31. නො කිපීම
301. හැකි තැනදී කෝපය - වළක් වන්නා උතූමෙකි
නො හැකි තන්හිදි එය - නො වැළකූව ඇතිවේවි පාඩුව.
302. පහරදෙනු හැකි තැන - කොහොමත් කිපුම නරකයි
නොහැකි තැනකදි වුව - එයට වැඩි නපුරු අනිකක් නැත.
303. සව්සතූන් කෙරෙහිම - අමතක කරන් කෝපය
නැතහොත් ඉන් ගෙනෙන - විපාකය හොඳ නොවේ කිසිවිට.
304. සතූටත් සිනාවත් - මුළුමනින් සිඳ බිඳ ලන
කෝපයට සම වන - සතූරු කමෙකූත් ඇද්ද ? සැඟවී.
305. තමා රැකගනු වස් - කෝපය වැළැක්විය යුතූ
නොවැළකූවොත් තමන් - මරයි කෝපය සැඟවෙමින් සිට.
306. කෝපය නමැති ගිනි - නෑ දෑ නමැති ඔරුවත්
දවමින් උදව්වක් - ගන්ට ඉඩ නොතබා වනසවයි.
307. මහ පොළොවට පහර - දිමෙන් අත පෙළෙනු වැනි
කෝපය දනය කොට - ගත්තවුන් වෙතට එන වැනසුම.
308. දවන ගිනි සිළු මෙන් - ලදුවත් නපුරුකම් සත
හැකි නොහැකි තන්හිදි - නොගන් කෝපය එයයි උත්තම.
309. සිතූ හැම දෙයමත් - සිතූලෙද ලැබෙයි එවිටම
සිත තූළෙහි කෝපය - තබාගෙන සිතන බව නැත්නම්.
310. මළවුනට සම වෙති - තද ලෙස කෝපවූවෝ
කෝ ගිනි නිවුවෝ - විතරාගීනටම සම වෙත්.
32.
අවිහිංසාව
311. යස - ඉසුරු ලදුවත් - අනුනට ගැහැට හිංසා
නො කිරිමේ ගූණය - නිදොස් අයගේ උතූම් ගතිය යි.
312. හිංසා කළවුනට - පවා එකටෙක හිංසා
නොකරන සුගූණ ගති - සදාකල් නිදොසුන්ගෙ ගතිවෙ යි.
313. කිසි කරුණක් නැතිව - හිංසා කරනවුන්හට
නො ගැලවිය හැකි දුක් - ලැබෙයි ඒ හිංසා කිරිමෙන්.
314. හිංසා කළවුනට - දියයුතූ හොඳම දඩුවම
ලජ්ජා වන ලෙසට - වඩ වඩා හොඳ දෙය කිරිමයි.
315. අනුන් දුක තම දුක - ලෙස නො සලකන කල්හි
ලබන ලද දැනුමෙන් - කූමන පලයක් ලොවට වේවි ද ?
316. හිංසාවැ යි කියා - තමා දත් දේ හැමවිට
අන්කෙනෙකූට ලොවේ - නො කළ යුතූමය තමා දැන දැන.
317. ෆකිසිලෙසක කිසිවිට - කිසිවකූට වුව හිංසා
සිතින්වත් නො සිතූම - ඉතා උත්තම දහම වේ මැ යි.
318. හිංසාවෙන් ලැබෙන - දුක සහ වේදනාවන්
හඳුනන තැනැත්තේ - ඇයි ද ? සව්ලෙව් සතට හිංසා.
319. පෙරවරුයෙහි තමා - අනුනට කළොත් හිංසා
තෙමේ ලුහු බැඳගෙන - ඒවි පස්වරුවෙහි තමන් වෙත.
320. දෙවුන වද හිංසා - පෙරළා ගෙනෙත් බිය දුක්
නො කැමති දුක් විඳුම් - සුදන හිංසා සිතින් දුරලති.
