51. විමසා තීරණය කිරීම
501. දම් අරුත සැප බිය - සතරෙහි තතූ පිරික්සා
නිල දරයන් ගැනුම - යෙහෙකි ඇම දැන ඇඳින විමසා.
502. උසස් යැයි සම්මත - වරදින වැළකූණ වූ
නො කැලැල් ගූණවතා - සුදුස්සෙකි නිලයක් දැරුම් වස්.
503. අනගි සිප්සත දත් - නිවැරදි මහත් නැණවත්
දොස් නැතිවිය නොහේ - විමසුවොත් ඒ උගත් වියතූන්.
504. ගූණ අගූණ මේ දෙක - දෙ පසින් තබා විමසා
වැඩි වන පස අනුව - සුදුසු නුසුදුසු බවට තේරේ.
505. ඔවු නොවුන් කිරියම - උරගල බවට හරවා
පහත් හෝ වැදගත් - බවට තෝරනු ලබන්නේ වේ.
506. නිගාවට බිය නැත - නෑයින් නොමැති ඇත්තේ
නිලදරයන් ලෙසට - තෝරනට නො වටිත් ඒ බන්දෝ.
507. නෑ හිතවත් කමට - ඉමහත් පිරුණු අදරින්
දැනුම් නැණ නැත්තන් - තේරිම ලොකූ මෝඩකම මැයි.
508. නො විමසා අග මුල - කෙනෙකූ ගැන කර තීරණ
ගත හොත් පරපුරම - නොවේ මුළු රට දුකට පත්වෙයි.
509. නො විමසා කිසිවිට - තෝරා නොගන් කිසිවකූ
හැකිකම් සෙවියයුතූ - සොඳින් තෝරා ගැනිමෙන් පසු.
510. නො විමසා ගැනුමත් - පිළිගෙන දෙවනු සැකයත්
යන මේ ගූණ නිසා - නො වැනසෙන දුක් ගැහැට ගෙනදේ.
52. විමසා පැවරීම
511. විමසා හොඳ නො හොඳ - නුසුදුසු දනන් පලවා
යහපත් ගූණවතූන් - පත් කෙරෙත් මැයි සුදුසු තන්හි.
512. දියුණුව උදාකර - අය පස නඟා ලන ලද
විමැසිලි සිතින් යුත් - කිරිය උතූමන් සතූ ය ඇමදා.
513. විමැසුම නැණ අදර - අන් සතූ දැයට නො කැමති
මේ සිව් ගූණින් යුතූ - අයට කටයුතූ සදා පැවරෙත්.
514. නොයෙක.යුරු විමසා - පිළිගත් නමුදු සමහරු
කරන කටයුතූ ලෙද - වෙනස් වන දන බොහෝ වෙත්මැයි.
515. හොඳින් දැන විමසා - කටයුතූ කරනුනට මිස
අනිකකූට හොඳයයි - හිතැඟි කටයුතූ නො පැවරිය යුතූ.
516. විමසිලිව කටයුතූ - කළ හැකි අයත් කිරියත්
දැන හැඳින විමසා - කලට පවරන් සුදුසු කටයුතූ.
517. මේ මේ කිරිය මොහු - මෙලෙසින් කරති අවසන්
මනැසින් බැලීමෙන් - ඔහුට පැවරිය යුතූයි කටයුතූ.
518. යම් යම් දෑ අනුව - විමසා බලා නුවණින්
සමතකූම තෝරා - ඔහුට පැවරිය යුතූයි කටයුතූ.
519. පැවරුන පසු කිරිය - ඔහු ගැන සැක කළෝ නම්
හොඳ හිත වෙනස් වී - තමා සතූ යස ඉසුරු නොවැඩේ.
520. නිරිඳු සේවකයින් - දින පතා විමසිය යතූ
ඔහු නොවක් වූ නම් - ලෙවීහි දන වංක නොම වෙත් මය.
53. සබැඳියාව
521. මෙනෙහි කර ඉ පැරණි - හිතවත් කමෙහි දැවටී
නිරත වෙත් පසු පස - නෑ සියෝ දන හිත වුවත්.
522. නො වැනයි ආදරය - නෑකම් රදා ඇත්නම්
යස ඉසුරු ගෙනදේ - වැඩේ නො කැඩෙන පරිදි නිතැතින්.
523. නෑ කම් සබඳකම් - නො මැති අයගේ දිවි මඟ
බැමි බිඳුන වැව වට - වතූර එක් රැස් කෙරුම් වැනි වේ.
524. යස ඉසුරු ලැබුමෙන් - අත්වන පලය සැබවින්
නෑ දෑ දනන් සෑම - තමා පසු පස පිරි වැරීමයි.
525. හිත කැමති වදනන් - තූටුවන පරිදි දීමත්
නිසා සැම දාමත් - නෑ සියන් පිරිවැරුනු අය වෙත්.
526. තැන නො තැන ඉවසන - දන් දෙන හිතැති බෙහෙවින්
පින් වතූනට වඩා - නො මැත වෙන නෑසියන් ඇත්තෙක්.
527. නො සඟවා කපුටා - කළ ඒ දනන් විමසා
දෙන සැලකිලි අනුව - සෙස්සනුත් සේවයට පෙළඹෙත්.
528. උසස් ලෙස සේවය - කළ ඒ දනන් විමසා
දෙන සැලකිලි අනුව - සෙස්සනනුත් සේවයට පෙළඹෙත්.
529. පෙර කරුණත් නැතිව - නැ දෑසියෝ වෙන් වූ
කරුණු පැහැදිලි වී - නැවත නැදෑ කමට පැමිණෙත්.
530. වෙන් ව සිට නැවතත් - පැමිණිය සියන් විමසා
හිතැඟි දැ ඉටුකර - වෙන් නො වන සේ රඳා ගත යුතූ.
54. අමතක නොකිරීම
531. ඉ මහත් සොම්නසින් - මත් වී කෙරෙන අමතක
කෝපයෙන් මත්වී - කෙරෙන අමතකට වැඩි නපුරුයි.
532. නිරන්තර සිඟූමෙන් - නැණ මරණ ගෙන දෙන මෙන්
සැම යසිසුරු මැරේ - එසේ අමතක වීම ඇත්නම්.
533. කරණ ලද අමතක - කෙනෙකූට නොවේ යසසක්
විද්වතූන් ඇම දා - මෙසේ තීරණ කරන ලද්දකි.
534. බලකොටුවෙන් පලක් - බියගූලු අයට නො යෙදේ
එමෙන් අමතක වන - අයට කවදත් නො මැත හොඳ බව.
535. විපතක් එන්ට පෙර - නො රැකී කළෝ අමතක
දැනැඳින තම වරද - දෙවනු කරදර අනුව දුක්වෙත්.
536. ඇම විටම ඇම දෙන - නො කළොත් සදා අමතක
ඉස්තිර සාර වූ - එයට සම අනිකක් ලෙව්හි නැත.
537. රැකවරණ සහිතව - අමතක නො වීමේ අවි
ඇතොත් අපහසු යයි - ලෙව්හි නො කළැකි දැයක් නම් නැත.
538. පැසසිය යුතූ දැයට - පැසසිය යුතූයි නො රඳා
අමතක කළ වුනට - උපන් සත් බවෙක හොඳ බව නැත.
539. දොම්නස සිඳ දමා - සොම්නසින් මත් වූ විට
අමතක කිරිමෙන් - නැසුනවුන් ගැන සිතනු යහපති.
540. සිතූව දැය ලැබුමට - පහසුවේ යම් කිසි විට
අමතක නොකර ඒ - නැවත සිතූමෙන් එසේ සිදුවේ.
55. සෘජු පාලනය
541. වැරදි හැම විමසා - හිතවත්කමින් නො බැඳි
සුදුසු ලෙස දඩුවම් - දීම උදු පාලනය නම් වේ.
542. ලෝ වැසි හැම දෙනා - වැසි පල බලා වෙසෙති
රට වැසියෝ වෙසෙති - බලා රජුනගෙ දැහැමි සේවය.
543. දහම් පිළි පැදුමත් - සදහම් සතර රැකූමත්
යන ඇමට හේතූයි - දැහැමි පාලනය නරනිඳුගේ.
544. වැසියනට අදරින් - කරන පාලන කටයුතූ
නර දෙවිඳු සෙවනෙහි - වෙසෙත් ලෝ වැසි දනෝ සතොසිත්.
545. නීතිය අනුව උදු - පාලනය ඇති රටෙහි
අස්වැන්න වැසි පල - දෙකම නො අඩුව සදා ඇතිවෙත්.
546. පාලන කෙරේ නම් - ඒ ඒ අයට නො නැමි
වේලා යුදය නොව - දිනුම දෙන්නේ එබඳු ගූණයයි.
547. ලොව රකින නිරිඳා - රජ දහමද රකී නම්
එ රැකි රජ දහම ම - එබඳු නිරිඳුට රැකවරණ දෙයි.
548. පමා දොස් අබියස - රට පාලනය කෙලෙසුව
තමා මත් වැන සේ - පමාවෙන් නර දේවයන් ගේ.
549. ඇතූළතින් පිටතින් - එන උවදුරින් වැසියා
රැක ගැනුම් උදෙසා - කරන දඩුවම් වරද නොම වේ.
550. නපුරනට මරණය - පමුණුවන දඩුවම නම්
බෝග මැද වල්පැල - මුලින් උදුරා දැමුම සම වේ.
56. නපුරු පාලනය
551. වැසියනට කරදර - දී රජ කරන මී පල්
පවිටු මෙන් කූරිරුය - මිනි මරුවන් හට දෙවැනි නොව.
552. දෙන්න දෙන්නැයි යන - වේල.විය ගත්තහු මෙන්
රැගෙන සෙන්කෝලය - සිඟති අය බදු දනන් බියකර.
553. ඇති තතූ නො විමසා - පාලන කරන රජුගේ
දවසින් දවස රට - කෙමෙන් පිරිහී වනස ගෙන දේ.
554. වංක ලෙස රැකි රටැ - නොයෙකූත් ගැහැට ඔස්සේ
පිරිසත් දනය දෙක - නැසේ දුක් බිය කෙමෙන් ගෙනදී.
555. නියම පාලනයක් - නැති වැසියනගෙ වන් දුක්
හැඩු කදුළු අවියෙන් - තිබුණ යසිසුරු රජුගෙ ගෙවුනා.
556. නිසි ලෙස රට රකින - රජනුට කිතූ කදඹ යෙසි
යස ඉසුරු කිත්ලිය - එබඳු රජුටයි සෙසුවනට නැත.
557. වැසි පල නැති ලොවේ - කෙලෙසද ?
සරු නිසරු කම්
කූළුණු ගූණයක් නැති - නිරිඳු රට වැසියනට එ සමයි.
558. කෙලෙසා රට කරන - රජහට යටත් වී නම්
ඉසුරුමත් බව වුව - දිළිඳු කමටත් වඩා දුක දේ.
559. කොටසකට ගැති වි - රට කරන අය අබියස
කලට වැසි නො වසි - අනෙක දුක් බික් දුක් උදාවේ.
560. නියම ලෙස රට රැක - පාලනය ගෙන නො ගියොත්
පැවිදි දම් පිරිහේ - එමෙන් පස් ගෝ රසය හිඟවේ.
57. භය ජනක දේ නොකිරීම
561. සම මෙත් සිත ඇතිව - විමසා කරන වැරදි
නැවත නො කරණ ලෙස - සුදුසු දඩුවම් දෙවත් නරනිඳු.
