11. කළගූණ තැකීම
101. උදව්වක් වශයෙන් - කිසිවක් නො කළ කෙනෙකූට
කරන උපකාරය - අහසටත් පොළවටත් නො සමයි.
102. නිසි කලට කෙනෙකූට - කල උපකාර වූ නම්
එය ඉතා සුළු වුව - මහා ලොවටත් වැඩි විශාලයි.
103. ලබන පල නොසිතා - කළ උදව්වෙහි හොඳ බව
මනින්නට හැකි නම් - මහා මුහුදට වැඩි විශාලයි.
104. අමුවක තරම් වූ - සුළු උපකාරයක් වුව
පලය දත් ඇත්තෝ - ගනිති එය තල් තරම් වනසේ.
105. උදව් ලද්දහු ගේ - ගතිගූණ සිරිත් අනුවම
කළ උපකාරයෙහි - අගය මැනුනා සෑම කල්හිම.
106. වැරදි නැති අයගේ - හොඳ හිත නොකර අමතක
පිහිට වූවන් හා - සබඳකම රැක ගන්න හැමවිට.
107. තම දුක සිඳ දැමූ - ගූණවතූන්ගේ ගූණකඳ
සත් දැයෙක උපනත් - සුදන සිහිපත් කරන සැමදා.
108. කෙනෙකූන් කළ ගූණය - අමතක වීම නරකයි
අඟූණ කළ විටකදී - වහා අමතක වීම යහපති.
109. මරණට තරම් වන - අගූණ කළමුත් කිසිවෙක්
පළමු කළ ගූණයක් - සිතන විට අගූණ වැනසී යයි.
110. ගැළවිමට හැකිය - බිඳලුව නමුදු හැම ගූණ
කළ ගූණ නොතැකූවොත් - නොහැකි වේ ගැලවීම ලැබුමට.
12. මැදහත් බව
111. මැදහත් බව උතූම් - ගූණයකි කෙරෙහි හැමදෙන
දැහැමිව හැසිරෙන්ට - ඉඩක් ලැබ ජීවත්වනුයෙ නම්.
112. මැදහත් ගූණින් යුතූ - සුදන සැපයූ වස්තූව
නො නැසී ඉතිරි වී - පරපුරට රැකවරණ ගෙන දේ.
113. නොමැදහත් ගූණයෙන් - ලද දනින් වුව යහපත
මනැසින් මෙනෙහි කර - හනික අත්හැර දැමිය යුතූමයි.
114. නොමැදහත් මැදහත් - අය කවුරුදැයි විමසුව
ඔවුනොවුන්ගෙන් පසු - සෙස්ස හැමවිට එයට පිහිටයි.
115. පාඩුව ද ලාභය - මෙ ලොවෙහි සොබා දහමයි
ඒ දෙක්හි නොසැලෙන - සිතක් ඇති බව සුදන ගූණයයි.
116. මැදහත් බවින් තොර - සිතකින් කළොත් අදහම්
එ නයින් වැනසෙනුයෙ - තමා බව දැනගනුව නිසැකින්.
117. මැදහත්ව හැසිරෙන - අයගේ ඇති දිළිඳු බව
ලෙව්හි සුදනෝ සැම - නො සලකති අඩුපාඩුවක් ලෙස.
118. හොඳහැටි විමසමින් - කිරනා තූලාවක් මෙන්
පසෙකට නො නැමීම - සාදු දනහට වේ ය අබරණ.
119. සිත තූළ තිර ලෙසට - වක් බවෙක් නැති වී නම්
බසෙහිදු එම ගූණය - ඇති බව ම මැදහත් ගතියවේ.
120. අනුන් සතූ වස්තූව - තම සතූ දනය පරිදි
රැක බලා නිසිලෙස - කරන වාණිජකම ලාබයයි.
13. ආත්ම දමනය
121. තමා දමනය කළ - අය යැවෙත් අමරුන් වෙත
නො කළහු ගනඳුරට - හෙවත් නිරයට පමුණුවාලයි.
122. තමා තම දමනය - දනයක් පරිදි සුරකින්
ඉසුරුමත් සතහට - දනය දමනය කෙරුන තිදොරයි.
123. දතයුතූ දැ උගෙන - යහ ගූණ දහම් ඔස්සේ
තමා දමනය කළ - ඇමට මතූ සුව පල උදා වේ.
124. නියම ගිහිකම රැක - කෙනෙක් දමනය වූ නම්
උසස් වේ සැමවිට - මහා ගිරිකූළ උසට වැඩියෙන්.
125. නිහතමානී බව - සැමදෙනාට ම උචිතයි
ඔවුනතූරෙන් වඩා - දනවතූන්ටම සුදුසු දනයකි.
