනන් සැමට සතූටකි.
69. තම පුතූ උතූමෙකැ.යි - පළවන සමයෙ ලෙව්හි
බිහිවුන දිනට වැඩි - සතූට සම්පත ලබයි දිනිතිය.
70. මෙ පුතූගෙ පියතූමා - කවර දහමෙකැ නියැලී
මොහු ලදුද
? කියැවුම - පුතා පිතූනට කරන සැලකූම.
|
8.
ආදරය
71. ආදරය වසනට - කිසිම යතූරක් ඇද්දෝ
පිරුණු කඳුලැලි බිඳු - කියයි ආදරය ඇතිවුන්ගේ.
72. ආදරය නැත්තෝ - සැම දෙයම තම සතූ දේ
සිතන මුත් අදරැති - දනන් ඇටකටු පවා අන් සතූ.
73. සිරුර පණ නල දෙක - ඈදී එකට ඇත්තේ
අතීතයෙ ආදර - නමැති පුහුණුව ලද නිසාමය.
74. ආදරය විනිවිදච - ආසාව මතූ වේ වී
එයින් ඇති වනුයේ - සෙනෙහෙ නම් වූ උසස් ගූණයයි.
75. මෙලොවදී ලබනා - උසස් සැපතට කාරණ
පෙර පුරුදු අදරින් - ලබන ලද මාහැඟි විපාකය.
76. දහමටම වහලෙක - කියති නොදත්හු පේමය
අදහමින් මිදුමට - පවා පිහිටන්නෙ එම ගූණයයි.
77. ඇට නැතිවුන්ගෙ ගත - අව්වෙන් වියලෙනා සේ
ආදරය පණ නැති - හනික වියලේ දහම් අව්වෙන්.
78. වියලෙන වියළි බිම - වියලුන ගසක දළු මල්
ලැමට දෙ වැනි නැත - අදර නැතියකූගෙ දිවි පැවතූම්.
79. බාහිර අංග සැම - යස රඟට තිබුනත් කිම
?
ඇතූළත අංග වන - ආදරය සිත නැතියවන්හට.
80. ආදරය සිරුරට - ජීවය ලෙසින් හෙබුනා
නොමැති ආදර සිත - සිරුර ඇට ගොඩකි සම පෙරවූ.
|
9.
ආගන්තූක සත්කාරය
81. දනය එක් රැස් කර - ගිහියකූ නමින් පෙනුනේ
පැමිණෙන අමුතනන් - රැක්ම පිණිසයි මහොපකාරෙන්.
82. නිවස පිට සිටියදී - පැමිණෙන ලද අමුත්තා
අම දහරක් වුවත් - කෑම නොයෙදේ තනිව රාසින්.
83. දිනපතා පැමිණෙන - අමුත්තන් රකින ඇත්තා
හමුවේ දිළිඳුකම - බැහැරයෙයි ළං නො වී කිසිවිට.
84. අමුත්තන් රක්නා - දැක සොම්නසින් ඉපිළී
සිරිකත සතූටු වී - වෙසෙයි එ නිවස රකියි හැමදා.
85. අමුත්තන් පිළිගෙන - ඉතිරි දැයකින් යැපුනේ
කූඹුරෙහි බීජයන් - වපුර ලන්නට පවා ඇවැසිද ?
86. යන අයට උවටැන් - කර එය අය පතන්නා
අහස් වැසියනටත් - අමුත්තෙක් වේ පියංකරවු.
87. කිය නො හැකි අපමණ - සත්කාරයේ පිං පල
පැමිණෙන අමුත්තන් - අනුව සිදුවනු නො අනුමාන යි.
88. ආගන්තූකයනට - සත්කාර නො කරන්නෝ
දිරියෙන් දනය රැක - නැතිවුනා යයි සොවින් තැවෙති.
89. ඉසුරෙහි දිළිඳුකම - සත්කාර නො කිරිමයි
ඒ නුනුවණ ගූණය - මෝඩයන් වෙත නිතර පවති.
90. සිඹිනවිට මැලවෙන - ,අනිච්චය,
නම් මල් මෙන්
මැලවෙත් අමුත්තෝ - කූරිරු රුදු රළු බැල්ම හමුවේ.
|
10.
ප්රියවචන
91. පිය බස කිමැයි කිව - සබවස රකිනවුන් ගේ
ඇද නැති කූළුණු බර - වදන් සපිරුණ හොඳ කතාවයි.
92. සොම්නස නො පෙන්වා - දෙන හැම දනට වැඩියෙන්
පිය තෙපලින් යුතූව - සතූටු මුහුණින් දීම යහපති.
93. හද පිරුණු කූළුණින් - තූටු වි මුහුණ බලමින්
සිත සතූට ඇතිවන - බිණුම පියබස දහම වේ මැ යි.
94. සැමටම සැප පිණිස - පියබස් කියන්නන් වෙත
දුක් දෙන දිළිඳුකම - පවා කිසිවිටෙක නොම ළංවේ.
95. සුවිනීත වීමත් - පියබසින් ඇමතීමත්
මිසක් වෙන අනෙකූක් - කෙනෙකූහට නොමවේවි අබරණ.
96. අදහම අඩු වෙමින් - දහම වැඩි වන්නට නම්
හොඳ පල දෙන වදන් - විමසමින් පිය බසින් කිවයුතූ.
97. හොඳ පල ගෙන දෙවන - පිය වදන් තෙපලා නම්
නීතියක් ඇති වේ - එයම දහමත් දේ ය සැමවිට.
98. කිසිලෙසක නොපෙළන - පිය වදනක මිහිරිකම
මෙලොවත් පරලොවත් - නිසැකවම සැපදේය කෙනෙකූට.
99. අනුන් තෙපලන විට - පිය බසෙක ඇති මිහිරිය
දන්නේ නම් තමා - ඇයිද ? අමිහිරි බව දොඩන්නේ.
100. ඉදුනු පල දැක දැක - ලා පල නෙලන්නා සේ
මිහිරි බස තිබියදි - කිමෙක අමිහිරි බස දොඩන්නේ.
|
Presenting the Tamil wisdom literature THIRUKKURAL in different languages of the world
Saturday, 1 March 2008
Chapters 001 to 010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment