81. ඉපැරණි සෙනෙහස
801. හුරු -
පුරුදුකම් උඩ - පැමිණිය යහළුකම නම්
කිසිවකින් නො කැඩෙන - උරුමයෙන් එන යහළුකම වේ.
802. සෙනෙහසට අංගය - උරුමය නැතොත් අයිතිය
එකඟව ඒ අනුව - විසුම සුදනන් පරම යුතූකම.
803. උරුමය නිසා කළ - දෙයකට එකඟ නැති නම්
හුරු -
පුරුද්දෙන් එන - යහළුකමකින් කිම් ද ?
ඇති පල.
804. උරුමය ඇති නිසා - නො අසා යමක් කළ තැන
පල නො කර නො සතූට - කැමති විය යුතූය යුතූකම උඩ.
805. පැමිණෙන වේදනා - කළ කී දෙයට යහළුන්
නුනුවණකමින් හෝ - උරුමයැ යි නුවණැසින් දත යුතූ.
806. පළපුරුදු සගයන් - විපත් ගෙන ආ විට වුව
ගූණැති හොඳ මිතූරෝ - කිසි විටෙක වෙන් නොවෙති එරෙහිව.
807. සෙනෙහසෙහි ඉපැරණි - කම උඩ පැමිණි මිතූරෝ
අපමණ වුව පාඩු - තිබුණ අතරැති ගතිය නො සිඳිත්.
808. යහළුන් දෙන වැරදි - නොතකන බලවතූන්හට
වැරදි කළ දවසත් - හොඳයි උරගා බැලීමක් ලෙස.
809. නො කැඩෙන ලෙසින් ආ - යහළුන්ගේ යහළුකම්
නොම අත් හරින්නන් - කැමැති වෙත් ලෝකයා සැමදා.
810. ඉපැරණි යහළුකම - හුරු පුරුදු නො වෙනස් වන
සුදනනට සතූරෝ - පවා පිය කරති මිතූරන් මෙන්.
82. නපුරු සෙනෙහස
811. ලෙවකා සිටින වැනි - ගූණ නැණ නැතියවුන්ගේ
වැඩි වීමට වඩා - යහළුකම් අඩුවීම කදිමයි.
812. ඇති විට යහළු වී - නැති විට හරින නපුරන්
යහළුකම ලැබුණත් - නො ලැබුණත් ඉන් කිම ද ? ඇති පල.
813. පලයටම නෙත් ලන - යහළුවන් සහ මුදලට
බැල්ම ලන අබිසරු - ලියන් සහ සොරුනුත් සමානයි.
814. සටනෙහි අකීකරු - වල් අසුන් වැනි මිතූරන්
සමග එක් වීමත් - වඩා නපුරුයි යෙහෙකි තනිමග.
815. මිතූරුකම් ඇතිවත් - තම මිතූරු දන නො රකින
පහතූන් මිතූරු කර - ගැනීමට වැඩි හොඳයි නො ගැනුම.
816. නූගතූන් හා බැඳි - මිතූරුකමකට වැඩියෙන්
උගත් සතූරාගේ - සතූරුකම කෝටියක් අනගියි.
817. සිනාවෙන් පමණක් - මිතූරුව ලබන සතූටට
වඩා සතූරන් ගෙන් - හොඳයි ලද දුක් කෝටි ගණනින්.
818. කරන හැකි කටයුතූ - කරනට නො දී බාදා
කරන වුන් මිතූ දම - නො දන්වා අත් හරින් ඔවුනට.
819. වදන හා එකඟව - කිරියක් නො වන්නන් ගේ
සිහිනෙනුත් අවැඩයි - යහළුකම උන් සමග බැඳුනොත්.
820. නිවසෙහිදී යහළුව - පිට දී නිගා ගෙන දෙන
මිතූරන්ගෙ මිතූදම - අල්ප වුව වැළකීම යුතූම ය.
83.
ව්යාජ සෙනෙහස
821. නියම තැන ලැබුනම - තලන්නට කිණිහිරිය යි
නුසුදුසු කපටි දන - සමග බැඳ ගත් නරක මිතූ දම.
822. නෑ සියන් වැනි වූ - නෑයින් නොවන්නන් ගේ
ගැහැණු සිත පරිදි - මිතූරුකම රැඳි වෙනස් වේ මැ යි.
823. නොයෙකූත් සිප් සතර - දැනගත් නුගූණවතූනට
සිත් හොඳකර ගැනුම - බොහෝ විට අපහසුයි අරුමයි.
824. සිත තූළ නපුරු කම - මුහුණෙහි සිනාවත් දෙක
ඇතිවීම නපුරුයි - නිතර බියැවෙනු එබඳු අයහට.
825. සිත එකඟ නොමැතී - දුදනන් කවර කලෙකක්
තෙපලන ලද වදන් - අනුව තේරුම් ගැනුම අපහසු.
826. හොඳ යහළුවන් ලෙස - තෙපලුම නමුත් හොඳ බස්
සතූරු සුමිතූරු බව - වහා දැනගත යුතූය නුවණින්.
827. දුන්නෙහි නැමීමත් - අනතූරු සහිත වන මෙන්
යටහත් පහත් ලෙස - කියන වදනත් හොඳ නොවේ ම ය.
828. මුදුනත් බැඳ නැමති - අත තූළ අවිය සැඟ වේ
එමෙන් සතූරන් හෙලු - කඳුලු බිඳුවත් බයානක වේ.
829. යහළුකම පිටතින් - පෙන්වා නිගාවන් දෙන
නපුරනට එලෙසම - වැරදි නැත දෙන නිගා නින්දා.
830. සතූරෝ මිතූරු වෙස් - ගෙන පැමිණි කල හනිකට
මුහුණින් මිතූරු වී - යහළුකම සිත අත් හරිනු මැන.
84. මෝඩකම
831. පාඩුව තම වෙතට - එන ලෙස මග සදාලා
හැම විට ම ලාබය - පිට යැවී නම් එයයි දද කම.
832. හැම දදකම් වලින් - තද දද කමක් වන්නේ
තම අතට නො ලදැකි - දෙයට ආශාවෙන් වෙලීමයි.
833. විලිය විමැසුම හා - ආදරය යන මේ ඈ
එකක් වුව නො රැකූම - දදුන ගේ ඇති නීච ගතියයි.
834. දැන උගෙන පරහට - හික්මුණ බවත් පෙන්වා
ඔවා දෙන දද දන - සම වූ දද දන ලොවේ වෙන නැත.
835. එක අත් බැවෙක දී - කළ දදකමට දුදනෝ
නිරාවල පැමිණෙත් - සත් වරක් වුව මැරී ඉපදී.
836. යම් කිරියක් කරන - පිළිවෙල නො දත් අනුවණ
කෙනෙකූ යා කර ගත - කිරිය හා තමනුත් විනාසයි.
837. මෝඩයකූට ඉසුරු - ලැබුනම නෑ සියන් හැම
අමතක කර දමා - අසල් වැසියන් කවයි සිත සේ.
838. නුනුවණ දද දනන් - යස ඉසුරු අතපත් තැන
උමතූවකූ මත් වී - කරන කටයුතූ අයුරු වේ වි.
839. දද දනන් සමඟින් - බැඳුන මිතූ දම් හොඳ වේ
වෙන් වන විට කිසිම - දුකක් නැති හෙයිනි කිසි විටෙකත්.
840. උතූමන් සබාවට - දද දන ඇතූල් වීමත්
නො සේදුන දෙ පයින් - පන්සලට පිවිසුමට සමවේ.
85.
මඳ දැනුම
841. දැනුමක් නොමැකි බව - නැති බවෙහි නැති බවම ය
නොමැති බව අනිකක් - නොසලකති ලොව නැති බවක් ලෙස.
842. දැනුමක් නොමැත්තා - දෙනුයේ යමක් සතූටින්
අනිකක් නිසා නොව - ලබන අය ගේ පිනෙහි මහිමයි.
843. මඳ නුවණ ඇත්නත් - කරගනු ලබන වැරදි
සතූරන්හට පවා - නො කළ හැකි වැරදි වේ දරුණු.
844. උසස් දැනුමක් ඇත - සෙසු අය පහත් තමහට
යනුවෙන් උඩඟූ සිත - ඇති බවම මඳ නුවණ වේ මැයි.
845. උගත් ලෙස පැවතූම - නුගත් දැයෙහි පැටලි
නිවැරදි ලෙස උගත් - දැයක් ගැන වුව සැක උපදවයි.
846. තම දොස් නිදොස්කර - ගන්ට නො සිතන කල්හි
විලි වසා ලීමට - සිතිමත් නැණ හීන ලකූණුයි.
847. අනගිතම රහසක් - පිටකළ මඳ නැණැත්තා
තමාටම තද දුක් - දෙවයි තම රහස් නො රැකීමෙන්.
848. තමාටත් නො දැනෙන - යැව්වත් නොයන යහ මග
නැණ මඳ තැනැත්තා - දිවිය ඇති තෙක් ලොවට බරකි.
849. තමාමත් උගතැයි - සිතන නැණ මඳ කෙනෙකූට
උගැන් වීමට යන - නැණැතියා විමතියකූ සම වේ.
850. උගතූන් ඇතැයි යන - දැයටම නැතැයි පවසන
මඳ නුවණ ඇත්තා - මෙලොව අවතාරයැයි කියවේ.