126. ඉදිබු මෙන් ජන්මෙක - පහ දැමුවහොත් නිසිලෙද
එසේ කළ දමනය - ජන්ම හතකට රැක්ම ගෙන දේ.
127. කූමක් නො රැකිය කිම ? - දිව රැක ගත මනා වේ
නොරැකී නම් නිසිලෙද - බසින් වැරදී සොවට පත් වේ.
128. හොඳ බසකින් වුවත් - නරක පල ගෙන දේ නම්
එහි ඇති සියළු හොඳ - නොහොඳ වේ යැයි දැනුව නිතැතින්.
129. ගින්නෙන් දැවෙන කල - ඇති වේදනා මැකූනක්
දිව.ගින් දැවුන කල - කැලල නොමැකි සිතෙහි පවති.
130. කෝපය වළක්වා - සතරෙහි නිපුන වූ කල
තමා දමනය කළ - අය සොයා ගෙන දහම ඒ වී.
14. මනා පැවැත්ම
131. හැමටම නිමලබව - ගෙන එන මනා පැවතූම
පණටත් වැඩි උසස් - ලෙසට රැකූමයි ඇවැසි වන්නේ.
132. සුසිරිත රකිනු මැන - දහක් කරදර විඳවුව
විමසා බලන විට - එයම පිහිටකි සැම දෙනාටම.
133. මනා පැවතූම් ඇති - ගතියම උසස් බව දෙයි
නොමනා පැවතූමෙන් - පහත් බව ඇතිවේවි හැමවිට.
134. අමතක වුව දහම් - පූජකයාට උගතැක
දුසිරිතෙහි ගැලුනොත් - ඔහුගෙ තතූ පිරිහෙනු නියත වේ.
135. ඉසිය ඇති දනහට - දනයක් නොමැතිවා මෙන්
උසස්බව නැත්තේ - මනා පැවතූම් නැති දනන්හට.
136. නොමනා පැවැත්මෙන් - එන වරද දැන ගත් කල
සුසිරිතෙන් නො හැරෙති - සිත්හි නිරගති ඇති නැණැත්තෝ.
137. මනා පැවතූම් නිති - නො සිතූ උසස් තැන දෙයි
තද නිගා නින්දා - ලැබේ දුසිරිත් නිසා හැමදා.
138. මොක් සැප පිණිස වේ - සුසිරිත නමැති බිජය
දුසිරිත හැම විටම - මෙලෝ පරලෝ දෙක්හි දුක්දෙයි.
139. මනා පැවතූම් ඇති - උතූමෝ අමතකින්වත්
පල නැති රළු වදන් - මුවින් නො හෙලති පිටට කිසිවට.
140. නෙක සතර උගෙනත් - සුදනන් සමඟ හැසුරුම
නොදත් නම් හරිහැටි - හේ තෙමේ දදුනට සමානයි.
15. පර.ඹුවන් නො කැමතිබව
141. පර.ඹුනට හිතැතිව - බැඳෙනා පහත් දදකම
ලොව මහඟූ දහමත් - අරුත දතූවන් කෙරෙහි නොමැතියි.
142. පස් කම් සැප කැමති - ලෝවැසි දනන් අතූරෙන්
පර.ඹුන් වෙත බැඳෙන - අයට සම වෙන දද දනෝ නැත.
143. කූළුපග හුරු පුරුදු - තම මිතූරන්ගෙ බිරියන්
සමඟ සහවාසය - යෙදෙනවුන් මළවුන් සමානයි.
144. කිසිවක් නොම සිතා - පර.ඹුන් වෙත බැඳේනම්
කෙතරම් උසස් අය - වුවද අවසන කූමක් වේවිද ?
145. පහසු යැ යි සලකා - පර.ඹුන් වෙතට යන්නා
නිගා නින්දාවන් - ලබයි නොමැකෙන පරිදි දිවිහිමි.
146. පිළිකූළත් පව බිය - හා නිගා මේ සිව්ගූණ
පර.ඹුන් වෙතට යන - දද දනන්ගෙන් බැහැර නොමයෙයි.
147. පර.ඹුන් වෙතට ගොස් - සහවසෙහි නො බැඳෙන්නා
ලෝ දහම දැනැඳින - එලෙස දිවි ගෙවන ගිහියා වේ.
148. පර.ඹුන් වෙත නො යන - මා හැඟි වීරතාවය
සුදන සතූ දහමය - උසස් පැවතූම එයම වේ මැ යි.
149. මේ මහා ලෙව්හි - හොඳම ගණයට ගැනුනෝ
කවුරුදැයි කිවහොත් - පර.ඹුවන්හට එක් නොවන්නෝ.
150. දහමට සිත නො ලා - අදහම් කළත් වියරුව
පස්කම් සුව පිණිස - නොයනු යහපති පර.ඹුවන් වෙත.