562. පැහැදිලිව විමසා - තද බව තදින් පෙන්වා
ලිහිල් දඩුවම් දෙන - රජුන් සතූ දන සදා පවතී.
563. වැසියනට බිය දෙන - පාලනය ගෙනයන රජු
නපුරුකම් හමුවේ - නො අනුමානව වහා වැනසෙත්.
564. රජ නපුරෙකැයි යන - වදන් කියවන නරනිඳු
නිසා රට වැසියෝ - කිපෙත් ඉන් එම රජුද වැනසේ.
565. පිය කර මුහුණ නැති - බැහැ දක්නට ද අපහසු
රජුගේ මහ දනය - බිය දෙවයි අවතාරයක් මෙන්.
566. ඇති රුදුරු වදනැති - දයාවක් නැති රජුගේ
දනය වැනසී යයි - දිගූ කලක් නො රැඳේ නොපැවතේ.
567. පමණට වැඩි නපුරු - වදනත් දඩුවමත් දෙක
පීරට සමානයි - ගෙවන නිරිඳුගෙ රාජබලතල.
568. ඇමතින් නො විමසා - කෝපාවිෂ්ට විමෙන්
රැවුමෙන් ගෙරවුමෙන් - තමා සතූ යස ඉසුරු සුන්වෙයි.
569. යුද එනවිට නො රැක - ඉඳුමෙන් නො සැළකිළි වී
බියක් වන් කෙනෙහි - රජුත් රජ පරපුරත් වැනසෙත්.
570. නූගතූත් සමඟින් - ගෙන යන නපුරු පාලන
විනා වෙන අනිකක් - උදක් පොළවට නොමැත බරවී.
58. කරුණාව
571. කූළුණු ගූණ යැ යි යන - මා හැඟි ගූණය ඇති නම්
නො නැසී සදාකල් - මෙ ලොව දියුණුව රඳා පවතී.
572. ලෝදනගෙ දියුණුව - පවතී කූළුණු ගූණ මත
එම ගූණය නැති අය - සියළු කල්හි ම ලොවට බරෙකි.
573. නුසුදුසු ගීතයට - රාගය කූමට එලෙසින්
කූළුණු බර බැල්මක් - කිසිදු නො හෙලන නුවන් කූමටද ?
574. කූළුණු බර බැල්මක් - නො හෙලන නුවන් මුහුණෙහි
ඇතිවිමක් විනා - කූමන පලයක් දෙයි ද ?
කවදා.
575. දෙ නයනට අබරණ - කූළුණු ගූණ යුත් බැල්ම යි
එ බවක් නැති නයන - වණ කැලැල් මෙනි මුහුණැ සැදුනු.
576. දයාබර බැල්මක් - නැත්තෝ නුවත් තිබුණත්
පොළවේ වැඩෙන ගස් - මෙ නැයි පවසත් වියත් උතූමෝ.
577. කූළුණු බැල්මක් නැති - කෙනෙකූට නුවන් නැති මෙනි
දෙ නුවන් ඇති අයට - කූළුණු බැල්මක් තිබිය යුතූ වේ.
578. කටයුතූ නො වැනසෙන - කරුණා ගූණය පතූරන
සුදනනට මේ ලොව - සොබා දහමින් උරුම වුවකි.
579. කරදර කරනවුත් - වෙත වුව කූළුණු ගූණයෙන්
බලා ඉවසත හැකි - ගතිය අති උතූම් වේ යැ යි යෙති.
580. කූළුණු බව කැමති - තම තම යහළු යෙහෙළින්
වස විස වුව නො බා - එක්ව කා බී තූටුව සැනසෙත්.
59. චර පුරුෂ සේවය
581. ලබන ලද ඔත්තූව - නීති සතරත් මේ දෙක
රට කරන නිරිඳුට - උතූම් දෙ නෙ තැයි ගැනුම සෑහෙයි.
