61.
අලස
නොවීම
601. අලස යැ යි අඳුරෙන් - පවුලැ යි පහන දැල්වෙන
වැසි ගොස් කෙළවර - නිවී ගනඳුරු බවට පත් වේ.
602. පවුලේ දියුණුවට - හි තැ.තිව වෙසෙන ඇත්තන්
අලස බව හමු වේ - අලස වි හැසිරිම සෑහේ.
603. මැඩියයුතූ මැලි බව - ඇති අඳ බාලයාගේ
බිහිය දුන් පවුලත් - ඔහුට මත්තෙන් කෙමෙන් වැනසේ.
604. උසස් දිරියක් නැති - ඇලි මැලි දුබල ඇත්තත්
වරදෙහි බැඳීමෙන් - පවුල් වැනසේ නිරායාසෙන්.
605. පමාවත් නින්දත් - අමතක ගතිය මැලි බව
මෙ සිව් ගති ඔරුවයි - වනස පත් වන්නන් පදිනු රිසි.
606. රජුනට මෙන් ඉසුරු - සම්පත් ඇතත් අ පමණ
නිතැතින් අලස වූ - අයට සුබ පල ලැබුම අපහසු.
607. මැලි බවට කැමතිව - හැසිරෙනු මිසක් දිරියෙන්
වැඩ නො කරන අයට - ලැබේ තරවටු නිගා නින්දා.
608. රටක පාලනයෙහි - පිළිසිඳුනි නම් මැලි බව
සතූරන් ගේ වහල් - බවට පත්වේ කෙමෙන් ඒ රට.
609. පෙර දැරි අලස බව - අනලස බවට හරවා
කළොත් රට පාලන - එයින් එන දොස් මුලින් වැනසෙයි.
610. දිරිය මෙන් ගූණයත් - දැනුමත් වඩා ලන ලද
අලස බව නැති රජ - වේවි මුළු මනු ලොවට නායක.
62.
ක්රියා සුර බව.
611. අපහසු යැ යි සිතා - කිසිවිට නොහළ නොහරින
කිරියෙහි සුර බව - උසස් ගූණ දෙන මඟ ලකූණු වේ.
612. කරණ හැම කටයුතූ - නො අඩුව කරන් හැමවිට
අඩුව පුරන කළ - අයට පියවෙත් ලෙව්හි සුදනෝ.
613. උදව් දිමෙන් වූ - ලයකින් වන උදානය
සූර බව යැයි වි - ඉතාමත් හොඳ බවෙහි නවතී.
614. නපුංසක බියගූලු - අය අත ඇති කඩුව මෙනි
කිරියෙහි බුහුටි බව - නැතියවුන්ගෙන් ලබන පලයත්.
615. තම සැම නො බලමින් - කටයුතූ කරන ඇත්තා
නෑ සබැඳියන් දුක - වළක්වා උසුලන කූලුණ සම.
616. කිරියෙහි බුහුටි බව - දනවත් බවට පෙරළෙයි
එ පරිදි දිළිඳුකම - දුබල මැලිකම් නිසා පැමිණේ.
617. අනලස අය ඇසුර - ලබමින් මෙසේ සිරිකත
මූ දේවිය වෙසේ - අලස නු බුහුටි දනන් අබියස.
618. උපතෙහිදි ම ලබන - නැති බව නිගා නො වුනත්
වැයම් හැර දැමුව - නිගාවක් වේ දැනුම ඇතිවත්.
619. ලබනට රිසි ලෙසට - ඉරණම පල නුදුන්නත්
වෑයම අනුව තම - කයේ වෙහෙසට කූලිය ගෙන දෙයි.
620. තම සිත නො කැළඹි - වෑයම් කරන නො පමා
ගූණැති අය හැමවිට - දමති කර්මය පවා එලවා.
63.
අත්
නොහැර
ක්රියා කිරීම
621. කිරියෙන් පැමිණි දුක් - දුටු තැන සිනා සෙනු මැන
අනිකක් සමත් තැන - එ බඳු දුක මුලිනුපුට ලෑමට.
622. ගංවතූරක් අයුරු - දුක් කඳ ගලා ආවත්
කම් පල සිතීමෙන් - එයත් වනසයි දැනුම ඇත්තා.
623. දුකට පත්වූ විට - දුක යයි නො සැළකිමෙන්
දුකට දැඩි දුක් දෙති - බලැති විකූමැති නැණැති උතූමෝ.
624. ගොනා මෙන් ගැල බැඳි - නො තකා පැමිනි ජර දුක්
කිරියෙහි යෙදිමෙන් - පැමිණි දුක වුව දුකට පත් වේ.
625. වඩ වඩා අපමණ - ලං වන ගැහැට කරදර
දුක දුකට පත්වේ - පබල ගත සිත දිරිය ඇති තැන.
626. ලත් විට යස ඉසුරු - රැකූමක් නො දත් අනුවණ
වැනසෙන ඉසුරු දැක - දනෝ දුක් ගනු කූමට නැවතත්.
627. කය දුකට ලක් වන - ඉලක්කය යැයි සිතමින්
දුක දුක ලෙස නොගෙන - යෙදෙත් කිරියෙහි නැණැති උතූමෝ.
628. සැපයට විරුදු වු - දුක දිය දමැ යි යනුවෙන්
සිතන නුවණැතියෝ - කිසිම විදියක නො විඳිතී දුක්.
629. ලද සැපත සැපය යි - නො සිතා විඳින්නා වූ
දනෝ දුක් නො විඳිති - එළඹි දුක දැක සිනා වීමෙන්.
630. දුක දුක ලෙස නොගෙන - සැප ලෙස සිතනවුන් හට
තම සතූරෝ පවා - කෙරෙති ගරු එම වීරගති දත්.
ඇමති
මඩුල්ල
64.
ඇමතිවරු
631. කලත් අවි කටයුතූ - අවසන ද බාධාවන්
මේ ඈ සිතන්නට - සමත් වනුයේ ඇමතියාණෝ.
632. උගත්කම වෑයම - නැණ නිබය තාවය හා
පිරිස රැකූමත් යන - කරුණු පස ඇමතිවරු සතූවෙත්.
633. උනුන් බිඳුවන්නට - බිඳුනන් මිතූරු කරනට
සමත් වෙති ඇමතිඳු - වෙන්වුවන් එක් රැස් කිරීමට.
634. තිරව පැවසීමට - විමසා කිරිමට සහ
විමසීමට සමත් - ගූණැත්තා ඇමතිය නම්වේ.
635. රජ දහම් දැනගත් - පැහැදිලි සැබි කතා ඇති
හැම විටම විදි දත් - පුරුදු ඇත්තා ඇමති විය යුතූ.
636. සියුම් දැනුමක් ඇති - උගත් ඇමතින් අබියස
කිසිම කෙනෙකූට යම් - සතූරු කිරියක් නො කළ හැකිවේ.
637. කළයුතූ දෙය හොඳින් - දැනගත් නමුත් නිසිලෙස
ලෝ සොබා දැනැඳින - සිතැඟි කටයුතූ කළමනා වේ.
638. නො අසන නො දන්නා - නපුරකූ වුවත් නරනිඳු
ගූණ නැණින් සපිරුණු - ඇමතියන් දිය යුතූය ඔවදන්.
639. වනසන්නට සිතන - එකම ඇමතියකූට වැඩි
සතූරෝ සත් කෙළක් - වුවද හොඳබව පෙනේ රජකූට.
640. විමසා අනෙක විදි - සැලසු නමුදු විදියක්
කෙළවරක් නො දකිත් - බිඳක්වත් හැකියාව නැත්තෝ.
65.
කථිකත්වය
641. කතාවට හොඳවන - ගූණය දනයක් සම වෙයි
හැම දෙයකට වඩා - එයම කෙනෙකූට උසස් වේ මැයි.
642. ලාබ මෙන් පාඩුව - මුවින් ගිලිහෙන වදනින්
පැමිණෙන නිසා වන - වරද වළකා කතා කළයුතූ.
643. ඇසුවන් බැඳෙන ලෙස - නො අසන දනන් පියවන
විමසුම් සිත ඇතිව - වදන් තෙපලිය යුතූය දැහැමින්.
644. නියම අන්දම දැන - ඇම වදනක්ම බිණුමට
වඩා හොඳ දහමක් - වතක් කෙනෙකූට තිබිය නොහැකිය.
645. දෙන වදනක් වෙනත් - වදනක් නිසා නො පැරද
දිනිය හැකි පරිදි - උගත් ඇමතිඳු කතා කළ යුතූ.
646. කෙනෙකූගෙ කතාවට - කන් දී ඔවුන් තූටු කර
එයින් පල ගැනුමට - නිදොස් ඇමතිඳු සමත් වියයුතූ.
647. කතිකත්වයක් ඇති - බිය නැති නො මැලි ඇත්තන්
පරදවන්නට නම් - නො හැකි වේ කෙනෙකූට පහසුවෙන්.
648. පිය තම වචන සහ - හොඳ අදහසැති ඇමතින්
අනුසාසන ඔවා - ලබන්නට ලෝ දනෝ පැමිණෙත්.
649. පැහැදිලිව නිවැරදි - අදහස් කොටින් කීමට
නො දත් අය සැම විට - හුඟක් තෙපලති වැල් වටාරම්.
650. උගත් දැය නිසි ලෙස - විසිතූරු කර කියන්නට
නො දත් අය ලෙව්හි - පිපුණ මුත් සුවඳ නැති මල් මෙනි.
66.