86. විරුද්ධකම
851. විරුදු බව හැම දෙන - බිඳුවන තබන වෙන්කර
නරක ගති පතූරන - රෝගයකි ලෙව් දනට වැළදෙන.
852. බිඳුවීමට සිතා - කළත් අපමන නපුරක්
නො කරනු මැන නරක - විරුදු තාවය සිතා පවතින.
853. විරුදුකම යැයි යන - නපුරු රෝදුක් වැළකූව
අයට වරදක් නැති - නො අඩු සම්පත් යසස් පැමිණේ.
854. විරුදු බවයැ යි යන - දුකින් දුක නැති වුන කල
සැපයෙන් සැපය වන - අති උසස් සැප ලැබේ නියතයි.
855. නැමි විරුදු කමටම - හැසිරෙන බලවතූන් ගේ
බල බිඳ පරදවන - බලය ඇත්තෝ ලෙව්හි කවුරු ද ?
856. විරුදු වාදීකම - වැඩිවනු යහපතක් යැ යි
සිතන ලද අයගේ - ආයු හීනව කෙමෙන් වැනසේ.
857. විරුදු බව ගෙන දෙන - නරක අදහස් ඇත්තා
දියුණුවට තූඩු දෙන - සැබව සැබවක් විලස නො දකි.
858. නැමී හැසුරුම නම් - ලාබය වේ විරුදුවට
ටිකක් වැඩි වුවොත් - එයින් සිදුවේ මහා පාඩුත්.
859. අදිකව ලාබ ලත් - විට නොපෙනේවි විරුදුව
එය දියුණුව පෙනේ - අදික පාඩුව පැමිණි කල්හි.
860. සෙනෙහසින් ඇතිවේ - ඉමහත් අනගි සොම්නස
පහළ වේ සැමදුක් - විරුදුතාවය නිසා හටගත්.
87. සතූරුකමේ අගය
861. බලවතූනට එදිරි - බැඳුම අත්හළ යුතූ වෙයි
තමා නො තකන ලද - දුබලයන්ටයි සතූරු වියයුතූ.
862. සිය බලය ආදර - හොඳ උපකාර නැත්නම්
සතූරු බල බිඳුමට - කෙලෙස හැකි වෙද තමා සිතූමුත්.
863. නො තැන බිය ලෝබය - නො ඇසුරත්වය නො දැනුම
මෙ ගූණයන්ගෙන් පිරි - දනෝ සතූරන් හමුවෙ දුබල ය.
864. පිරිපුන් දැනුම නැති - කෝ ගිනි නොනිවියාවු
දනෝ හැම විටකම - හැමට හැමතැනකදි දු බලය.
865. පල නැති දැ කරන - නින්දා නිගා නො බලන
දුර දිග නොවිමසන - දනන්ගෙන් සතූරනට වාසියි.
866. අදික කාමය සහ - දැඩි කෝපයෙන් දිලිහෙන
කෙනෙකූගෙ සතූරුකම - කැමති වෙත් ජය ගැනුම් සඳහා.
867. යමක් දීමෙන් හෝ - ඔද බිඳිය හැකි සතූරා
එසේ කර තරයේ - මෙල්ල කරගත යුතූ ය නිසිසේ.
868. හෙබි ගූණයක් නැතිව - වරදින වැඩිවුනා නම්
උපකාර නො ලැබේ - එයම සතූරන්ට උපකාරයි.
869. නැණ මද දැනුම් නැති - බියවන බියෙන් ඇලලෙන
සතූරන් ලදෝතින් - සටන් කළ වුනට ජය ලංවේ.
870. නූගත් කිපෙන සුලු - යසිසුරු හීන සතූරා
හමුවේ හැම විටම - යසස සම්පත රැස් නොවේමැයි.
88. සතූරු බල දැන ගැනීම
871. සතූරුකම නම් වූ - ඉමහත් නරක ගතියට
සෙල්ලම් පිනිසවත් - කැමති වියයුතූ නොවේ කිසිවෙක්.
872. අවි බලැති නරනිඳු - සහ සතූරු වුවත් කිම
මැති ඇමතියන් හා - සතූරු වියයුතූ නොවේ කිසිවිට.
873. තනිවම හිඳ බොහෝ - සතූරන් ඇති කරන අය
උමතූනටත් වැඩිය - උමතූවන් යැයි කීහ පඩුවෝ.
874. ඉමහත් සතූරුකම් - ගෙන යහළුකම විලසින්
හැසිරෙන ගූණවතූන් - සමත්කම වෙත ලොවම පවතී.
875. නැතිවිට උදව්වක් - සතූරුකම් යුගලක් නම්
උදව් ලෙස ගත යුතූ - ඉන් එකක් වෙන්කර තමාටම.