33.
නො
මැරිම
321. යම්කිසි විදියකින් - යම් කිසි පණක් නො නැසුම
දහම වෙයි නිතරම - නැසිමෙන් වෙයි බොහෝ අදහම්.
322. පඩුවන් ලිපි කැරුණ - දහමට වැඩි උතූම් වේ
පණ රැකූම සඳහා - ඇමට සඟරා කිරිමත් නිති.
323. දහමෙහි පළමු තැන - ලියැවුන ඉතාමත් හොඳ
දහම නො මැරිමයි - දෙ වැනි තැන සබවසට හිමි වෙයි.
324. සඟ මොක් යන දෙකට - හොඳ මල කිමැ යි කියතොත්
සව්සතූන් නො නසනු - පිණිස තම සිත තනන මඟ වෙයි.
325. බියෙනැ.ලැලි ගිහිගෙට - පැවිදිව වෙසෙන වුන්ගෙන්
පණ නැසුමට බියෙන් - නොනැසීම සිතනහු උතූම් වෙති.
326. පරපණ නො නසමැයි - නො නැසුන රැකූම් ඇත් නම්
හෙතෙම සතූ ජිවය - වෙතට යමයා පවා නොමයෙයි.
327. තම පණ නැසෙන තූරු - වද වේදනා පත් මුත්
පරපණක් වනසන - කිරියයන් නො කිරිම යුතූ වේ.
328. පර පණ නසාලන - කිරියෙන් ලබන සම්පත
ගූණ දහමින් පිරුණු - සාදුනට හිත පිණිස නො යෙදේ.
329. පහත් බව විමසන - විද්වත් උගත් උතූමෝ
පර පණ නසන්නන් - වසලයන්යැ.යි සිතත්, අමතත්.
330. සිරුරින් විරුපව - දුක් බර දිවි ගෙවන්නෝ
පෙර පර පණ නැසූ - අයම වන බවට සැකයෙක් නැත.
34.
අනිත්යය
331. නො තිර දැය තිර දැය - ලෙසින් අදහන නො දැනුම
හැම නොදැනුම් අතර - මහා නො දැනුම්කමැයි සැලකේ.
332. රැස් වන රඟ හලට - ජනයා විසිර යන මෙන්
එක් වන යස ඉසුරු - නැවත විසිරෙන් තිබුණ පරිදි.
333. අනිස වන වස්තූව - ලදුවත් ලදුව කෙනෙහී
ඉස්තිර සාර වූ - මහඟූ දහමින් තිරව ගත යුතූ.
334. සැනසුම දෙන එකක් - සේ පෙන්වමින් ආයුව
පණ ඉරන කියතැ.යි - සිතති උතූමෝ නො තිර බව දත්.
335. දිව අති දුබල වි - එන්නට පළමු ඉක්කා
දෙලෝ වැඩ සඳහා - කරන් යුතූකම් පමා නැතිවම.
336. ඊයේ සිටි කෙනෙක් - අද ජිවතූන.තර නැහැ
නොතිරබවයැයි යන - දහම මේ ලොව සදා පවතී.
337. මොහොතක් වත් මෙපණ - රැකෙන බව වත් නොදනිති
නමුත් සිතිවිලි රැස - කෝටි ගණනයටත් වැඩියෙනි
338. හැරදමා බිජුවට - කූරුල්ලකූ පියඹන මෙන්
සිරුරෙ පණ රැඳුනත් -
නැවත සිරුරෙන් පණ ඉවත් වේ.
339. නිදීමට සම වේ - මරණය පැමිණිම නම්
එයට පසු ඉපදුම - පිබිදිම මෙනි නින්ද අවසන.
340. කයින් කය තූළ වැද - ලැගූම් ගනිමින් සිටිනේ
පණෟ ඔබට සැමදා - ලැගූම් ගැනුමට තැනක් නැද්දෝ.