ක්රියාවෙහි
පිරිසිදු
බව
651. හිත කැමති හැම දේ - කිරියෙහි හොඳ බවෙන් වෙයි
දන නිදන් මේ ඈ - උදව්වෙහි හොඳ බවෙන් පැමිණේ.
652. කිතූ කදඹත් සමග - හොඳ බව නොදෙන කටයුතූ
ඇම විටම වැළකිය - යුතූය නුවණින් මෙනෙහි කරලා.
653. උසස් වීමට හිත - අනලස දිරිය ඇත්තන්
යසස් නැතිවන දා - වැළැක්විය යුතූය ගූණ නුවණින්.
654. විපතක් පැමිණිය දා - නො සැලෙන හරි දැකූම් ඇති
ගූණ වත්තූ ඇම දා - පහත් කටයුතූ නොම කෙරෙත්මැයි.
655. පසු තැවිලි වන දා - නො කර ඉඳුම ම හොඳ වේ
අමතක වී කළත් - දෙවනු පසු තැවිලිවනු වැරදි.
656. මෑණියන් සාගිනි - නිවුමට වුවද කිසිකල
සුදනගෙන් ගැරහුම් - ලබන කටයුතූ නො කිරීම යුතූ.
657. නිගා නින්දාවන් - ලැබ රැස්කරණ දුදනන්
දනවත්කමට වැඩි - උසස් වේ සුදනගෙ නිදනකම්.
658. කළත් නොවළක්වා - වැළකියයුත්ත නිතරම
අවසන් කරන තැන - විපා ගෙන දේ බර පතල ලෙස.
659. කඳුලෙන් ලත් දනය - කඳුලෙන් ම වැනසී යයි
දැහැමින් ලද දනක් - නැතත් මුලදී පසුව පල දේ.
560. වංචාවෙන් දනය - උපයා එයින් මත්වුම
නො පිළිස්සූ කළේ - ජලය පුරවා තැබුම සම වේ.
67.
ක්රියාවෙහි
ස්ථීර
බව
661. කිරියයෙහි තිර බව - සිතෙහි ඉස්තිර බවම ය
අනිකූත් සැම බල - තිරව ඇති බල ලෙසට නොගැනේ.
662. එන දුක වැළකීම - සහ පසුව සිත නොසැලුම
යන දෙකම මඟයැයි - කියත් විමැසිලි ඇසින් දක්නෝ.
663. අවසන පෙනෙන ලෙස - කෙරුම ම වීර ගතියයි
අතර මඟ නැවතූම - නිසා අපමණ විපත් ගෙන දෙයි.
664. මේ කිරිය මේ ලෙස - කරනු යි කීම පහසුයි
එ.නමුත් කියන ලෙස - කෙරුම එතරම් පහසු නොම වේ.
665. නිරිඳුගේ අදහස් - ඉටුවන්නට සලස්වන
ඇමතියන් තිර ගති - අගය කරතී ලොව සියල්ලෝ.
666. පිළිපන් සිත අනුව - තිරසරව කළ කිරියෙන්
සිතූ දෑ සිතූලෙස - ලබන්නට හැකිකමක් ඇති වේ.
667. රියේ පෙරළෙන සුලු - රිය සකැ කඩ ඇණය වැනි
මිනිසුන් ඇත ලොවෙහි - හැඩය දුටු මුත් නිගා නො කරන්.
668. විමසා දැන හැඳින - බිය සැක නැතිව තරයේ
කළයුතූයැ යි සිතක - කිරිය නො පමාව කළයුතූ වේ.
669. දෙතත් පළමුව දුක් - වෙර වෑයමින් නොසැලී
තිරවම කළ යුතූයි - වැඩක් කෙළවර සැපය දේ නම්.
670. කිරියෙහිදි තිරබව - නැතිනම් ඇමතියන්හට
අන් කවර හැකිකම් - ඇතත් ගරු නො කරත් ලෝකයා.
68.
ක්රියා කරන විදිය
671. විමසුමෙහි අවසන - තීරණය වේ නිතරම
එ පරිදි කිරීමට - පමා වීමෙන් විපත් පමිණේ.
672. පමා කළ යුතූ දෑ - පමාකර ඇති සැටියෙන්
නො කරනු පමාදය - හනික කළසුතූ කිරිය දැනැඳින.
673. හැකි සෑම තැන්හිම - කටයුතූ කරනු යහපති
හැකිකම් නොමැති තැන - බලා හැකි තැන කරන් කටයුතූ.
674. සේසය සුළු වුවත් - සතූරුකම සහ කිරියෙහි
ඉතූරු වූ ගිනි සේ - පසුව විපතට එය මුලක් වේ.
675. කරුණත් මෙවලමත් - කිරියත් නැතත් කාලය
විමසා දැන හැඳින - කරන් නුමුළාව ඇම කටයුතූ.