16. ඉවසිම
151. කණින්නන් උසුලන - මේ මහ පොළොව පරිදි
නිගා නින්දාවන් - කරනු ඉවසුම උතූම් ගූණයකි.
152. හැමවිට කළ වරද - ඉවසන ගූණය යහපති
එම වරද අමතක - කරන ගූණයත් වඩා යහපති.
153. සඟරා නො කිරිම - ලොකූම දුප්පත්කම වේ
මහා බලවත්කම - දදුන් වරදට ඉවසීම වේ.
154. සපිරුණු ගූණැතිබව - අත් නො හරිනු කැමති නම්
ඉවසීම ඇතිවම - හැසිරිම යුතූකමකි හැමවිට.
155. දඩුවම් කරන්නෝ - අගය නො කෙරෙති ලෙව්හි
රන් සේ අගය කොට - ගැනෙති ඉවසන දනෝ හැමදා.
156. දඩුවම් කරන්නෝ - ලබති සතූටක් එ දිනම
දිවිහිම් කොට යසස් - ලබති ඉවසන දනෝ බෙහෙවින්.
157. පෙරළා නරකක් ම - කළහොත් සිත තැවෙන්නෙන්
නරක කළවුන්හට - නරක නො කිරීම යහපත් වේ.
158. උඩඟූ වීමෙන් සිත - නපුරුකම් කරනාවුන්
ඉවසීමෙන් යුතූව - දිනා ගැනුමත් ඉතා යහපති.
159. කූරිරු රළු බස් ඈ - නපුරන් වෙතින් ගිලිහෙන
ඉවසා වදාළෝ - පැවිද්දනටත් වඩා උතූමැ යි.
160. නොකා සිල් රක්නා - උතූමනට වැඩි උතූමෝ
නපුරන්ගෙ රළු බස් - අසා නිසලව මුදිත වූවෝ.
17. ඊර්ෂ්යා නො කිරීම
161. තම සිත තූළ කිසිම - ඉසියක් නොමැති ගතියම්
මනා පැවතූම ලෙස - ගතොත් එය වේ උසස් පැවතූම.
162. මෙ ලෝ සව් සත වෙත - ඉසිබව නොමැති නම් සිත
අපරිමිත ගූණයක් - එයට සමවන ලොවේ වෙත නැත.
163. අනුන් සතූ වස්තූව - නොරැකම ඉසි කරන්නා
ඒ ඉසි නිසාවෙන් - දැහැමි නොම වෙයි දනය නො ලබයි.
164. අදහම් කිරීමෙන් - වරද එන බව දත්තෝ
ඉසියෙහි බැඳීමෙන් - කෙලෙසකත් නොම කරත් අදහම්.
165. සතූරනටත් නො හැකි - වුව ඉසි දනන් වැනසුම
ඔවුනොවුන් ඉසි සිත - හොඳින් සෑහේ එය කිරීමට.
166. දීමට අකැමැතිව - ඉසි කළ අයගෙ නෑයෝ
කෑමත් ඇඳිමත් - නැතිව වැනසෙති ඒ ඉසාවෙන්.
167. කෙරේ ඉසිකරනුන් - අසතූටුව ඉසි කළ සිරි
.මූදේවි. සොයුරිය - ගෙනත් පෙන්වා ඉවත්වී යයි.
168. ඉසි නම් පාපියා - ඉසිමත් දුදන සම්පත
නසනු පමණක් නොව - ඔහු ද දුක් ගිනි තූළ ඔබා වී.
169. ඉසිය සිත ඇති නැති - අයගෙ දන ඇති නැතිබව
ඇත්නම් පෙනෙන්නට - දෙකම විමසනු වටී ලෙව්හී.
170. ඉසි සිත ඇති කල්හි - ලොව උසස් වුවෝ තැන
උසස් තැන ලැබුවෝ - පතිත නොමවෙති ඉසිය නැති කල.
18. දළ ලොබින් වෙන් වීම
171. උදු ගූණයක් නැතිව - පර ඉසුරු ලොබ වී නම්
කූලය පිරිහීමත් - සමඟ වරදත් ඒවි එවිටම.
172. උදු නැති ගූණය ගැන - විලියෙන් පසුබාන අය
ලබන පල ලොල් වී - නිගා දෙන නිචකම් නො කරති.
173. දහමින් ලබත හැකි - මොක්සුව කැමති වූවෝ
අදහම් නොම කෙරෙති - ඉතා සුළු සැපයක් ලබනු වස්.
174. තමනට නැත කියා - අන් සැපත ලොබ නො කරති
හරි දූකූම් ඇත්තෝ - පසිඳුරන් දමනය කළා වූ.
