21.
පවට
බිය
වීම
201. සැහැසි හැඩ එඩියට - අරිටු පවිටෝ බිය නැත
එහෙත් සත් ගූණවත් - දනෝ නිතරම පවට බියවෙති.
202. නපුරුකම හැමවිට - නරක පල ගෙන දෙන්නෙන්
ගින්නකටත් වඩා - නපුරු ලෙස එය බිය ගෙනේවී.
203. පරම හතූරාටත් - නපුරක් නපුරු සිතකින්
නො කිරිමේ ගූණය - සියලු ගූණයන්ගෙන් උසස් වේ.
204. අනුනට පාඩුවක් - අමතකින්වත් නොසිතත්
දහම දඩුවම් දෙයි - එසේ සිතූ අය සොයා අවුදින්.
205. දිළිඳුයයි සිතමින් - එය නැතිකර ගැනුම් වස්
නපුරුකම් නොකරන් - කළොත් කිසිකල නොවේ දනවත්.
206. දුක් වද වේදනා - විඳින්නට නොකැමති අය
නපුරුකම් අනුනට - නො කළ යුතූමය කිසිම විදියක.
207. කොයියම් සතූරුකම් - කළමුත් ගැලවීම ඇත
කූරිරුකම නමැතී - සතූරුකම කළ නසයි ලුහු බැඳ.
208. පා මුල සිටින මෙන් - අත් නො හැර සේයා රූ
නපුරුකම පවති - එයින් හේ වැනසීම නියතයි.
209. ආදර කෙරේ නම් - තමා තමහට සැමවිට
කිසිවකූට කිසිවිට - නො කළ යුතූමය නපුරු කිරියක්.
210. පසෙකට බර වෙමින් - සැහැසිකම් නො කරත් නම්
පාඩුවක් නැති අය - ලෙසට දැන ගනු වටී සැබවින්.
22.
පරෝපකාරය
211. උදව් දීමෙහි දී - පෙරලා ලැබුම නොසිතන්
ලෙවන් වැසි පල ලත් - කූමක් දේවි ද ? ඒ උදව්වට.
212. හැම දිරියක් යොදා - සැපයූ සෑම දනයම
උපකාර පිණිසයි - සුදුසු ගූණවත් දනට ලෙව්හි.
213. දෙව් ලොවත් මෙලොවත් - දැකූම අපහසු වේ වි
පරහට උපකාර - කරන තරමේ උසස් ගූණයක්.
214. සම අත් සිතින් යම් - ඇප-උපකාර කළ අය
වෙසෙත් මේ ලෙව්හී - සෙස්සො මළවුන් අතර සැම දා.
215. පිය කරන ලෝවැසි - යහ ගූණවතූන් සතූ දන
සිසිල් දිය පිරුණු - පිහිටි පොකූණක් වැන්න ගමමැද.
216. ගූණවතා සතූ දන - ඇප උපකාර දන්නා
ගම මැද ගසක වන් - වැහෙන මී මදු ඉදුනු පල මෙනි.
217. පහසුවෙන් ලබතැකි - බෙහෙත් ගසකට සම වේ
උපකාර අඳුනන - දනන් වෙත යම් දනක් වී නම්.
218. දනය අඩු කල්හිත් - දීම අත් නොහරින් මැ යි
පරහට උපකාර - කරන නැණවත් දනෝ ලෙව්හි.
219. කළ යුතූ උදව්වක් - ඒ හැටි නොහැකි වීම ම
ඇප උපකාර දත් - සුදන සතූ වූ දිළිඳුකම මැ යි.
220. පහරට උදව් දී - පෙරලා එතොත් පාඩුව
තමා විකිණීමෙන් - පවා පාඩුව මුදා හල හැක.
23.
දානය
221. දුප්පතූනට යමක් - දීම ම දීමනාව ය.
පෙරළා උදව්වක් - පිණිස වේ සෙසු සැම දීමනා.
222. හොඳ පල දෙන බවක් - කීවත් යැදුම නොහොබි
පරලෝ නැති වුවත් - දීම හොඳ වේ සදා කල්හිම.
223. තමා දුප්පත් ය යි - දුකකින් වදන් නොකියා
කූලවතා සත්තක - පරම පිවිතූරු ගූණය දීම යිත.
224. ඉල්ලන්ට මුනි නම් - එය අමිහිරක් ගෙන දේ
දෙන ඇත්තාගෙ මුව - පීතියෙන් ඉපිලී එන තූරා.
225. පැවිද්දන්ගේ බල - සාගිනි ඉවසීම වේ
අනුන්ගේ කූසගිනි - නිවන ගිහි බල වැඩි උසස් වේ.
226. දිළිඳුන්ගෙ කූසගිනි - සමනය කරන සුදනා
උපයන ලද දනය - නොරැක රක්නට තැනක් ලැබුවා.