676. වැඩෙක අවසානය - පැමිණෙන නොයෙක බාදා
කෙළවර ලබන පල - බලා විමසා කරන් කටයුතූ.
677. කිරියක යෙදෙන විට - එහි තතූ හොඳින් දන්නා
අයගෙන් පළමු කොට - අසා අනුශාසනා ගත යුතූ.
678. ඉටුකර ගැනීමත ් - කිරියෙන් අනික් කිරියක්
ඇතෙකූන් ලවා මද - ඇතකූ බඳවා ගැනුම සමවෙයි.
679. මිතූරනට උවටැන් - කර ගැනුමට පළමුවෙන්
සතූරන් මිතූරුකර - ගැනුම යුහුසුලුව කළයුතූ වේ.
680. සුළු රට ඇමතිවරු - මහ රට වලට එකඟව
සාමය ලද යුතූයි - දෙපස හොඳ හිත එයින් වැඩිවේ.
69.
රාජ
දූතයා
681. රජුට පිය වීමත් - රටට නිරිඳුට අදරත්
උසස් කූල උපතත් - දුතයකූ හට සුදුසුකම් වෙත්.
682. ආදරය කථනය - දැනුම යන මේ ගූණයෝ
දුත ගණයෙහි ලා - ගැනෙන අයහට ඇවැසි ලකූණුයි.
683. වේල.වි ගත්තවුන් - අබියස දිනුම කීමත්
වියතූන් ඉදිරියේ - පබල වීමත් දුත ගති වෙත්.
684. සියුම් නැණ රුව සහ - විමැසිලි දැනුම් සපිරුණ
කෙනෙකූ යා යුතූමය - දුතයා ලෙස රටක් වෙනුවෙන්.
685. වළකා අපිය බස් - කෙටියෙන් වදන් තෙපලා
සතොස් කර නිසි පල - ලබන්නේ දුතයා නම් වේ.
686. බිය සැක දෙක නොමැති - සිත් ඇදෙන බිණුමින් යුතූ
කලට නිසි දැනුමැති - මහත් පඩුවෝ දුතයෝ වෙත්.
687. කාලය තැන නො තැන - යුතූකම හැඳින නුවණින්
මෙනෙහි කර දුර දිග - කතාවට යෙයි උසස් ඇත්තා.
688. පිරිසිදු ද එඩිතර - ගති සහ උදව් ඇති බව
යන තූන් කරුණෙහිදු - සැබෑ ලෙස පිහිටයි දුතයා.
689. නිගා බස් නො කියන - අමතක විමකින්වත්
යැවෙන බස් නිරිඳුට - කියන වීරය දුතයා වේ.
690. දිවි ගියත් නො පැකිළ - රජුනට උසස් පල දෙන
පුවත් ගෙන දෙන්නේ - නියම ලෙස දුතයා නම් වේ.
70.
රජුන්
ආශ්රය
691. නු දුරත් දුර නොසිට - ගිනි තපින්නන් විලසින්
සතූරු රජ දරුවන් - සමඟ හැසිරෙත් නැණැති උතූමෝ.
692. රජුනගෙ සුව පිණිස - පවතින දැයෙහි නො ඇලෙන්
ගම් බිම් යස ඉසුරු - මහත් සම්පත් එවිට ලදහැකි.
693. සැක නො සිතන ලෙසට - වරදක් නො එන විලසින්
හැසිරුම යෙහේ ඇයි ? - පසුව සැක හැර ගැනුම අපහසු.
694. කණට කර කීමත් - ඉඟියෙන් සිනා සීමත්
උසස් අය අතරදී - වළකන්න සැක ඇති වන හෙයින්.
695. ඇහුම්කන් නොමදී - නො අසා නිසලවී ඉඳ
පළවුවොත් පමණක් - රහස් ගැන විමසීම යුතූවෙයි.
696. වේලාව සලකූණු - දැන හැඳින නොකිපෙන ලෙස
ඇවැසි දැ පමණක් - පිරියවන වන ලෙස කියන් එහිදී.
697. කැමති දේ පවසා - හොඳ පල නො දෙන අනිකක්
පැවසීම යුතූ නැත - කෙඳිරියෙන් පුල පුලා ඇසුවත්.
698. නෑය යි බාලයයි - නොමකර නිඟා නින්දා
තනතූරට සුදුසුව - උසස් හැසුරුම මහඟූ ගූණ දේ.
699. පිළිගනිතැ යි සිතා - නො කැලැල් නිදොස් ඇත්තෝ
රජුන් අබියස හිඳ - කතා නොකරති පිළිනොගත් දා.
700. දිගූකල් හුරු පුරුදු - වුවැයි සිතා නිවරද
වැරදි දේ කරලුව - යහළුකම පාඩු ගෙන දේ මැ යි.
No comments:
Post a Comment