175. පැතූරුණු සියුම් වූ - දැනුමෙන් කිම ද ? ඇති පල
අන් ඉසුරට ලොබින් - දයාවෙන් තොර දේ කෙරේ නම්.
176. දහමට කැමති වි - ඒ මඟට පිළිපන්නහූ
වස්තූවට ලොබ බැඳ - නපුර හිතූවොත් එයින් වැනසේ.
177. අනුන් සතූ සම්පත - ලොබ නොමවිම යහපති
එහි පල ලබන විට - විපාකය හොඳ නොවන හෙයිනි.
178. කරුණ කිම ? කිවහොත් - සම්පත අඩු නො විමට
අන් සතූ ඉසුරකට - ලෝබ නොකිරීම වේ කිසිකල.
179. දහම දත් නැණැති - අන් සතූ දනට ලොබ නැති
අය වෙතට සිරිකත - පවා ළංවේ සුදුසු බව දැන.
180. නො විමසා වන පල - ලොබ බැඳුම පාඩුව දෙයි
ලොබ නො කිරීම නම් - උසස් ගතියෙන් ලාබ ගෙනදෙයි.
19. කේලාම් නො කිම
181. දැහැමි බස් මුව.ගින් - නො දොඩා කළත් අදහම්
කේලාම් නො කියන - උසස් ගූණයම ඉතා යහපති.
182. මුහුණට සිනාවත් - නැති තැන අගූණ කීමත්
අදහම් කිරිමට - වඩා නපුරුයි දහම් වනසා.
183. කේලාම් කීමෙන් - පණ රැකූමටත් වැඩියෙන්
මරණයම යහපති - දහම් පල ඉන් ලබත හැකි වේ.
184. මුහුණට මුහුණ දී - නපුරු වදනින් දෙඩුවත්
පසුව නො ලැබිය හැකි - වචන නො කියන් නැති තැනෙකදි.
185. දහම ම මුවෙහි ඇත - නමුත් සිත ඉන් හිස් නම්
එය දිසේ හැමවිට - කේලාම නම් පහත් වදනින්.
186. පරහට නිගාවන් - කියන අයගේ ඇති වූ
ඉතා තද නින්දා - සොයා තෝරා පිටත කියැ වේ.
187. බිඳුවන බස් කියා - වෙන් කරති නෑදෑයින්
සිනාවෙන් මතූ දම් - පවත්වන්නට නොදත් ඇත්තෝ.
188. හිතවතූන් වරදත් - පතූරන සොබා ඇති දන
සතූරනට හැම විට - කවර වරදක් නොම කරාවි ද ?
189. කේලම් කියනවුන් - මේ පොළෙව උසුලනුයේ
අනිකක් නිසා නොව - ලෝක දහමක් වූ නිසාම ය.
190. සතූරන් වරද මෙන් - තම සතූ වැරදි දුටුවොත්
ලෝවැසි දනන්හට - කේලමින් වන වරද වේවි ද ?
20. නිෂ්ඵල වචන නො කීම.
191. වැඩිදෙන නුරුස්නා - පල නැති බස් දොඩන්නා
නිගා නින්දාවන් - ලබයි සැමවිට සැමදෙනාගෙන්.
192. මිතූරනට වරදක් - කරනුවට වැඩි නපුරකි
බොහෝදෙන අබිමුව - පලක් නැති වූ වදන් තෙපලුම.
193. පල නැති කතාවන් - විසිතූරු කර කියන්නා
දහමින් තොර කෙනකූ - ලෙසට පෙන්වයි ඔහුගේම බස්.
194. බොහෝවුන් අතරදි - බණන පල නැති රළු බස
දහමට එක් නොවී - හොඳ බවෙන් ඈතටම යාවි.
195. ගූණවත් දනන් සැම - පලනැති බස් දෙඩුවහොත්
නිමල බව ගරු බව - බැහැරයනු ඔවුනගෙන් නියතයි.
196. රසෙහි රස කරමින් - හිස් බස් බණන මිනිසා
හිස් වූවකූ විනා - නියම මිනිසකූ ලෙසට නො ගැනේ.
197. සුදනන් අරිටු බස් - තෙපලොත් තෙපලුනාවේ
එහෙත් පල නැති බස් - නො කී නම් එය ඉතා මැනවි.
198. අනඟි පල විමසන - නැණවත් දනෝ නො කියති
මහත් පල නොම දෙන - වදන් කිසිවිට කූමක් පිණිසත්.
199. ගූණ නැණැති නිවැරදි - මෝහය අඳුර දුරැලු
පඩුවෝ පල නොමැති - වදන් නො කියති අමතකින්වත්.
200. තෙපලන්න හැම විට - පල ගෙන දෙන කතාවක්
පල නොම දෙන කතා - නො දොඩාම අත් හරිනු මැනවි.
No comments:
Post a Comment