35.
ගිහිගෙය
හැරයාම
341. යම් යම් දේ කෙරෙහි - නො ඇලී හළ තැනැත්තා
ඒ ඒ දේවලින් - ලබන දුකිනුත් මිදෙයි සැමදා.
342. තවුස්දම් රිසි නම් - හළ මැන සිතැඟි රුතිකම්
දුරු කිරීමෙන් පසු - මෙහිදී ලබතැ.කි සැප බොහෝ වෙයි.
343. මොක් සැප කැමැත්තෝ - හළ යුතූය පස්කම් සැප
අන් සියලු සම්පත් - හැරිය යුතූවෙයි සිතින් එවිටම.
344. ඇති ඉසුරුමත්කම - ගෙන දෙන හෙයින් බාදා
එයින් වෙන්වීම ම - තවුස් බවටද සිරිය වුයේ.
345. සිරුරත් වැඩිවි නම් - ඉපදුම සිඳින වුන්හට
එබඳු පුඟූලන් හට - කූමක් පිණිසද ? වෙනත් බැඳුමක්.
346. මම ය මාගේ යන - හැඟූම් සහමුලි.නුදුරා
සිඳින ලද තවුසෝ - ලබත් දෙවියන් නො ලද සම්පත්.
347. කෙනකූ සිත අනිකක - ඇලී ඇත්නම් තද ලෙස
දුක අල්ලා ගනියි - ඔහුව නොසැලෙන පරිදි තරයේ.
348. කෙලෙසුන් මුළුමනින් - සිඳලූවෝ ලබති මොක්
නො එසේ වූ දනෝ - මෝ මුලාවෙන් පැටලුනෝ වෙති.
349. රුතිය සිත බිඳලුව - නැවතත් නූපදී වී
උපදින බව පෙනේ - හනික අනිකක ඇලුන ඇත්තේ.
350. ආසා මුළුමනින් - සිඳු ලූ උතූමන්ගෙ මඟ
ආසාවෙන් යන්න - එවිට දුරුකළ හැකිය ආසා.
36.
නිවැරදි
දැකීම
351. අනියත දෑ නියත - සේ දකිනා මෝහයෙන්
මූලා වූ හැමදෙන - නැවත උපදිත් පහන් පරිදි.
352. මෝහෙන් නුමුලාව - නිවැරදි දැකූම් ලත් අය
අවිදුවෙන් වෙන් වී - සදාකාලික සැප ලබත් මැයි.
353. සැක දුරුකර නියම - අවබෝදය ලදුන්හට
මහපොළොවට වඩා - ලඟින් දිස්වෙයි සදා මොක්පුර.
354. නියත අනියත දෙක - ඇති ලෙස නො දැන ඉඳුරන්
දමනය කිරීමෙන් - ලැබිය හැකි මඟ පල නොවෙත්මැයි.
355. කවරෙක කොයි ලෙසින් - වුව ඒ දෙයෙහි නිවැරදි
නියම අවබෝදය - ගත්තූ නම් එය හරි දැනුම වේ.
356. දැන උගෙන ලෝ තතූ - සුදනෝ සැබව දුටුවෙන්
නැවතත් නො එන සේ - හිතන ලද මොක් මඟට පත්වෙත්.
357. තම සිත පිරික්සා - පැහැදිලි ලෙසින් පිරිසිඳ
ඇති තතූ දනී නම් - නැවත ඉපදුම පැතූම නොමවේ.
358. හේතූ වූ අවිදුව - ඉපදුම දමා යද්දී
නුපදින සිතූවිලි - හරි දැකූම් උඩ පහළ වේවි.
359. සැබව මේය.යි දැන - ආසා දුරු කෙරේ නම්
ඇති දුක් ද වැනැසී - මතූද එන දුක් ලං නොවේ වී.
360. මෝහය, රතිය, කොව - නම් මතින් වද නැත්නම්
එයින් එන සැම දුක් - නැතිවිම ගැන කූමට කියනු ද ?