227. බෙදා දී හැමවිට - තදනන්තරව වැළඳු
ගූණවතූන් සාගිනි - රෝගයෙන් පෙළුමත් අමාරු ය.
228. තම දනය සඟවා - නැති බුං කරන නපුරෝ
දීමෙන් ලබත හැකි - සතූට සම්පත නොම දනිත් දෝ.
229. සපයා ගත් අහර - වැළඳුන තමා තනිවම
ඉල්ලීමට වඩා - පහත් නින්දිත නිවට ගතිය යි.
230. තද දුකක් ඇති වන - දෙයකි මරණය සත්නට
එහෙත් එය සැපතකි - දෙන්ට සිතූසේ යමක් නැත්නම්.
24.
යසස
231. දීමෙන් කිතූ කදඹ - වැඩේ සත්නට හැමවිට
යසසින් දිවි ගෙවුම - නියම ජිවත්වීම නම් වෙයි.
232. දුගියනට දෙන දන් - නිසා ඇති වේ කිතූලිය
දෙන්නන්ගේ යසස් - දනන් තූඩ තූඩෙහි පවතීවි.
233. මහඟූ අති උත්තම - ඒ සා මහත් යසසම
මිස නො වැනස තිබෙන - අනික් ගූණයක් ලෙව්හි වෙන නැත.
234. මෙලොව දිගූ යසසක් - ඇතිව සිටියොත් කිසිවෙක්
ඔහුට මිස දෙව් ලොව - නො සැලකේ දෙවිවරුන්හට වත්.
235. දන් දීමෙන් දනය - අඩු වී එයින් මැරුණත්
කිත් සිරුර නො ගනින් - නැණවතා හැර ලොවේ අනිකෙක්.
236. උපදිනොත් උපදින් - යසසට ඉලක්කය වී
එහෙමත් නො මැති නම් - නූපදීමත් වඩා යහපත්.
237. යසසැතිව දිවි මග - නො ගෙවන දනෝ ලෙව්හි
තමන් ගැන නො තැවී - නිගා කරනුන් තවනු කූමටද ?
238. ලෝ වැසි සැම දෙනට - කිතූකදඹක් නොලත් නම්
එම නොලැබීමමත් - නිගාවක්යයි කියති සුදනෝ.
239. යසසක් නොමැති වූ - සිරුරු ඉසුලු පොළවෙහි
නින්දාවක් නොදෙන - සාරවත් පලදීම අඩුවේ.
240. නිගාවක් නොමැතිව - සිටින්නෝ ජීවත් වෙති
යසසක් නොමැත්තේ - මෙලොව වුව මළවුනට සමවෙති.
පැවිදි
ධර්ම
25. කරුණාව
241. කූළුණු ගූණ සම්පත - හැම සම්පතින් උත්තම
අනික් දන සම්පත් - නිවට නින්දිතයන් වෙතත් ඇත.
242. සුමගින්ම විමසා - කූළුණුව වැඩුම යුතූම ය
හැම මගින් බැලුවත් - එයම වහලයි සෑම සත්තට.
243. කරුණාබරින් යුතූ - සිත ඇත්තනට නැත්තේ
අඳුරෙන් අඳුරු වූ - දුගති ලොවකට ඇතූල් වීමක්.
244. කරුණාගූණෙන් යුත් - සව්සත රකිනවුන්හට
තමා තැති ගැන්වෙන - කිසිම විපතක් ලංනොවෙත් මැයි.
245. කූළුණු ගූණ ඇත්තෝ - කරදර ගැහැට නො ලබති
වා පැතිරි මේ ලොව - එයට දෙස් දේ නොයෙක් අයුරින්.
246. අමතක කළ දහම් - බව දුක වඩන පරිදි
කූළුණැස මළ බැඳි - අදත් අදහම් කරති නපුරෝ.
247. දනයක් නැති අයට - මෙලොව නැති මෙන් සැනසුම
කූළුණු ගූණ නැති අය - පරලොවෙහි දී නොලබතී සැප.
248. නිදනයෝ දනවත් - වුව ද යම්කිසි කලද දී
කූළුණු ගූණ නැතියහු - යලි දියුණු වනු දැක්ම උගහට.
249. කරුණාව නැත්තා - පුරන දහමක් විමසුව
පැහැදිලි දැනුම නැති - තැනැත්තා සැබව දුටුවා මෙන්.
250. බලවතූන් අබිමුව - තමා සිටි සැටි සිහිකර
දුබලයන් වෙත ගොස් - පරුස ලෙස කටයුතූ කරන විට.
26.
මස්
කෑමෙන්
වැළකීම
251. තම සිරුර වඩනුව - අන්සතූ සිරුරු කන්නා
කරුණාව සිත තූළ - ඇති කරන්නේ කවර අයුරුද ?