582. සිදුවන හැම දෙයම - හැම විට හැම දෙනා ගැන
රජුගේ යුතූ කමය - වහා දැන ගැනුම ඇති පරිදි.
583. ඔත්තූකරුවන්ගෙන් - නො ගතොත් ඔත්තූ රහසේ
කරුණු ලොව නො ම දත් - දිනුම ගැනුමට රජුට ඉඩ නැත.
584. නෑ සියන් සතූරන් - සේවකයන්ද වැසියන්
යන ඇම ගෙ තොරතූරු - ගෙනෙත් රහසිත් ඔත්තූ කරුවෝ.
585. සැක නොකරන වෙසත් - එඩිතර වීර ගතියත්
කිසි තැනෙක නො කියන - ගූණත් සතූවේ ඔත්තූ කරුවන්.
586. පැවිදි වෙසකින් ගොස් - විමසන විටකදී වුව
හිරිහැර කළ නමුදු - රහස් නොම දෙති ඔත්තූකරුවෝ.
587. සැඟවුනු දෙය සොයන - දත් දෙය දකින සැක හැර
නැණ ගූණයෙන් පිරුණු - ඔත්තූකරුවෝ සමත් වෙත් මැ යි.
588. ඔත්තූව බලා දුන් - අනිකූත් ඔත්තූ කරුගෙන්
මා හැඟි හිත කැමති - කරුණු ඇති තෙක් සොයා ගත යුතූ.
589. උනුනුන් නො හඳුනන - ගණනක් ඔත්තූ කරුවන්
යවා ඉන් තිදෙනෙකූ - ගන්න මඟ ගතයුතූයි නරනිඳු.
590. ඔත්තූකරුවන්හට - තූටු පඩුරු දෙන කල්හි
වැසියනට නො හැඟෙන - පරිදි දිය යුතූය රහසක් සේ.
60. දිරිය
591. දිරිය ඇති දනහට - තමා ඇති බව වත් වෙයි
නැතියනට අනිකක් - තබා තම ඇති බවද නො ම වේ.
592. යස ඉසුරු වැඩි වේ - වැඩවිම නො නැනවත යයි
යසිසුරු නැති වුවත් - දිරි ගූණය තමහට ඉතිරි වේ.
593. ගැඹුරු දිය පමණට - පියුම් දඩුවේ දිග මෙන්
උසස් බව ඇති වේ - දිරිය පමණට මිනිස්සුන්ගේ.
594. නො සැලෙන සිතැත් නම් - ගූණ නැණ බරණ පැළඳු
දිරි වඩන උතූමන් - සොයා මඟ දැන දනය පැමිණේ.
595. දිරියම දනය කොට - හැමවිට සිතන සලකන
උතූමන් සතූ දනය - පිරිහුණත් ඔහු නොකැළඹෙත් ම ය.
596. උසස් ලෙස සිතමින් - සිතිවිලි අනුව කළ දැ
බිහි ගෙයිම පැරදී - ගියත් දිරිමත් සිත ඉතිරි වේ.
597. හී පහර ලදුවත් - රණ සුර ගිජිඳුන් මෙන්
නො සැලෙත් විපතෙදි - උදක් නිසසල දිරි දරන්නෝ.
598. දිරිමත් හිත නො මැති - සමහර දෙනා ලෙව්හි
දන් දිමෙන් ලබන - උදානය කිසි දිනක නො ලබත්.
599. දල යුගල සහ කඳ - ඒ සා මහත තිබුණත්
ඇතූ වුවද බියවේ - පොරට කොටියා වැටුණ කල්හි.
600. දිරිය ගූණ නැතිවුත් - ගස් මෙනි රුවැති මිනිසුන්
දැනීම ම දිරියයි - එය ම දියුණුට මඟ සදන්නේ.
No comments:
Post a Comment