37.
තණ්හාව
දුරු
කිරීම
361. සියලුම සතූන්ටත් - සැම කල්හිම නො කඩව
ඉපදුමට බීජය - ආසාවයැයි කියති උතූමෝ.
362. ආසා ඇවැසි නම් - නො ඉපදීමට විය යුතූ
ආසා නැති බවට - කැමති වීමෙන් එය ලබත හැක.
363. ආසා නැති බවට - සම වන උතූම් දනයක්
මෙහි නැතූවාසේ ම - එහිත් අනිකක් නැත එයට සම.
364. සුපිරිසිදුතාවය - ආසා නැති බවට වෙයි
සබවස පිහිටියොත් - තමන් වෙත එයි එයද නිතැතින්.
365. ආසාව නැත්තෝ - බව දුක් නිවාලුවෝ
සෙස්සෝ එසේ නොව - සසර උපදිත් නිරායාසෙන්.
366. ආසාවීම ම ය - කෙනකූ රවටා ගන්නේ
එහෙයින් බිය වීම - ඉතා යහපති එබඳු ගූණයට.
367. සිඳුලුව මුළුමනින් - පිළිසිඳ ගැණුනු ආසා
සිතන ලද පරිදි - තවුස් බව එයි තමන් පස්සේ.
368. හළවුනට ආසා - දුකක් නොම වේ කිසිවිට
නො නැසී වැඩෙත්මැ.යි - රුතිය නොහළොත් සිත්හි සැම දුක්.
369. පමණ නොකළැකි සැප - නො කඩව ලැබෙයි මෙලොවදී
ආසාවැ.යි කියන - දුකෙහි මුල මුළුමනින් සින්දොත්.
370. සැනසිය නොහැකි වන - දැඩි ආසාව සින්දොත්
මාහැඟි එම ගූණය - සදා නො නැසෙන සුවය ගෙන දෙයි.
කර්මය
38.
කර්මය
371. දනය ලැබුමට එන - කර්මය අනුව වේ නො පමා
දන වනස සඳහා - කම් යෙදුනුවිට එයි පමා දොස්.
372. කූසල්කම් අනුසස් - දියුණුව නුවණ ගෙන දේ
අකූසල්කම් විපා - මෝහයම තව දියුණු කරලයි.
373. නොයෙකූත් සිත් සතර - උගෙන ලද දැනුමැති මුත්
කම් පල අනුව ලත් - දැනුම එය අබිබවා පවතී.
374. දැනුම දෙන නුවණත් - ඉසුරත් දෙකම බලවත්
ඒ ඒ කම් අනුව - ගෙනෙත් දියදම් මවගෙ මහිමෙන්.
375. කරන හොඳ විටකදි - නපුරට හිටී ඉසුරට
නරක වුව ගූණ දෙයි - ඉසුරු තැන්පත් වන වෙලාවට.
376. හිමි නැති යස ඉසුරු - රැක්කත් නො රැකූණා සේ
උරුමෙන් ලද ඉසුරු - නොරැක රැකූණා නිරායාසෙන්.
377. කිව නොහැකි අපමන - ඉපයුව නමුදු යසිසුරු
කළ කම් පල අනුව - විනා ඉන් පල ගැනුම උගහට.
378. කළ කම් අනුව එන - දුක් එළවන්ට හැකි නම්
දිළින්දෝ සාගිනි - නිවා ගනු වස් පැවිදි වේ වි.
379. හොද නරක මේවා - කම් පල අනුව එනවා
පැමිණෙන හොඳ වගේ - දුකට දුක් වී කූමට තැවෙනුද ?
380. කම් පල දෙක පමණ - අනිකක් නොමැත බලවත්
කෙලෙස විමසූ මුත් - අවසන එයම පෙරමුණට වේ.
No comments:
Post a Comment