252. නො රකින ලද දනය - අඩුවන පරිදි වේගෙන්
කූළුණු ගූණ නොවැඩේ - මසුත් මාළුත් බුදිනවුන්ගේ.
253. එකකූගෙ සිරුරෙ මස් - රස බැලුවකූගෙ සිත්හී
අවි ගත්තනට මෙන් - පහළ නොමවෙත් කූළුණු ගූණයෝ.
254. කූළුණ සහනු කූළුණ - පර පණ රැකූම නැසුමයි
එහෙයින් පණ නැසුව - සිරුරෙ මස් කෑම අදහම් වේ.
255. ෆමස් නොකා සිටියොත් - සැම සතූන් පණ රැකූනා
කෑමට සිතා මස් - නරකයත් කට ඇරීමෙක් නැත.
256. පිළිකූල් කරන මස් - වැළඳීමක් නොමැති නම්
කූළුණු ගූණ ඇති දන - හමුවේ මස් වෙළඳාම නවතී.
257. සාරය ගලන ගඳ - අනිකකූගෙ සිරුරෙහි මස
වණයකැයි සිතූවොත් - මසින් වැළකී සදා නු බුදිත්.
258. වරදින් මිදි ඇති - පැහැදිලි දැනුම් ඇත්තෝ
අනෙකකූගේ සිරුරේ - මසක් නුබුදිති කිසිම ලෙසකින්.
259. යාග දහසක් කර - ලබන හිත සුවයට වැඩි
සෙත ලබත හැකිවෙයි - එකකූ වුව නොනසා රැකීමෙන්.
260. පර පණක් නො නසන - නිසි කල මසක් නුබුදින
ගූණවතූනට දොහොත් - මුදුන් දී වඳිති සෑම සතූනුත්.
27.
තපස
261. පැමිණි දුක් ඉවසුම - සතට හිංසා නොකෙරුම
මේ හොඳ ගූණ දෙකම - අංග වේ තවුසනගෙ සැමදා.
262. තපසත් තවුස් දම් - පුරන අයටම සුදුසුය
එම ගූණය නැත්නම් - තවුස් වෙස් ගැනුමෙන් පලක් නැත.
263. ගිහියන් තවුස් දම් - අමතක කර තිබෙන්නේ
අහර පැන් ඈ දැ - දෙමින් තවුසන් සනසවන්ටද ?
264. සතූරන් දමනයත් - මිතූරන් දියුණු කෙරුමත්
මේ ගූණයන් දෙකම - තවුස් බලැතිය වුනට වියයුතූ.
265. ලැබුමට කැමති දෙය - රිසි ලෙස ලබත හැකි නම්
මේ ලොව තවුස් දම් - පිණිස වැඩියෙන් දිරි දැරේවී.
266. තවුස් දම් නිසිලෙස - පුරන අය තවුසෝ වෙති
ආසාවෙන් වෙළී - පවු කරන්නෝ නොවෙති තවුසෝ.
267. රත් කරන කල්හි - දිලෙන රන් මෙන් බැබළෙති
දුක් විඳ විඳ තවුස් - දම්හි නියැලී සිටින තවුසෝ.
268. මම ය මාගේ යන - අදහස මුලින් සිඳු ලූ
පැහැදිලි නුවණ ලත් - අයට සව්සත වඳිති සතූටින්.
269. තවසින් ලබත හැකි - උත්තම තපස් බලයෙන්
හෙබුන තවුසන්හට - දැමිය හැක මරණය පවා කල්.
270. තවුස් සුව නැති අය - වැඩිවීමට කරුණු නම්
පුරනුන් අඩුවීම - නුපුරනුන් වැඩිවීම විය හැක.
28.
නො
මනා
පැවැත්ම
271. කපටි තවුසාගේ - නො මනා හැසිරීම දැන
පස් මහ බූතයෝ - සිනාසෙති ඔහු තූළ ලැගූම් ගෙන.
272. තමාදත් වැරදි - තම සිත තූළෙහි වේ නම්
අවකාශය උසට - පෙනුම තිබුනත් කිමද ? ඇතිපල.
273. තවුස් දම් නොමැතිව - තවුසන් බලය ඇඟවුම්
දිවිසම පෙරව ගත් - එළදෙනක් තණ කෑම වැනිවේ.
274. සැඟවී පැවිද්දෙහි - අදහම් කෙරුම තවුසා
පඳුරට මුවා වී - වැදි තෙමේ බඳිනු වැනි විහඟූන්.
275. රාගයක් නැති යයි - කියන්නන්ගේ නොමනා
හැසිරීමෙන් අහෝ ෟ - අහෝ ෟ කියවෙන පරිදි දුක් එයි.