876. පැහැදිලි නොපැහැදිලි - බව ඇති මුත් වනසෙදි
මිතූරු සුමිතූරු කම් - දෙකම නො ගෙනම හැසිරීම යුතූ.
877. තම දුක නොම කියන් - ඒ ගැන නොදත් කෙනෙකූට
එලෙසම දුබල කම් - නොම කියන් සතූරන් ඉදිරියේ.
878. පිළිවෙල හොඳින් දැන - තම බලය වැඩිවන සේ
රැක වරණ ගත්විට - රුපුන් බල හීන වේ නිතරම.
879. ලපටි කල කටුගස - උදුරා දැමුම පහසුයි
මේරීමෙන් පසුව - අත නසයි උදුරන්න වෙහෙසු.
880. සතූරු බව වනසා - ලීමට නොදත් ඇත්තෝ
ඇති හුස්ම ගන්නට පවා - ජීවත් නොවෙති වැනසෙත්.
89. ඇතූළත සතූරුකම
881. සිසිල් සෙවනෙහි දිය - වුව නරක නම් නරකයි
නෑයින් වූ නමුදු - නො කළයුතූ දැ කළොත් නරකයි.
882. අසිපතට සමවන - රුපුනට බිය නොවිය යුතූ
බිය වියයුතූ නිතර - සතූරනටමයි මිතූරුකමිනෙ.න.
883. පහසුවෙන් විපතෙදි - නි සැකව තමා වනසන
තූළ වන් සතූරු කම - හැඳින රැකෙනුව බියව එහිදී.
884. නැ සියන් සතූරුව - සිත් නපුරු වී ඇත්නම්
එබඳු නරනිඳුනට - සැම විටකම විපත් ගෙන දෙයි.
885. නෑ සියන් අතරම - සැඟවී ඇති සතූරුකම
මරණය තෙක් විපත් - බොහෝ කොට සිදුවන්ට ගේතූයි.
886. පවතින සතූරුකම - නැ දෑ මිතූරනුත් මැද
හැමවිටම මරණය - සිදු නො වන්නට හේතූ නො යෙදේ.
887. තූළ සතූරුකම රැඳි - නෑයින් සමග නරනිඳු
පියන හා හෙප්පුව - පරිදි වෙන් වෙති කල පැමිණි කල.
888. බල නැති තූළ සතූරු - කමටම යට වුනා වූ
යහ ගූණැති පවුලද - පීරි ගැ රන් මෙන් ගෙවියයි.
889. තල ඇටයෙන් අඩක් - තරමැති ඉතා සුළු වූ
තූළ සතූරු කමකින් - ගැහැට කරදර විපත් පැමිණේ.
890. එකමුතූ නැතියවුන් - සමග කරනා වාසය
විසුමක් මෙනි පැලක - නපුරු විසකූරු සපුන් සමඟින්.
90. මහතූන්ට අවමන් නො කිරීම
891. මහතූන් ගේ බලය - පහත් කොට නො සිතයි නම්
හැම රැකූමකට වැඩි - රැකෙනවුන් ගේ උසස් රැකූමයි.
892. ගරු සරු නො දක්වා - උතූමන් සමඟ හැසුරුම
හැමවිට ඔවුන් ගෙන් - විපත් පැමිණිමට හේතූ වේ.
893. වනස ඕනෑනම් - කරනුව ඔවා නො ගෙනම
මරණ ඕනෑනම් - වරද කළයුතූ බලවතූන්හට.
894. බලය නැති ඇත්තන් - දුක් දීම බලවතූනට
අත වනා යමයා - හනික කැඳවීමට සමානයි.
895. තද තෙදැති නරනිඳු - නො සිතා වහා කිපුනොත්
කෙබඳු තැන විසුවත් - ගියත් ජිවත් වීම උගහට.
896. ජිවත් විය හැකිය - දැවුනත් උදක් ගින්නෙන්
උතූමනට වරදක් - කළොත් ජිවත් විය හැකි නොවේ.
897. හැම විදියෙන් උසස් - දිවියත් මහා දනයත්
ඇතිවුව කිමද ?
පල - කිපුණි නම් ලොව උගත් උතූමන්.
898. උත්තම ගූණැත්තන් - පහත් ලෙස සලකත්නම්
එබඳු දද දන ලොව - පවුල් සමඟම යුහුව වැනසෙත්.
899. සිල්වතූන් උත්තම - තද බල ලෙසට කිපුණොත්
රජයත් පාලනය - රජ බවත් මේ සැම ම වැනසෙත්.
900. අපමණ පිටිවහල් - වන අය වෙනත් ලෙව් හි
උතූමන් කිපුණි නම් - යෙහෙන් ජීවත්වීම උගහට.
No comments:
Post a Comment