276. කෙලෙසුන් දුරු නොකර - දුරු කළ ලෙසට අඟවා
දිවි ගෙවන තවුසන් - පමණ නපුරෝ නොමැත ලෙව්හි.
277. පිටතින් එම පෙනුම - ගැනුනත් පැහැය ඔලිඳක
ඇතූළත ඔළිඳ ඇස - මෙන් කළුව ඇති අයත් ඇත ලොව.
278. සිත කෙලෙසුන් පිරී - තවුස් වෙස් ගෙන සැඟ වී
හැසිරෙන වක තපස් - ගූණය ඇත්තෝ බොහෝ වෙති ලො ව.
279. නැමුණු වෙණ මිහිරිය - උදු හී තලය නපුරු ය.
කිරියෙන් මිස එමෙන් - උදක් පෙනුමෙන් ගැනුම නොයෙදේ.
280. සුදනන් නිගා කළ - දුසිරිත් මුදා හැරියොත්
දළ මඩුලු හිස මුඩු - දෙකින් කිසි උවමනාවක් නැත.
29.
සොරකම්
නො
කිරීම
281. ලැබුමට නිගාවන් - නොකැමැත්තා කිසි දෙයක්
නොකරනට සොරකම් - තමා සිත රැක ගත මනා වේ.
282. අනුන් සන්තක වූ - දෙය සොර සිතින් ගැනුමට
යම් කෙනෙක් සිතූවොත් - එවැනි සිතූවිලි පවා නරකයි.
283. සොරසිතින් උපයන - දන කඳ අති මහත් වුව
වැඩි දියුණු වූ සේ - පෙනී, නොපෙනී, වහා වැනසේ.
284. සොරකම් කිරිමෙහි - තද ඇල්ම ඇති වී නම්
එය විපා දෙන විට - නො කඩවා දුක් නිතර ඇති වේ.
285. අනුන් සතූ දනයට - ලොබ වි මාන බලනා
ඔහු සිත කරුණාව - සමඟ ආදරයත් පලා සේ.
286. නොවන් ලෙස හැසුරුම - නොහැකි වනුයේ සැමවිට
සොරකම් කිරිමෙහි - ඇල්ම තද ලෙස ඇතියවුන්හට.
287. අවංකව කටයුතූ - කරනවුන් වෙත කිසිවිට
සොරකමැ යි කියවෙන - නපුරු කිරියක් නොවේ කිසි දා.
288. නොවක් වූවහු සිත - හුදු දහම පවතින මෙන්
වක් වූවන් සිත්හි - නිතර වංචා ගතිය ඇති වේ.
289. සොරකම මිස අනික් - කිසිවක් නොදත් නුනුවණ
නපුරෝ බොහෝ විට - වංකකම් කර වහා වැනසෙත්.
290. ෆසොරකම් කරන විට - ඔවුන් පණනල වැනසෙයි
නොකරන දනන් හට - වඩා ළංවේ දේව ලෝකය.
30.
සබවස
291. යම්කිසි විදියකින් - කිසිකල කිසිම කෙනෙකූට
නරක පල නොම දෙන - සැබැ කියමන සැබව නම් වේ.
292. වරදක් නොවන ලෙස - හොඳ පල විපා දේ නම්
එම පල ලබනු වස් - කියන බොරුවත් සැබව සමවේ.
293. තමා සිත දත් දේ - කිසිවිට නොකරන්න බොරු
කළහොත් එතැන් සිට - තමා තම සිත දවයි නිතරම.
294. කෙනෙකූ තම සිත දත් - බොරු නැතිව හැසිරේ නම්
එබඳු ගූණවතූනට - සෑම සාදුහු ගරු කෙරෙත් මැ යි.
295. තම සිතට එකඟව - නිති සබවස කියා නම්
එය තපසත් දනන් - දෙකම රැකූමට වඩා උතූමැ යි.
296. බොරු නොකිමට සම - මහත් යසසෙක් වෙන නැත
එම උතූම් ගූණයම - දැහැමි බව දෙයි සෑම විටකම.
297. ෆබොරු නොකියන ගූණය - සැබෑකර හැසුරුණි නම්
වෙන අනික් දහමෙක් - නොකර සිටියත් නොවේ නරකක්.
298. සිරුරෙහි නිමල බව - සිලිලෙන් ගෙනේ නියදම
සිත තූළ නිමල බව - සැබෑ වදනින් දිසේ හැමවිට.
299. සැම දහමකින් එන - එළිය එළියක් නොම වේ
සාදුනට එළිය - බොරු නොකිමෙන් එන එළිය වේ.
300. අප සැබෑ ලෙස දුටු - දේවල් අතර බැලුවොත්
සැබවට වඩා හොඳ - යමක් ලෝ තූළ නොවේ සැමවිට.
No comments:
Post a Comment